Monday, April 22, 2019

සොප් ඔපෙරා නාට්‍ය කලාව



           වත්මන් සමාජයේ පුද්ගල ආකල්ප වලට බලපෑම් කිරීමට හැකි බලවත් මෙවලමක් වන්නේ සොප් ඔපෙරා ලෙස සදහන් කර හැකිය. එය වත්මන් දේශපාලන ප්‍රචාරණයට වඩා බලවත්වේ. සොප් ඔපෙරාවල ඓතිහාසික පසුබිම ආරම්භ වන්නේ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය මාධ්‍ය කේන්ද්‍ර කරගෙනය. ඔපෙරාව යනු බටහිර ඉපැරණි ගායනා හා රංගනයෙන් සැදී කාලා සම්ප්‍රදායක් වේ. සබන් නිෂ්පාදකයන්ගේ මැදිහත් වීමෙන් මාධ්‍ය ක්ෂ්ත්‍රයට පැමිණි මෙම කලා අංශය සොප් ඔපෙරා නමින් හදුන්වනු ලැබේ. 1978 විනාඩි 15 කොටස් වලින් යුත් Amos N Andy පළමු රේඩියෝ සොප් ඔපෙරාව ලෙස හදුන්වන ලදී .මෙම කලාව ව්‍යාප්තියේ ලා ප්‍රොක්ටර් සහ ගැම්බල් සබන් සමාගම මුලික විය.

සොප් ඔපෙරාවේ ඇති වාණිජ ලක්ෂණ 03ක් ජේමිස් එච් විටිටබෝල්ස් විසින් හදුන්වා දෙන ලදී. ඒ අනුව
  • ·         නිෂ්පාදනය කිරීමට වැය වන පිරි වැය අඩු වීම
  • ·         ග්‍රාහකයන් රදවා තබා ගැනීමට ඇති ඉහල හැකියාව
  • ·         මාධ්‍ය ආයතන සදහා වෙනත් වැඩසටන් වලට සාපේක්ෂ ලාභදායී වීම


         සොප් ඔපෙරා ප්‍රවණතාවයේ දී ඇමරිකානු නිෂ්පාදකයන් හමුවන්නේ උද්වේගකර භාවාතිශය නාට්‍ය ලෙසයි. මෙහිදී අධියතාර්ථය රීතියකින් සමාජ සංසිද්ධීන් නිරුපනය කෙරේ. එහෙත් බ්‍රිතාන්‍ය සොප් ඔපෙරාවල ලක්ෂණ වන්නේ යථාර්ථවත් ස්භාවයයි එහිදී සමාජයේ සංසිද්ධ්යක් කතන්දරයක් ලෙස හමු වේ. ඔස්ට්‍රේලියාවේ සොප් ඔපෙරා බ්‍රිතාන්‍යයෙත් , ඇමරිකාවෙත් යතාර්ථවත් හා භාවතිය ලක්ෂණ දෙක සහිත නගරාසන්න සමාජ ජිවිත හසුකර ගත් ලෙස හැදින්වේ. ටෙලි නාට්‍ය යන යෙදුම භාවිත වන්නේ ආසියානු කලාපයේය. සොප් ඔපෙරා නාට්‍ය ලක්ෂණ වලින් බහුල  නොවන නාට්‍ය විශේෂයකි .මෙහි මුල් තැන ලැබෙන්නේ අඛයානයට හා එකාකෘතියටය. ඒවා ප්‍රබල නාට්‍ය ම ගුණාංග නොවේ. මෙම නාට්‍ය සදහා ටෙලි නාට්‍ය යන නම වෙනුවට ටෙලි කතා උචිත වේ .ඇතමුන් සොප් ඔපෙරා නාට්‍ය සදහා මෙගා නාට්‍ය ලෙස අනුවර්තනය කරණු ලැබේ. මෙගා යනු විශිෂ්ඨ දැවන්ත යන අරුත ගෙන දුන්නද සොප් ඔපෙරා කතාවේ දිග පමණක් රැදී පවති. මෙය බීම සමාගම් මුල් වී ගොඩනැගුනු නම් වේ . බ්‍රසීලය මැක්ෂිකෝව දෙසින් ටෙලි නවලා ලෙස ආරම්භ විය.

