Tuesday, May 7, 2019

බලි ශාන්තිකර්ම



බලි (bali) යන පදය නව බ්‍රිටනිකා විශ්වකෝෂය සදහන් වන්නේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපත හා බටහිර බෙංගාල රාජ්‍යයේ හො(ව්)රා දිස්ත්‍රික්කයේ පිහිටි බාලි නගරයක් පිළිබද පමණි.හින්දු පුරාණෝක්ති හා දේව පුරාණ සංග්‍රහවලද බලි,මහාබලි,බාලි යන අර්ථකථනය කර ඇත.එහෙත් මේ පිළිබද බලි යාගයට ඉගියක් නොලැබෙන අතර භාරතීය සමාජ සංස්කෘතික ඉතිහාසය තුළ බලි යන වචනය සදහා නොයෙක් අර්ථකථන ලබා දී ඇත.

“බලි” යනු සිංහලයේ සේම සංස්කෘත,පාලි සහ ප්‍රාකෘත  යන භාෂාවල එකම අරුතක් යෙදෙන වචනයක් ලෙස මේ සම්බන්ධ වඩාත් වැදගත් ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කර ඇති මහාචාර්ය විනී විතාරණ දක්වයි.එම අරුත නම් දේව යක්ෂාදින්ට දෙනු ලබන පිදෙන්න,යය   සහ ශාන්තිකර්මය සදහා අඔන රූප යනුය.වෙදික සාහිත්‍යයේ මෙන්ම පාලි සාහිත්‍යයේ ද බලි යන පදය පුජාර්ථයෙන් ව්‍යවහාර වී ඇති ආකාරය හදුනාගත හැකිය. “බලි” යන පදය ප්‍රාග් බෞද්ධ හා සමකාලින වෙදික හා බ්‍රාහ්මණික ව්‍යවහාරයන්ගෙන් සංස්කෘත හා පාලි සාහිත්‍ය තුලට ඇතුල් වූ බව විද්වත් මතය වේ.

බලි - බිලි යනුවෙන් සිංහලයේ එන වචන ගැළපීමේ ස්වර වේ.“බිලි”යන වහර සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ නොයෙක් තැන්වල යෙදේ.බිලි යනු යක්ෂාදින්ට වෙත කැප කරණු ලබන පිදෙන්නක් විශේෂයෙන් ප්‍රාණයෙන් යුක්ත පිදෙන්නෙක් වෙයි. බිලි යනු බලියාගය හෝ බලි රුපය හෝ නොවේ. බලි යන පදයට අර්ථ නිරුපණ 5ක් ඉදිරිපත් කිරීමට සිරි ලියනගේ මහතා සමත්ව ඇත.(ජනශ්‍රැති ශබ්ද කෝෂය )

බලි   -               -  මෝඩ, බාල
            -     බලවත්, බලය ඇති, ශක්තිමත්
            -     විශාල, මහත්
         -  දේව යක්ෂ ප්‍රේතාදින්ට පිරිනමන පූජා,යක්ෂ    ප්‍රේතාදින්ට කරන ශාන්ති කර්ම තොවිල් ආදිය
            -      බද්ද,කප්පම,දීමනාව

බලි ශාන්තිකර්මය වටහා ගැනීමේ දී ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය බලි යන වචනයට අර්ථ කිහිපයක් ම සපයා ඇත.
දේව යක්ෂාදින්ට දෙන පිදේනි
බිල්ල,භූත යාගය
ග්‍රහ අපල දුරුවීම් ආදිය සදහා කරන ශාන්තිකර්මයක් එම ශාන්තිකර්මය සදහා අඔන රූපය

බලි නමැති අසුර රාජයකු ගැන ද කියවේ. එහි දක්වන ආකාරයට
බලි ඇදුරු,බලි ඇරීම්, බලි කර්මාන්ත, බලි ක්‍රියා, බලි තිබීම් යන පර්යාය වදන් කිහිපයක් හමුවේ.

විශේෂයෙන් එහි එන “බලි කුඩම්” යනු ජයවර්ධනපුර කෝට්ටේ මාලිගාවේ “බලිබෙත් බලිකුඩම් වැඩ සිටි” යන හැදින්විමෙන් දක්වා ඇත්තේ බලි ශාන්තිකර්ම පවත්වන ස්ථාන වශයෙන්ය.

