මහජන සම්බන්ධතාවේ ඉතිහාසය මානව ඉතිහාසයේ ඈතට දිව යයි.ඉතා නොදියුණු ප‍්‍රාථමික වනචාරි ග්‍රෝත‍්‍රවල පවා සිය මහජන සම්බන්ධතා ක‍්‍රියාදාමය පවත්වාගෙන යෑම සදහා කිසියම් නොසියුණු ක‍්‍රමයක් හෝ පවත්වාගෙන ගොස් ඇත.වනචාරි ග්‍රෝත‍්‍රවල නායකයා පත් වුයේ කායික ශක්තියෙන් මිස බුද්ධි ශක්තියෙන් ප‍්‍රබලයෙකු නොවේ. විශේෂයෙන්ම මෙම ජනතාව සිය නායකයාගේ අදහස් ඉවසිය යුතු වේ.මෙම අදහස් මතවාද අණපනත් වලට පටහැනිව ක‍්‍රියා කර අයට මරණිය දණ්ඩනය ක‍්‍රියාත්මක විය.බර්ටඩ් රසල් සිය wisdom of the west නමැති කෘතියෙහි මේ පිළිබදව අදහස් දකවමින් ඉපැරණි ග්‍රෝත‍්‍රික නායකයන් තමන්ට පටහැනිව කිසිවකු මතයක් පළ කළහොත් ග්‍රෝත‍්‍රික නායකයන් විසින් ඔවුන් ඝාතනය කරනු දමනු ලැබු බවත් ඔවුන් ඝාතනය කර පසු විරුද්ධ මතයක්ද නොමැති හෙයින් ගැටලූ එයින් නිරාකරණය වෙනු ඇතැයි ඔවුන් සිතු බවත් ප‍්‍රකාශකර ඇත.
මෙම ග්‍රෝත‍්‍රික සමාජ මහජන සමිබන්ධතාවේ ඉතිහාසය හැදැරිමේ දි මුල සාධක ලෙස සාකච්ඡා කර හැකි අතර ක‍්‍රමක් ක‍්‍රමයෙන් මානව ශිෂ්ටාචාරය දියුණුවත්ම මහජන සමිබන්ධතා ක‍්‍රියාවලියෙහි මුලික ස්වරූපය හදුනාගත හැකි වේ.වඩාත් විද්‍යාත්මක පදනමක් යටතේ මහජන සමිබන්ධතාව ගොඩනැගෙන ආකාරය පිළිබද අතිත අධ්‍යනයක් දැකගත හැක්කේ අල්ප වශයෙනි. ඒ අතර 1952 දි එඩිවඩි.එල් බර්නිස් විසින් රචිත public relations නැමති කෘතියේ වඩාත් කැපි පෙනෙන සාධකයක් ලෙස පෙන්වා දිය හැකිය. බර්නිස්ට අමතරව IVY LEE ද මහජන සමිබන්ධතාව පිළිබද පුඵල් අධ්‍යනයක් සිදු කර පුද්ගලයෙකු ලෙස පෙන්වා දිය හැකිය.
බර්ටඩ් රසල්ට අමතරව මෙම දෙදනාගේ අධ්‍යනය තුළින් ද පැහැදිළි වන්නේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මහජන සමිබන්ධතාවේ මුලික ලක්ෂණ තිබු බවයි.මොවුන් දෙදෙනා පෙන්වා දෙන පරිදි ග්‍රෝත‍්‍රික නායකයා තුල අත්තනෝමතික පාලන ක‍්‍රමයක් තිබු බවත් ඒ නිසාම ජනතාවට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරිමට වැඩි ඉඩක් නොතිබුණු බවත් පැහැදිලිව දැක ගත හැකිය එහෙත් ජනතාව හා පාලකයා අතර විවෘර්ත සංවාදයක් නොතිබු අතර යමිතාක් දුරකට මහජන සමිබන්ධතාව පැවතියහ.
පැරණි සමාජයේ විවිධ ජන කණ්ඩායමි පිළිබදව අධ්‍යනය කරන විට සිය අදහස් මහජනයා වෙත ලගා කර දිමත් මහජනයාගේ අදහස් තමා වෙත ලගා කර ගැනිමටත් එමෙන්ම විශේෂ අවස්ථාවල නිතිමය උපදෙස් ලබා ගැනිමටත් අදාලව නිලධාරින් පිරිසක් පත්කරගෙන සිටින බව මහජන සමිබන්ධතාවේ ඉතිහාසය හැදැරිෙවි දි පැහැදිලි වේ .ඔවුන් Talking chiefතෝල්ක යන නමින් හැදින් වේ .මහජන සමිබන්ධතා ඉතිහාසයේ ආදිතම නිලධාරින් ලෙසද මොවුන් හදුන්වා දිය හැකිය.මානව සමාජය දියුණුවත්ම තෝල්කයින්ගේ කාර්යභාරය ප‍්‍රමාණවත් නොවු අතර විවිධ අඩු පාඩු කමිවලින්ද යුක්ත විය එම නිසා මෙම කණ්ඩායෙමි කටයුතු විෙවිචනයට ලක්විය. එහෙත් මහජන සමිබන්ධතා ක‍්‍රියාදාමය මානව සමාජය තුළ අනිවාර්ය අංගයක් විය.එම නිසා තෝල්කයින් මගින් අපේක්ෂිත සේවාව ලබා ගත නොහැකි වු නිසා වඩාත් විද්‍යාත්මක පදනමකින් වර්ධනය වු පුද්ගලයන්ගේ අවශ්‍යතාවය දැනෙන්නට විය.
