Tuesday, April 23, 2019

ගුවන් විදුලි නාට්‍යයේ ඉතිහාසය


ගුවන් විදුලිය ආරමිභක යුගයේ සිංහල ගුවන් විදුලි නාට්‍ය යනුවෙන් පැවති අංගයක් නොතිබු බව ආචාර්ය නන්දන කරුණානායකගේ හැටහය වසරක ගුවක් විදුලිය නමි ග‍්‍රන්ථයේ දැක්වේ .ඒ අවධියේ දේශිය අසන්නන් සදහා බ්‍රිතාන්‍ය ගුවන් විදුලි මධ්‍යස්ථානය මගින් ලබා ගත් ඉංශ‍්‍රිසි නාට්‍ය ප‍්‍රචාරය කරන ලදි.පළමු වැන්න වයර්ලස් ඩ‍්‍රාමා නමි විය.1948 දි නිදහස ලැබිම නිමිති කොටගෙන සිංහල නාට්‍ය කිහිපයක් ප‍්‍රචාරය විය.

1948 පෙබරවාරි 12 රාත‍්‍රි 7.30 සී.ඩි.එස් කරුණාජිවගේ ශ‍්‍රී වික‍්‍රමරාජසිංහ 

1948 පෙබරවාරි 13 රාත‍්‍රි 8.15 සී.ඒ ෆොන්සේකාගේ විජය

1948 පෙබරවාරි 21 රාත‍්‍රි 7.30 යු.ඒ.එස් පෙරේරාගේ පෘතුගීසින්ගේ පැමිණිම
 (නන්දන කරුණානායක හැට වසරක 234-235පිටු)

1950 ගණන්වල මුල් භාගයේ දේශිය පිටපත් රචකයන් හිග  බැවින් චෙකෝෆ්,මෝපසාං,ඹස්කාර් වයිල්ඩි, දොස්තොවුස්කි යන වීශ්ව ලේඛකයන්ගේ කෘති ආශ‍්‍රයෙන් නාට්‍ය රචනා කරන ලදි.ගුවන් විදුලියේ ආරමිභය කවදා සිදු වු බව නිශ්චිත වශයෙන් සදහන් කළ නොහැකිය.ඒ සමිබන්ධ ගුවන් විදුලියේ සංරක්ෂණ තොරතුරු කිසිවක් නොමැත.නිදහසින් පසු මලලසේකර සිරි අයියා නාට්‍ය කිහිපයක් ගොඩනගා ඇත.සරත් විමලවීර ,ආනන්ද සිරිසේන ගුවන් විදුලි නාට්‍ය රිතියට අනුව ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් ගොඩනගා තිබේ.එදිරිවීර සරත්චන්ද මහතාගේ බහින කලාව නමි නාට්‍යයේ තරුණ ලේඛකයා නමි කොටසකින් උපුටා ගැනිමක් නමි 

         විජයසේකර - පියන් අර ජයවර්ධන මහත්තය ඇවිලිලද

         පියන් - තාම ඇල්ල නෑ සර්

         විජේසේකර - තාම නෑ විමදාස මහත්තය ඉන්නවද

         පියන්-  ඹවි සර්

               නුතන ගුවන් විදුලියේ නාට්‍ය සංවර්ධකය වෙමින් ආ ගමනේ සුවිශේෂ පුද්ගලයෙකු ලෙස සරචිචන්ද මහතා පෙන්වා දිය හැක.එමෙන්ම නව සාහික්‍ය අංගයක් වු ගුවන් විදුලි නාට්‍ය රචනය කෙරෙහි තරුණ රචකයන්ට ආදර්ශයක් ලැබිමට හැකි මෙතුමන්ගේ කෘති දෙකක් ලෙස නෑදැයෝ සහ ගත්කරු පිස්සුව පෙන්වා දිය හැකිය.ඒකාංග ස්වරූපයෙන් වෙනස්ව කොටස් වශයෙන් නාට්‍ය ඇරඹිම මෙරට ගුවන් විදුලියේ නව පෙරළියකි.ජනයාගේ වැඩිඅවදානයට යොමු වු නාට්‍යයක් ලෙස මුවන් පැලැස්ස එසේ කොටස් වශයෙන් ඵල වු නාට්‍යයක් වේ. මුදලිනායක සෝමරත්න මුලින්ම රචනා කරන ලදි.පසුව ජෝර්ජ් වික්ටර්,ශ‍්‍රි නිමල් පද්මකුමාර රචනා කරන ලදි.මෙහි දෙබස් ඛණ්ඩයක් ලෙස