බලි යන්නෙහි විකාශනය පිළිබද විග්‍රහාත්මක ඓතිහාසිකව විස්තරයක් බන්දුල ජයවර්ධන මහතා බෞද්ධ විශ්ව කෝෂයට සපයා තිබේ.සෘග් වේදයේ රජුට දෙන තෑග්ගක් යන අර්ථයෙන් ද,දෙවියන්ට කරණු ලබන පුජාවක් යන අර්ථයෙන් ද බලි යන පදය යෙදී ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පෙන්වා දේ, පශ්චාත් කාලින බ්‍රාහ්මණ උපනිෂද් හා සුත්‍ර සාහිත්‍යයෙදී මුල් බෞද්ධ සාහිත්‍යයෙදී මෙකි අර්ථ දෙකින් ම බලි යන පදය ව්‍යවහාර ව ඇත.( කාරියවසම් 1986:13)

නරවරයාට දෙනු ලබන ත්‍යාගයක් හැටියට බලි යන පදය දිස නිකායෙහි දක්වා ඇත.බලි යන්න සමග “දණ්ඩ” යන පදය ද එකට යෙදී තිබෙන ආකාරය “කුළාවක ජාතකයේ” ද “මහා සුපින ජාතකයේ ද”,ධම්ම පදට් කථාවේ ද දණ්ඩ බලි යන්නෙන් යෙදී තිබීමෙන් පෙනේ.

බලි ලබන පුද්ගලයන් අනුව අංගුත්තර නිකායෙහි පංච බලි වර්ගීකරණය දක්වා ඇත.

·      බලි නෑයන්ට දෙන පිදවිලි
·      අත්ති බලි ආගන්තුකයන්ට දෙන පිදිවිලි
·      පේත හෝ පුබ්බ පේත බලි මළගිය අයට දෙන පිදිවිලි
·      රාජ බලි රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදිවිලි
·      දේව බලි දෙවියන්ට දෙන පිදිවිලි

බලි පුජාව සදහා යොදා ගන්නා වර්ණ

වර්ණය හා සංකේතයක් යන අංශ දෙකෙන්ම භාවිතයට ගත හැකිය වර්ණ ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ප්‍රධාන වර්ණ වලින් අනෙක් වර්ණ සකස් කරන ගනු ලැබේ.බලි ඇදුරන් විසින් වර්ණ සාදාගනු ලබන්නේ අවටින් සොයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරයි.

·      කොළ - මිදෙල්ල මැකරල්
·      කහ - සමර
·      රතු - රට කහ, සිමෙන්ති,ගුරුගල්
·      කළු - බැටරි කුඩු, පොල් කටු අගුරු කුඩු පැණියෙන් දියකොට
·      සුදු - හුණු

වර්ණ සංජානනය වීම කරුණු කිහිපයකින් පෙන්වා දිය හැකිය.

·      ආලෝකය
·      දුර   
·      වස්තුවේ ප්‍රමාණය
·      වර්ණ මිශ්‍රණය

ආලෝකය නොමැති අදුරු තැනක වර්ණවල ක්‍රියාකාරිත්වයක් සිදු නොවේ.ආලෝකයේ ප්‍රමාණය අනුව වර්ණ වල දීප්තිය හා අදුරු බව රදා පවතී.බලි ශාන්තියේ දී ආතුරයා ප්‍රමුඛ ප්‍රේක්ෂක පිරිස වෙත වර්ණ සංජානනය වන්නේ අදුරු රුයක පන්දම් එළියෙන් කහ මිශ්‍රිත ආලෝකයක් තුළය.සාමාන්‍යයෙන් බලියක් පටන්ග න්නේ රාත්‍රී 9 ට පමණය.එය පසු දා පාන්දර වන තෙක්ම පවති.

දුර හා වර්ණ පිහිටීම් අතර වැදගත් කමක් පවති.බලි මඩුවේ බලියේ සිට ආතුරයා අතර නිශ්චිත දුරක් ඇත.දුර වැඩි වන විට වර්ණ වල දීප්තිය අඩු වී අදුරු පැහැයක් ගන්නා අතර,අති සමීප වූ විට වර්ණයන්ගේ නියම ප්‍රකෘතිය ගිලිහි යයි.බලියේ ප්‍රමාණය වස්තුවේ හැඩය විශාලතම වර්ණ සක්‍රිය ව දෘශමාන වීම කෙරෙහි බලපා ඇත.ත්‍රිමාණ බලි රුපයට යොදන වර්ණ සංකලනයට හාත්පස වෙනස් ලෙස රෙදි කඩක අදින බලි රූපවල වර්ණ යොදා ඇත .වස්තුවට සාපේක්ෂව වර්ණ භාවිතය වැදගත් කර ඇත.