    සොප් ඔපෙරා වර්ගීකරණය විමසන විට භාවාතිශය නාට්‍ය තුල සදාචාරාත්මක් ප්‍රබල හැගීම්  කාන්තා දිශානතිය නොසිතු ලෙස අහබු සිදුවීම්, උද්වේගකර නාට්‍ය මගින් දැක ගත හැකි වේ. මෙහි අනික් ශෝනරය වන්නේ සාහිත්‍යය ප්‍රේමවෘතාන්තය මෙවැනි කතාන්දරවල සරල චරිත කාන්තා දිශානතිය හා කොටස් ආඛ්‍යානය දක්නට ලැබේ .සොප් ඔපෙරාවන්හි තාක්ෂණික පිටපත හැගීම්බර පැටලිලි හා උච්චස්තනවලින් යුක්ත වේ. මෙහි පැටලිලි යනුවෙන් අර්ථවන්නේ පවුල් අතර ආදරය ගැටුම් වේ. උච්චස්ථානටය වහා වහා නැගෙන වැටෙන අඛයානයයි. කුතුහලය දනවන ඊලගට කුමක් වේද යන්න සිත් තුළ ඇති කරයි. එය නරබන්නා සොප් ඔපෙරා කෙරෙහි ඇද බැද තබා ගැනීමට හේතු වේ. මෙහි අනික් ලක්ෂණය වන්නේ කතා වස්තුව ප්‍රසාරණය වීමයි. මෙහි ඇත්තේ එක් කතාවක් නොවේ කතා ගණනාවකින් යුක්ත වේ .සාමානයෙන් සොප් ඔපෙරාවේ කතා හතරක් සමාන්තරව ගලා යනු ලැබේ .අතුරු කතා මගින් සංකීර්ණ සම්බන්ධතා සමුහයත් නරබන්නා ඉදිරියේ තබයි. රේඛිය කතා වස්තුන් භ්‍රමණය කිරීමයි විවිධ දෙසට කර කැවෙමින් කතාව ගොඩ නැගිමයි.

      සොප් ඔපෙරාවල සතුටින් පිරි අවසානයක් හෝ පරමාදර්ශී චරිත දක්නට නොලැබේ. බ්‍රිතාන්‍ය සොප් ඔපෙරා අඛ්‍යාන සමාජයේ ස්වභාවිකත්වය සමග බැදුණු සමකාලින සමාජ කරුණු පදනම් කොටගත් රීතියකින් යුක්තය. එසේම ඒවායේ නාට්‍යමය ලක්ෂණ වැඩිය එම නිසා ඒවායේ නරබන්නාට බොහෝ දේ උගන්වන්නට උත්සහ ගනී .එයද ඉටු කරනුයේ සදාචාරාත්මක සංත්‍රාසයකිනි. එම නිසා ඒවා ගෘහණියන්ගේ ආකර්ශනිය රදා පවතී චරිත ඉතාම ආකර්ශනීය වේ. තේමාව හා චරිත අතර ගලා යෑම සහිත නිරවුල් කතා මාලා ඉදිරිපත් කිරීම රටාවක් මේවයේ දක්නට ලැබේ . විනෝදය තොරතුරු හා සමාජ අදහස් ආකාල්ප යන ආදී මෙම නාට්‍ය තුළින් දක්නට ලැබේ .

           සාමානයෙන් සොප් ඔපෙරාවල ආදරය,ගැටුම,රහස්‍ය බව බහුලව දක්නට ලැබේ. ඒ ඔස්සේ ගොඩනැගෙන චරිත එකාකෘත වේ. සුදු ,කළු, හොද , නරක ලෙස චරිත කූට සහාසික කමින් යුක්ත වේ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම ඉතා සියුම් මානුෂිය ප්‍රශ්න හමුවේ ඔවුන් ඒ ආකාරයෙන් හැසිරේ. සොප් ඔපෙරාව තුළ පිඩාවෙන් ජිවත්වන චරිත දක්නට ලැබේ. සොප් ඔපෙරාවේ හමුවන චරිතයක් වන්නේ විචිත්‍රා භූත වීරයන් ස්වාභාවිකත්වය ඉක්මවූ අධි යථාර්ථවත් ලක්ෂණ විදහාපාන මොවුන් ඉතා අකාර්ශනිය චරිත වේ. එසේම අනුකම්පා විරහිත සහිකත්වයක්ද වේ. ප්‍රචණ්ඩත්වය මුලික කොට හැසිරෙන ඔවුන් විකෘති සමාජ ක්‍රියා නරබන්නා හමුවේ තබයි. 

           සොප් ඔපෙරා ආඛ්‍යානය තුළ පොදු ලක්ෂණ වන්නේ බලය පිරිමි පක්ෂය තුළ පවතින බව ගෙන හැර දක්වයි. ආධිපත්‍ය,ආක්‍රමණශීලිත්වය,තාක්ෂණය යනාදිය නරබන්නාගේ ආකර්ෂණියත්වය දිනාගැනීමට සමත් වේ. විවාහ සම්බන්ධතා, ආදර බස්, දික්කසාද ,මරණ, අතුරුදහන්වීම්, විවිධ උත්සව මෙම පොදු ලක්ෂණ දක්නට ලැබේ.මෙහි ප්‍රධානම ලක්ෂණය වන්නේ ඕපාදුප ගබඩාවක් ලෙස පෙනී සිටි.

         සොප් ඔපෙරා වල හමුවන චරිත රගපෑම යනු කථනයයි. රංගනයට වඩා මෙහි දෙබස් කථනයට ඇත්තේ විශාල පසුබිමක් වේ. මනෝ මුලික වීරයන් මෙහි ඇත. ඇතැම් විට ඔවුන් ප්‍රේමවන්ත වීරයන් වේ. හාස්‍ය උත්පාදන විරයන්ද දක්නට ලැබේ .දුෂ්ට චරිත ඇති අතර ගැටුම්  හටගනී. ඇතැම් විට කාන්තාව මෙම ගැටුම් ඉවසා දරා සිටිනු අතර ඇතැම් අවස්ථාවලදී   දුක දිනා ගැනීමට සටන් කරණු ලැබේ.
·         මේ ආදරය - ඉෂිත
·         සප්න්නා - සප්න්නා
·         ප්‍රේම දඩයම - ශිවන්නයා
·         ප්‍රවීනා - ප්‍රවීනා   එවැනි චරිත කිහිපයකි.


