Sunday, September 17, 2017

අජන්තා බිතුසිතුවම් හා සිගිරි බිසිතුවම් අතර සැසදීමක්


                ඉන්දියානු චිත්‍ර කලාව ලෝකයට මවිත කල නිර්මාණයකි.භාරතීය චිත්‍ර කලාව හැදැරීමේදී අතිශයින්ම වැදගත් වන්නේ ක්‍රි .ව 1 සියවස හා ක්‍රි .ව 7 වන සියවස දක්වාවූ කාලපරිච්චේදයට අයත් අජන්තාවේ බෞද්ධ චිත්‍ර සමුහයයි.විශ්ව කීර්තියට පත්ව ඇති මේ චිත්‍ර සම්ප්‍රදාය ධර්ම දුතයන් වන්දනාකරුවන්ගේ හා චිත්‍ර ශිල්පීන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකාව,චීනය බුරුමය,ටිබෙට් හා ඇෆ්ගනිස්ථානයආදී රටවල් වල විහිදී ගොස් ඒ රටවල්වල චිත්‍ර කලාව කෙරෙහි බලපෑබව විද්වතුන් පෙන්වාදෙයි.

             
   භාරතයේ භාග් චිත්‍ර හා ක්‍රි .ව 5 වන සියවසට අයිති සිගිරි චිත්‍ර අජන්තා චිත්‍ර වලට බොහෝසේ සමාන වේ.අජන්තාවේ අංක 16 17 දරන ලෙන් විහාරවල බිතුසිතුවම් සිගිරි සිතුවම් වලට සමකාලින වේ. ඒ තුල සමාන ලක්ෂණ ගැබ්බ ඇති බව පර්සි බ්‍රවුන් සදහන් කරයි. පර්වත අභ්‍යන්තරය හාරා නිර්මාණයකරන ලද ලෙන් තුල අජන්ත චිත්‍ර ඇද තිබේ. සිගිරි සිතුවම් පර්වතය බිත්තියක බදාම අතුරා නිම කර ඇත. සිගිරි ගල් බිත්තිය මත ආලේප කරන ලද බදාමේ ගනකම ½ ල පමණ වන අතර අජන්තා බාදහම විවිධ ප්‍රමාණයෙන් ගනකමින් යුක්ත්ත වේ. සිගිරි සිතුවම් අදිනු ලැබුවේ තෙත බදහම මත බව බොහෝ විචාරකයෝ පවසයි. එහෙත් ඇතැම් විද්වතුන් ඒ මතයට එකග නොවේ. එච්. සි. පි බෙල් ප්‍රකාශ කරන්නේ අජන්තාවේ මෙන්ම සිගිරියේත් චිත්‍ර ඇදීම සදහා වියළි බදහම මුල් කර ගත් බවය.නමුත් වර්තමානයේ පිළිගන්නේ අජන්තාවේ චිත්‍ර වියළි බදහම මත ටෙම්පරා ආදී බවත් සිගිරි සිතුවම් තෙත බදාම මත ප්‍රස්කෝ බුවනෝ මත ඇදී බවත්ය.
            අජන්තා චිත්‍ර ශිල්පින් සිතුවම් සදහා වස්තු විෂය කරගත්තේ බුදු සිරිත ජාතක කතා සහ එයිතිහාසික සිද්ධින්ය. ඔවුන් මෙවැනි බෞද්ධ චිත්‍ර වලින් බලාපොරොත්තු වන්නට ඇත්තේ අධ්‍යාත්මක ගුණ වගාවයි.බිත්ති පුරා විසිරි යන විශාල චිත්‍ර අජන්තාවේ දක්නට ලැබෙන අතර බොහෝ මානව රුප ජීව ප්‍රමාණයෙන් යුක්තය. එදා සමාජ තත්වය ඇදුම් පැළදුම් හා රජ සමයේ තොරතුරු අජන්තා චිත්‍ර වලින් පිලිබුලු වේ. 
               
    සිගිරි සිතුවම් එවනි කතා පුවතක් නිරුපනය නොවන බව ශේෂව තිබෙන චිත්‍ර වලින් පැහැදිලි වේ. මල්වට්ටියක් හෝ මල් අතින් ගත් කාන්තා රුප යුගල වශයෙන් හෝ තනිත තනිව ඇද තිබීම මෙහි ඇති විශේෂයි.එහෙත් චිත්‍ර රචනා මනහරය අජන්තා හා භාග් චිත්‍ර වල කාන්තා රුපය කතාවකට හෝ යම් කිසි සිධියකට ඇතුලත් කර තිබෙන අතර සීගිරියේ මෙන් වෙනම නිරුපනය නොවේ. කාන්තා රුපයක් ඇදීමේ දී අජන්තා ශිල්පියා මෙන් සිගිරි ශිල්පියාත් ඇයගේ රුප සෝභාවත් නාරි ලාලිත්‍යයත් නො අඩුව ම තෙලි තුඩට නැගුහ සිගිරි සිතුවම් ශිල්පියා ලලනාවන් ගේ පියයුරු, සිහිනිග විකසිත දෙනුවන් හා නාසය තෙලි තුඩට නගා ඇත්තේ කාව්‍යමය ආකාරයෙනි. 
       