  කෝරලේ මහත්තය - ආ උඹ ආෙවි මගෙ ඛරෙක බලන්ට වෙන්ඩැ.ආ වරෙන් වරෙන් ඈදි ගනින්

  ගබන් - ලොක්ක කරකෙ බලන්ටත් ඹිනෑ කෝරලේ මහත්තයත් දැක්කේ නෑ මාසයකින් විතර කවද්ද ආෙවි

 කෝරලේ මහත්තය - මං ඇවිදිං සුමානයක් විතර වුණා

           ගෙතුලට 
           මැණිකේ 

මුවන් පැලැස්ස 93.10.04 දිනප‍්‍රචාරය වු කොටසින් 

           මෙම නාට්‍ය සදහා උපයුක්ත භාෂාව පැරණි ග‍්‍රාමිය ව්‍යවහාරය ඒ වහරේ ඇති හෘදයාංගම ලක්ෂණ නිසා හුදු හාස්‍යය ජනනය පිනිස විකට නාට්‍යයක් ලෙස ජනතාව අතරට ගියහ.ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේ බිහි වු අග‍්‍ර ගණයේ නිර්මාණයකි.ඒ අවධියේදි සමික්ෂණ වාර්තා අනුව සිවිවන ස්ථානය ලබා ගත්අතර 71 ප‍්‍රතිශතයක් ලෙස පෙන්වා දියහැකිය.

(ගුවන් විදුලි නාට්‍ය පිළිබද දීපව්‍යාප්ත සමික්ෂණ කොළඹ ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව 1987 11 පිටුව)

                ගුවන් විදුලි නාට්‍යයේ සුවිශේෂ අවස්ථාවක් ලෙස සුගතපාල ද සිල්වා ගේ රගමඩල පෙන්වා දියහැකිය.මෙහි පවතින සුවිශේෂත්වය වන්නේ කොටස් වශයෙන් හෝ කථාන්දරයක් දෙබසකට පෙරලිමක් නොෙවි ජිවිතයට ආදර්ශයක් එක් කරන වින්දනයේ ඉහළම තලයකට රසිකයා ගෙන ඒම මොහුගේ නාට්‍ය වල දැකිය හැක.ඒ අනුව ගුවන් විදුලි රගමඩල මගින් ප‍්‍රචාරය වු මුල් නාට්‍යයක් ලෙස ජී.වික්ටර් මිගෙල් ගේ කලිසෙමි වැරුද්දක් නමි නාට්‍යයයි. 1952-11-22 දා ප‍්‍රචාරය වු මෙහි සාරංශය නමි එක්තරා කාර්යාලීය ලිපිකරුවෙකු පියෙක් අසරණව සිය පුත‍්‍රයා තමාටත් බිරිදවත් නොසලකන බව පවසමින් එම කාර්යාලයේ ප‍්‍රධානියා වෙතටය එම ලිපිකරුවා සිය පියා හෝ මව පිළිබදව කිසිවක් කාර්යාලීය සමාජයට නො අගවයි.මධ්‍යම ප‍්‍රාන්තික හිතමිතුරන් ඇසුරෙහි ගැවසේ.
              මෙහි ගැඹුරු සමාජ අදහසක් ඉදිරිපත් නොෙවි.මතුපිටින් සදාචාරය සාරධර්ම දෙමාපිය න්ට නොසැලකිම ආදිය ඉදිරිපත් වේ .ඒ අනුව මෙම නාට්‍යයේ සිය පුතා පියාව පලවාහැරිමට යොදා ගත් භාෂාව නමි 
       තිලක - මොනවට ආවද මාව හමිබෙන්න,කවුද උඹට එන්නයි කිෙවි මෙහාට මට ලැජ්ජා කරන්නද අවේ .

