Thursday, April 25, 2019

මහජන සම්බන්ධතාව පිළිබද නිර්වචන


1.එඩ්වර්ට්.එල්.බර්නීස් (Edward L.Bernays)ගේ නිර්වචනය

  • මහජනයා වෙත කරණු ලබන තොරතුරු සම්පාදනය.

      Information Given To The Pubic

  • මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සදහා සෘජුව ම ඔවුන් කෙරෙහි කෙරෙන පෙළඔවීම.

      Persuation Directed at the public to modify attitudes and actions

  • ආයතනික ආකල්ප සහ ක්‍රියාවන් එහි මහජනතාව සමග එක් කිරීමටත් මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාවන් එම ආයතනය සමග එක් කිරීමටත් දරණු ලබන උත්සාහයකි.

     It’s ifforts to integrate attitudes and actions of an institution with it’s public and of public with that institution

2.ලන්ඩනයේ මහජන සම්බන්ධතා ආයතනයයේ නිර්වචනය

යම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අනොන්‍යාන්‍ය අවබෝධය ගොඩනගනු පිණිසත්, එය පවත්වා ගෙන යෑම සදහාත් සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතාව වේ.

Public relations practice is the deliberate planned and sustained effort to establish and maintained mutual understanding an organization and it’s public

3.සෑම් බ්ලැක් (Sam black) ගේ නිර්වචනය

ප්‍රයෝගික මහජන සම්බන්ධතාව වනාහි මහජන සම්බන්ධතාව සදහා උත්සහ කරණු ලබන කිසි යම් සමාගමක සංවිධානයක පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සහ සුභ සාධනය දියුණු කරලීම සදහා වෘත්තිමය වශයෙන් කරණු ලබන සාර්ථක සම්බන්ධතා ක්‍රියාදාමයකි.

Practical public relations is the professional attempt to achieve good public relations in order to promote the success or welfare of the company organization or individual on whose behalf the public relation effort is made

4.වෙබ්ස්ටර්ගේ නව කොලිගේට් ශබ්දකෝෂයේ නිර්වචනය
(Webster’s new collegiate dictionary)

සංස්ථාවක,සමාගමක,රජයක හෝ වෙනත් අයිතිකරුවන් මෙන්ම පොදු මහජනතාව සමග පරිසරයට ගැලපෙන පරිදි අර්ථවත් මහජන සම්බන්ධතා ඇති කර ගැනීමේ සහ පවත්වාගෙන යාමේ ක්‍රියාදාමය මහජන සම්බන්ධතාවයි.

The activities of a corporation union government or other organization in building and maintaining sound and productive relations with special public such as customers employees or stock holders and with the public at large so as to adapt itself to its environment and  interpret itesif to society

5.The enoyclopedia Americana දක්වා ඇති නිර්වචනය

 යම් පුද්ගලයෙක් අදහසක් කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් පිළිබද මහජන රුචිකත්වය හා යහපත ඇති වන පරිදි ඉදිරිපත් කෙරෙන බලපෑම් කල හැකි විග්‍රහාත්මක කලාවකි.

Public relation is the art of anaizing influencing and interpreting a person idea group or business so that he or it will be recognized as serving the public interest and will benifit from so doing  

  6. New standard encyclopedia නිර්වචනය

යම් ආයතනයක් සංස්ථාවක් හෝ පුද්ගලයෙක් පිලිබදව ජනතාව අතර යහපත් ආකල්පයක් ඇති කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය මහජන සම්බන්ධතාව වේ එහි මුලික අරමුණ වන්නේ කිර්ති නාමය මනිණු ලබන මිණුම් දණ්ඩ මහජන සම්බන්ධතාව වේ .
    
The activities or measure under taken to promot in the public mind a favorable feeling toward a corporation institution or person the primary of public relation is to be built and hold good will is public opinion

7.Public relations news weekly news letter හි dany grisworld දක්වා ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනු මහජනතාව ගැන උනන්දුවකින් මහජන ආකල්ප තක්සේරු කරන පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් හදුනාගනිමින් කළමනාකරණය කිරීම මහජනතාව තේරුම් ගැනීම සහ ඔවුන්ගේ පිළිගැනීමේ ක්‍රියාදාමයන් ඇති කිරීම මහජන සම්බන්ධතාවයි. 
  
8. Bertrand R. canfield සහ  H.frazier Moore දක්වා ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව මුලික අංග හතරකින් යුක්ත වේ.

පළමුව -     එය සමාජ කළමනාකරණ දර්ශනයකි

දෙවනුව - ප්‍රතිපත්තිමය තීරණවල දී මෙම දර්ශනයේ අදහස් පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමකි

තෙවනුව -  එය මෙම ප්‍රතිපත්තින්හි ක්‍රියාත්ම ප්‍රතිපලයකි

සිවුවනුව- එය ප්‍රතිපත්ති නිර්වචනය කිරීම ඒවා පැහැදිලි කිරීම අනාවරණය කිරීම සහ ආරක්ෂණය කිරීම හෝ අනොන්‍යාන්‍ය වශයෙන් සහ හිතෙෂිභාවය මහජනතාව උදෙසා සිදු කරණු ලබන ද්විමාර්ගික සන්නිවේදන ක්‍රමයකි

First - it is a social management philosophy

Second - it is an expression of this philosophy in policy decisions

Third - it is action resulting from these policies

Forth - it is two way communication which contributes to ward the creation of these policies and then explains revels defends or promotes them to the public so as to secure mutual understanding and good will.

9.John R.bittner ඉදිරිපත් කර ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදනය කරණු ලබන නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙනුවෙන් යම් කිසි සමාගමක් හෝ සංවිධානයක් සදහා ජනතාව තුල ප්‍රියජනක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.

Public relation is conserned with creating a favorable image for the company or organization that produces the product or service.

10.Charles plackard  ඉදිරිපත් කර ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනු හොද හිතකින් ගලා එන පැහැදිලි අදහස් සමුදායකි.




No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...