                 අජන්තා හා සිගිරි යන නිර්මාන පොදු ලක්ෂණයක් නම් රේඛාකරණය හා වර්නාලේපනයයි. එසේම චිත්‍ර තලය සැකසීමද බොහෝදුරට සමාන වේ. අජන්තා චිත්‍ර ඇදීම සදහා ගල්තලය පිළියෙළ කිරීමේ දී රළු ගල මත මැටි ගොම හා දහයිය මිශ්‍රනයක් අලේප කරන ලදී .මේ මත සුදු හුණු බදාම හා රතු පාට ට හුරු ගුරු පැහැයෙනි. චිත්‍ර සදහා ගත් සායම් වලින් නිල්හැර අන් සියල්ලම ප්‍රාදේශීව ලබාගත් අමුද්‍රව්‍ය යන්ගෙන් පිළියෙළ කෙරිණි. සිගිරි සිතුවම් ඇදීම සදහා ගල් තලය පිළියෙළ කරන ලද්දේ මැටි කිරි මැටි දහයියා කොහු යනාදියෙන් සාදාගත් මිශ්‍රනයක් අලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා හැන්දකින් පිරිමැද රතු පැහැයෙන් ආකෘති මාත්‍රය සටහන් කොට වර්ණ යෙදීමෙන් චිත්‍රය සම්පුර්ණ කරන ලදී. අජන්තා චිත්‍රයනහි මෙන් සිගිරි සිතුවම් ඇදීමේදී කහ,රතු,කොළ ආදී වර්ණ හා ඒවායේ ප්‍රභේද භාවිතා කළහ. සිගිරි වර්ණ යොදා තිබෙන්නේද ත්‍රිමාණ ලක්ෂණ මතුවන ආකාරයෙනි. අජන්තාවේ ද එය මෙසේමය.රේඛාවද දෙකෙහි ප්‍රමාණවත්ය. හැගීම් දනවන සුළුය. රේඛාවේ ඇති ප්‍රකාශන ශක්තිය හා උසස් ගුණය මැනවින් පිලිබුළුවේ එහෙත් සිගිරි චිත්‍ර ශිල්පියාගේ රේඛාවේ විශේෂත්වයක් ඇත. එය තැනින් තැනට ගලා ආ නිදහස් එකකි.
                 
            සිගිරි ශිල්පියා අජන්තා ශිල්පියාට වඩා වැඩි නිදහසකින් සිතුවම් කර ඇත්තේ යක්ෂණික රේඛා ඇදීමේ දී නොපකිලිම ස්වාදිනත්වය සිගිරි සිතුවම් වලින් දක්නට ලැබේ. අත්වල මුද්‍රා යෙදීමේ ඔස භාරතීය චිත්‍ර වල මෙන් මුර්ති වලත් බහුලය. හස්ත මුද්‍රා සහිත චිත්‍ර යනු එක්තරා භාෂාවකි. එමෙන්ම ගැබුරු අර්ථ ප්‍රකාශනයකි. මේ අභිණය නිරුපනය අජන්තා චිත්‍ර වල මෙන් සිගිරි සිතුවම් වලත් දක්නට ලැබේ භාරතීය චිත්‍ර ශිල්පියා චිත්‍ර යට උචිත පසුතලය සකස් කර ගත්තේ වෘක්ෂලතා  මාලිගා හා සතුන් ආදියෙනි වඩා තද නැති මිශ්‍ර වර්ණයක් පසුතලයට යොදා රුප මතු කර දැක්වීම සිගිරි චිත්‍ර වල පැහැදිලිව පෙනේ. මානව රුප සදහා යොදන ලද ව්ච්ත්‍ර හිස් පැළදුම් ශ්‍රීවාභරණ හා කර්ණාභරණ අදිය චිත්‍රයන් දෙකෙහිම දක්නට ඇත. මේ අනුව බලන කල වස්තු විෂය වශයෙන් යොදා ගත් සමාන ලක්ෂණ අජන්තා චිත්‍ර වලත් සිගිරි සිතුවමි වලත් තිබෙන බව පෙනෙයි .සිගිරි සිතුවම් හා අජන්තා චිත්‍ර ශිල්ප ක්‍රම වර්ණ හැඩතල මුද්‍රා ආදිය සමාන වේ. මෙසේ සමාන වන්නට ඇත්තේ භාරත  දේශීය කලා ශිල්පින් යොදා ගත් නිසා බව කලා විශාරදයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා පෙන්වා දෙයි.
   

       

No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...