    මහල්ලා -  අනේ පුතේ මට මෙහෙම වුණේ උඹ නොසැලකුවයින්නේ .

    තිලක් - මේ  උඹ කටවහගනින් හොද හිතිං සද්ද කර කර පුතේ කියන්නෙ මෙතන ඉන්න මිනිස්සුන්ට අගවලා යන්නද උඹ මගේ තාත්තායි කියල, ඈ නාකියෝ  

(පී වික්ටර් මිගල්:කලිසෙමි වැරුද්ද ගුණසේන සමාගම කොළඹ 1960 15 පිටුව) 
                එසේ ආචාර්ය සුනන්ද මහේන්ද විසින් රචනා කරන ලද මහත්තුරුන්ට උදවි කළ ගොවියා නාට්‍ය ජිවිතයේ සාමාන්‍ය සිද්ධින් පාදක කරගෙන ඇත.එක්තරා නුගත් ගොවියෙක් රජයේ කාර්යාලයකට ගොඩ වේ .එහි මුලාරමිභය මෙසේය 

  පියන් - ඔහේට කවුරු හමිබවෙන්නද ඹිනෑ

 ගොවියා - නෑ මං මේ  බැලූෙවි මේ  කන්තෝරුෙවි මහත්තුරු කා එක්ක හරි කතා කරන්න 

  පියන් - හරි හරි කොයි මහත්තැයටද කතා කරන්නේ ඹිනෑ

 ගොවියා - නෑ මං බැලූෙවි කවිරු හරි මහත්තැන් කෙනෙක් මේ  පැත්ත බැලූවෝත් ගිහින් කතා කරන්න

  පියන් - ඒ මහත්තුරු මේ  පැත්ත බල බලා ඉන්නේනෑ 

 ගොවියා - ඹවි ඹවි මටත් ඒක පේනව මයේ හිතේ ඊයේ මේ  පැත්තේ තොවිලයක් තියෙන්න ඇති

  පියන් - ඒ මොකද එහෙම කිවුවේ 

 ගොවියා - නෑ ඉතින් හැම මහත්තුරු කෙනෙක්ම නිදාගෙන නොවැ ඉන්නේ මට හිතුන නිදිමැරුවදෝ කියල 

(සුනන්ද මහේන්ද ගුවන් විදුලි නාට්‍ය හතක් ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව 1979 39 40 පිටු  )

              මෙම නාට්‍ය එක්තරා මොහොතක හාස්‍ය උත්පාදනය කරන අතර ඉන් සමාජයේ අඩුපාඩු පිළිබදව උපහාසාත්මක අන්දමින් ඉදිරිපත් කරයි. කෙසේ වුවද මේ  වකවානුව තුල බිහි වු නාට්‍ය ඉතිහාසයේ යමි සංදිස්ථානයක් ගෙන දෙයි.  

  2000 - 08 - 18 දින සිරස ගුවන්විදුලියේ රංග සභා වැඩසටහන
                                 
 ආරමිභය
             දුරකථනය නාද වෙයි 

    දහමිපත් - හලෝ ..... දහමිපත් හියර්......

    යාන්ත‍්‍රික කටහඩක්- මේ  කථාකරන්නේ මිස්ටර් දුර්දශාගෙ පරිගණකය

    දහමි -මොනව මොකක් කිවිවද? පරිගණකයක් කතා කරනවා ?

    පරිගණකය- ඹවි ඇයි මිස්ටර් දහමිපත්ට පුදුමද ?

No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...