මල් බලියේ දී ගොක් කොළවලින් හා කෙසෙල් බද පතුරුවලින් සකසා ගත් රාමුව පසුතලයේ දිස්වන්නේ එම සෞම්‍ය ලා කොළ පැහැයට වඩා තද කොළ පැහැය දිස් වන කෙසෙල් කොළ හෝ හබරල පත්‍ර ය.මල් බලියේ හැම ගැබක් තුල ම රතු කහ මල් දවටා ඇත පසුතලය තද කොළ පැහැතිය ඒ මතින් බලි ගැබෙහි ගොක් කොළ රඔ පතුරුවල ලා කහ පැහැය ආකර්ශණිය වේ.

පොල්බැ මගින් සැකසුණ පහනේ සුදු පැහැයත්,කහදිය කොතල යේ නැවුම් දුබුරු පැහැයත් ය.මේවා එකිනෙකට ගැළපෙන ලෙස යොදා ගැනීමට බලි ඇදුරා සමත්ව ඇත.මේ මගින් අපේක්ෂිත මානසික චිකිත්සාව සදහා එය සාර්ථක ආකාරයට යොදා ගෙන ඇත.මෙහි රතු කහ මලින් හා නිල් පිරිසි භාවිතයෙන් අදාළ ග්‍රහ දෙවියන් සංකේතවත් කිරීමට යොදා ගන්නා ලදී.

බලියේ ප්‍රධාන අරමුණ හා බද්ධව වර්ණ යොදා ගැනීමේදී එහි මනෝවිද්‍යාත්මක කාරණා මුල් වේ.වර්ණ සංජානනය තුළ සතුට, අසතුට හා වෙනත් හැගුම් ඒ සමග බද්ධ වේ.රතු,නිල්කොළ,දම්, කහ තද වර්ණ ලෙස ගැනේ.මේවා බලියේදී විවිධ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ලදී.රතු හෙවත් ප්‍රකෝපය දරුණු බව ප්‍රචණ්ඩත්වය වැනි හැගීම් ද,නිල් වර්ණයෙන් සාමකාමී බවද, සතුටද,කළු වර්ණයෙන් කණගාටුව වේදනාව යන ආදිය සංකේතවත් කරයි.

සුදු වර්ණය 
(පාරිශුද්ධත්වය හා සංයමය නිරුපණය කරයි)

  • පිරුවට කිල්ලෙන් මිදුණු බව
  • බලය
  • ආලෝකය
  • අවාසනාව,ශෝකය

බලි ශාන්තිකර්මයෙදී වැඩි වශයෙන් සුදු වර්ණය යොදා ගනු ලැබේ. ඇදුරෝ සුදු පිරුවට ඇද සිටි, හිසේ පළදින උරමාලය (මෙය දිගු විශාල රෙදි කඩක් ඔතා ඒ වටා රතු රන්වන් රෙදි පටියකින් අලංකරණය කොට වළල්ලක් ආකාරයට තනා හිසේ පලදා ගනී). සුදු පැහැතිය රෙදි කඩෙහි දෙපස හිසෙන් පහළට එල්ලා වැටෙන සේ සකසා ඇත.පාරිශුද්ධත්වය සහ බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවනියත්වය සුදු පැහැය සංකේතවත් කරයි.ආතුරයාවසා සිටින වහන් තරාවත්,බලිය වසා සිටින කඩ තුරවත් ඇදුරන්,බෙරවාදකයන්ගේ ආදියගේත් වස්ත්‍ර මේ සියල්ලම සුදු පැහැයට මුල් තැන දේ. සුදු පැහැය අඩ අදුරේ දී වඩා දීප්තිමත් බාවයකින් කැපී පෙනේ.පන්දන් එළියෙන් ආලෝකමත් වන බලි ශාන්ති මඩුව තුල දිස්වන සුදු වර්ණයත් ආතුරයාගේ මනස ආකර්ෂණය කරන්නකි.වර්ණය යොදා ගන්නා කාලය හා ස්භාවය සමග සැසදීමෙන් මෙය අවබෝධ කර ගත හැකිය.සුදු වර්ණ භාවිතය දේශීය සංස්කෘතික ජන විශානය කාලයක් හැදී වැඩුණු බෞද්ධ ශික්ෂණයේ පවිත්‍රත්වය සංකේතවත් කරයි.