     සොප් ඔපෙරාව නැරබීම යනු සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ. කතාවේ මුල සිට අග දක්වා හෝ එක් කොටසක සමස්ථය නැරබීමට අවශ්‍ය නොවේ. එක ආඛ්‍යාන රේඛාවක් නොමැති වීම නිසා නරබන්නාට ඕනෑම අවස්ථාවකදී සොප් ඔපෙරාවට සම්බන්ධ විය හැකිය. යම් සිදුවීමක් හෝ කොටසක් හෝ මගහැරුණ ද කතාව තේරුම් ගැනීමට හෝ අග මැද නැරබුවද එය තේරුම් ගැනීමට බාධාවක් නොවේ. බටහිර රටවල සොප් ඔපෙරාවල බමුණු කුල දෘෂ්ටිය නිතර දක්නට ලැබෙන බව විචාරක මතයයි .ඉහළ තලයේ මානය දැක්වෙන චරිත ඔස්සේ මෙම දෘෂ්ටිය ඉදිරිපත් කෙරේ.ලෝකයේ සොප් ඔපෙරා නරබන්නන්ගෙන් 80% කාන්තාවන් සොප් ඔපෙරා නරබනු ලබයි. විශේෂයෙන්  නිවසේ සිටින වැඩිහිටි කාන්තාවන් හා රුකියා නොකරන ගෘහණියන්ය ප්‍රධාන වේ .

  

 සොප් ඔපෙරාවේ මනෝවිද්‍යාත්මක පදනම ඉතා බලවත් ය. මනෝ විද්‍යාත්මක යතාර්ථයේ පරාවර්තනයක් සොප් ඔපෙරා අඛ්‍යානයක පවතින බව හදුනා ගත හැකිය. යතාර්ථයෙන් දුරස්ථ වූ මනෝ දෘෂ්ටි රාජ්‍යකි .ඇතමුන් බ්‍රිතාන්‍ය සොප් ඔපෙරාව ඇමරිකාවේ සොප් ඔපෙරාවන්ට වඩා යතාර්ථවත් බව ඇතමුන් සදහන් කරන ලදී එසේ වුවද සොප් ඔපෙරාවේ යතාර්ථය විකෘති වේ.සොප් ඔපෙරාව මධ්‍යම පන්තික සමාජ පුරුද්දකි. බටහිර සොප් ඔපෙරාව පුරුෂාධිපත්‍යය ගොඩ නගයි. පුරුෂ කේන්ද්‍රීය ආඛ්‍යානය බොහෝ වේ. කතෝලික පුජාව හා සදාචාර විධාන සේවාන් යනාදිය බටහිර බොහෝ සොප් ඔපෙරා වල දැකිය හැකිය. කර්කෂ ඇදුම් හා වංශ වත් ඇදුම් ඇදගත් පොදු සමාජයේ නො හැසිරෙන චරිත සොප් ඔපෙරාවල හමුවේ. මේ මගින් නැවතත් පන්ති ස්භාවය ඉදිරිපත් කරණු ලැබේ. 



   භාෂාවෙන් සමාජ භාවිතයෙන් සොප් ඔපෙරා චරිත මධ්‍යම පන්තිය නැවත කුල වද්දීමක් ලෙස ඇතැම් විචාරකයන් සදහන් කරන ලදී. ඒ මගින් වාර්ගිකත්වය නැවත ඇති කිරීමත් දෘශ්‍යමාන වේ. විශේෂයෙන්ම සුදු ආධිපත්‍යය බලය බටහිර රටවල සොප් ඔපෙරා වල ගම්‍ය වේ. එහිදී කළු මිනිසුන් සාපරාධි මිනිසුන් ලෙස ලිංගික වහලුන් ලෙස නිරුපණය කෙරේ. කොරනේෂන් ස්ට්‍රීට්, ලුස්ටේන්බර් ඩලාස්, ඇන්ඩ්නෙබර්ස් වැනි සොප් ඔපෙරා චරිත කිහිපයක් වේ

      ඇතැම් විචාරකයෝ බටහිර සොප් ඔපෙරාව නරුමවාදී ලෙස විවේචනය කරණු ලැබේ. අම්බොටෝ එකෝ පවසන්නේ සොප් ඔපෙරාව නව පුරාතනවාදී නිෂ්පාදනයක් බවයි. විශේෂයෙන් ඉන් විවේචනය වන්නේ නුතන දැනුමට හා සමාජ සම්බන්දතාවලට සහය නොවන සම්මුතික අඛයානයක් ඔස්සේ සොප් ඔපෙරා ගොඩනැගෙන බවයි .





හංසිකා රුවන්ති 

No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...