පැරණි මිසර සමාජයේ මහජන සමිබන්ධතා නිලධාරියා ලෙස කටයුතු කරන ලද්දේ පාරාවෝවරුන්ය.ඔවුන් පාලන ත‍්‍රන්ත‍්‍රය පිළිබද ජනතාවට කරණු ඉදිරිපත් කරනු ලැබුෙවි සරීබ් නමි වු පුජක පිරිස විසිනි.මෙම පුජක පිරිස ලේඛන කලාවේ දක්ෂයෝ වු අතර බුද්ධිමත් පිරිසක් ලෙස ගරු බුහුමන් ලබා ඇත.
- රජුගේ අණපනත් පිටපත් කිරිම
- රජුට උපදෙස් දිම
- රජුගේ අදහස් උදහස් මහජනතාව වෙත දැනුමි දිම
මොවුන් විසින් කරණු ලැබිය. මහජනතාව හා සමිබන්ධ වන දුතයන් වශයෙන් මෙම පුජක පක්ෂය විසින් භාවිතා කළ න්‍යායක්ද තිබේ.ඒ අනුව
- So Was It Said – මහා වාහල විසින් මෙසේ වදාරන ලදි
- So Was It Written - එය ඒ අයුරින් ම ලේඛන ගත කරන ලදි
- So Shall It Done - එය ඒ අයුරින්ම ක‍්‍රියාත්මක විය යුතුය
මෙම න්‍යාය විශ්ලේෂණය කිරිමේදි පැහැදිලි වන්නේ මෙහි ද්විමාර්ගික සන්නිවේදන රටාවක් දක්නට නොලැබෙන බවයි.රජුගේ අදහස් උදහස් ජනතාව වෙත ඉදිරිපත් වුවා විනා ජනතාවගේ අදහස් රජු වෙත ඉදිරිපත් නොවිය.මෙමගින් පුර්ණ මහජන සමිබන්ධතා ක‍්‍රියාවලියක් සිදු වු බව සැක සහිතය.
බර්නීස් සදහන් කරන අන්දමට මෙය පුජකවරු මහජන සම්බන්ධතා කාර්යයෙහිලා අති දක්ෂයෝ වුහ.ඔවුන් මහජන මතය සංවිධානය කිරිමටත්ර,ජයේ නිතිරිති කෙරෙහි පොළඔවා ගැනීමටත් ප‍්‍රවීණයෝ වුහ. පුජක පක්ෂයේ ඇති මෘදුබව මහජන සමිබන්ධතා කාර්යයේදි මහජනතා වට වැඩි වාසි ගෙන දුන් බව පෙනෙයි. එහෙත් නියම ආකාරයෙන් මහජන සමිබන්ධතා කාර්ය සිදු වු බවක් නොපෙනෙයි.මෙහි දි මහජන සමිබන්ධතා ක‍්‍රියාවලියෙහි සාර්ථකත්වය 30% ඉක්මවා නොගිය බව පැහැදිලි වේ .
බර්නිස් සිය කෘතියේ දක්වන පරිදි පුරාණ මිසර පුජකවරුන් මහජන මතය සංවිධානය කිරිමෙහි මෙන්ම පොළඔවා ගැනීමේ දි දක්ෂයෝ වුහ .එසේ වුවද ආදි මිසර සංස්කෘතිය තුළ යමි ආකාරයක පිඩනයක්ද ජනතාව තුළ තිබු බව පැහැදිලි වේ.සාමාන්‍ය ජනතාව විසින් ලියන ලද වාර්තා වල රජයේ නිලධාරින්ගේ යමි යමි අකටයුතුකමි පිළිබදව කරුණු අනාවරණය කර ඇත.රාජ්‍ය පාලන ක‍්‍රමය හා බැදුණු සමිබන්ධතාවයක්ද රාජ්‍ය අණ පනත් යමි විටෙක බාධාවක් වු බැවින් මහජන මතය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමටද ඇතැමි අවස්ථාවලදි සිදු වි ඇත. ඒ නිසා මහජන සමිබන්ධතාවේ මුලික ලක්ෂණ මෙම සමිබන්ධතාවලදි ගිලිහි ඇති බව පැහැදිලි කරුණකි .