රතු වර්ණය 
( අපිරිසිදු බව කිල්ල)

  • අන්තරාය
  • රාගය
  • ලේ
  • කිල්ල


                බලි ශාන්තියෙදී සුදු වර්ණය ළගට වැඩි වශයෙන් භාවිතා කරන වර්ණය වන්නේ රතු වර්ණයයි. දේව, රක්ෂා, යක්ෂ, පිශාචාදී අමුනුෂ්‍යයන් සංකේතවත් කිරීම සදහා රතු වර්ණය යොදා ගනු ලැබේ. බුද්ධ පුජාව සදහා රතු මලක්වත් භාවිතා නොකරන අතර බලි ශාන්තිකර්මයේ රතු වර්ණයට හිමිවන්නේ සුවිශේෂ ත්වයකි.බොහෝ ශාන්තිකර්ම අවස්ථා වල මධ්‍යම රාත්‍රිය තුළ ප්‍රබල හා අවේගවත් බෙරවාදන නර්තන ඉදිරියේ රතු රෙදි කඩක් පැළද ගනී .සුනියන් දේවතාව හා කාලි දේවතාව රතු වර්ණයෙන් සංකේත වත් කෙරේ.බලි රූපයෙහි පමණක් නොව බලි ඇදුරාගේ වස්ත්‍රාභරණ වලින් ¼ කට වඩා වැඩි වශයෙන් රතු වර්ණයෙන් යුක්ත වේ.

  • ඉණට වෙළන බද වෙළුම්
  • පිරුවටයේ දාරය
  • උරමාලයේ අලංකරණය
  • පුන නුල
  • පිදේනි සදහා දෙන කැවිලි පලතුරු ආදිය රතු පාට වේ


කළු වර්ණය 
(බිය ප්‍රතාපවත් බව නපුර)
  • නරක
  • රාගය
  • මරණය
  • දුක
  • රැය ,අදුර ,නිරය

රිරී යකා රතු පාටිනුත්, කළු යකා කළු පාටිනුත් නිරුපණය වී ඇති බව පහතරට තොවිල් හා සමයන් යාතු කර්මවල හදුනා ගත හැක. ඔවුන් වර්ණ අතින් දෙආකාර වුවත් ස්වාභාව අතින් එක සමාන ය. කළු පැහැයෙන් රක්ෂා,යක්ෂාදීන්ගේ බඩ අත් ආදිය අගපසග නිරුපණය කර ඇත.

කහ 
(පාරිශුද්ධත්වය)
  • නය
  • පින්
  • බලය

රතු සමග කහ වර්ණය එකට යොදා ගනී.කන්‍ය බලි, විස්කම් බලි ,දේව බලි ආදියෙහි කහ වර්ණය යොදා ගැනීමෙන් සංකේතවත් වන්නේ යහපතකි.පළතුරු වලද කහ වර්ණය කැපී පෙනෙන වර්ණයකි.

නිල් වර්ණය  (විෂ්ණු)
  • බලය
  • ජීවිතය
  • කරුණාව ඉවසීම

නිල් පාට බොහෝ බලි ඇබුම් කවිවල දක්නට ලැබේ.ඒ ඒ ග්‍රහයාට යක්ෂයාට අදාළ වර්ණ ඇත.හිරුගේ රුපය ඇදීය යුක්තේ කහ පාටින් සදු,සුදු පාටිනුත්,අගහරු රතු පාටිනුත් ඇඕය යුතුය. ග්‍රහ දෙවියන් හැරුණු විට නැකත් සදහා ද සංකේතවත් වර්ණ යොදා ගනු ලැබේ.අස්විද බෙරණ නැකත් සදහා රතු වර්ණයත් පුනාවස නැකත් සදහා නිල් පාට යොදා ගනී.




No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...