පාරාවෝ පුජක කණ්ඩායමට පසුව තවත් පුජක කණ්ඩායමක් මහජන සමිබන්ධතා නිලධාරියාගේ ස්වරූපය සහිතව කටයුතු කර ආකාරය පුරාණ ඊශ‍්‍රායල පාලනය තුළද දැකගත හැකිය. ඊශ‍්‍රායල පාලකයින් විසින් තමන් සහ ජනතාව අතර සමිබන්ධතා වර්ධනය කර ගැනිම සදහා භාවිතයට ගත් මෙම පුජක පිරිස පොපස් නමින් හදුන්වනු ලැබිය. මෙම පුජක පිරිසද ඊශ‍්‍රායල ජනතාව අතර වඩාත් ජනප‍්‍රියත්වයට පත්ව සිටි කණ්ඩායමක් විය.මෙම ජනප‍්‍රියත්වය නිසාම පාලන පක්ෂ සහ ජනතාව අතර සමිබන්ධතා ගොඩනැගිමට පහසු වි ඇත. ඵලදායි ලෙස දෙපාර්ශවය අතර සමිබන්ධතා තහවුරු කර ගැනිම සදහා මෙම කණ්ඩායමි කටයුතු කර බව media නමි සගරාවට ලිපියක් ලියමින් මාර්ටින් ටේලර් පවසා ඇත. ඔහු ප‍්‍රකාශ කරන පරිදි 1641 දි හාවර්ඩි කොලිජය ආධාර ලබා ගැනිම සදහා එංගලන්තයේ සිදු කළ දුත මෙහෙවර මුල්ම මහජන සමිබන්ධතා ක‍්‍රියාවලිය ලෙස හදුනාගත හැකිය.
ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ යුරෝපයේ රටවලද මහජන සමිබන්ධතා නිලධාරියාගේ ස්වරූපය ගත් පුද්ගලයින් එම ක‍්‍රියාවලිය තුළින්ම බිහි වු බවය. ඊශ‍්‍රායල පාලනය තුළ සිටි පොපස් නැමැති පුජක පිරිස පරාවෝ පෙළපත හා සමිබන්ධව සිටි සරිෆ් නැමති ජුජක පිරිසට වඩා මෙම ක‍්‍රියාවලියෙහි ප‍්‍රවීණයෝ වුහ.මේ අනුව පෙනි යන්නේ පුජකවරුන් මහජන සමිබන්ධතා ක‍්‍රියාවලියට යොදා ගැනිමෙන් එම ක‍්‍රියාවලිය යමිතාක් දුරකට සාර්ථක වු බවය.මෙම ක‍්‍රියාවලිය අසාර්ථක වුවානමි එයට ප‍්‍රධාන හේතුව වන්නේ පාලක පක්ෂය තුළ පැවැති දැඩි ප‍්‍රතිපත්තින්ය.
18 වන සිය වසේ යුරෝපයේ රටවල ද publisist නමින් මහජන සමිබන්ධතා කාර්යය මෙහෙය වු පිරිසක් සිටි බව media නමි සගරාව තව දුරටත් ප‍්‍රකාශ කරයි. මහජනයා අතර පවතින ආරවුල් මෙන්ම විරෝධතා ද,දේපළ මෙන්ම මානව අයිතිවාසිකමිද,විනිශ්චය කිරිම සදහාද එංගලන්ත යේ lord chancelor නමින් අමාත්‍යවරයෙක් රජු විසින් පත් කර ඇත. ජනතාව හා රජු අතර සමිබන්ධතාව ගොඩ නගා ගැනිම තුළින් රජය අපේක්ෂා කරේ බාහිර සාධක වලින් තොරව රාජ්‍ය කරගෙන යාම සහ ජනතා සේවයක් කිරිමය. මේ අනුව පැරණි ග්‍රෝතික සමාජ පද්ධතිය තුළ දක්නට ලැබුණු Talking chief තෝල්ක නැමති පිරිස තුළ ද, මිසරයේ පාරාවෝ පෙළපත භාවිතා කර SARIBE නම් පුජක පිරිස තුළද පුරාණ ඊශ‍්‍රායල පාලනය තුළද දැකගත හැකිය. prophets නමි පුජක කණ්ඩායමද 18 වන සියවසේ යුරෝපයේ රටවල ද publisist නමි වු පුජක කණ්ඩායම තුළද මහජන සමිබන්ධතා නිලධාරියා පිළිබද මුලික අඩිතාලම වැටි තිබුණි.
No comments:
Post a Comment