ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය
වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන
අරුතය ගෙන දෙනු ලබයි. රාත්‍රිය අනන්තයක් විය නොහැක.රාත්‍රිය නියමිත කාල සීමාවක්
ලැබී ඇත.සම්මුතික කාල සීමාව බිද දමා සදාකාලික වූ රාත්‍රියක් උදාවෙන ප්රාර්ථනයකි.
අනන්ත රාත්‍රීය සිනමා පටය සුවිසල්ගේ ප්‍රේමය
අහිමි වී යාමෙන් ගණිකාවක් බවට පත් වූ පියුමි මිනීමැරුමේ වරදට සුවිසල්ගේ දායකත්වය
ලබන ජුරකයින් සිරගත වීම පදනම්ව පියුමිගේත් සුවිසල්ගේත් අභ්‍යන්තර හැඩතලය පිළිබදව ප්‍රේක්ෂකයාට
හමු වේ. පුද්ගලයා තමන් විසින්ම සිදු කරන ක්‍රියාව තීරණය කරණු තෙක් ඔහු සදාචාරමය
වගන්තියකට බැදී සිටින බව ඇරිස්ටෝටල් තම ආචාර විද්‍යාත්මක දර්ශනයේ පැහැදිලි කරයි.මෙම
සිනමා පටය තුල තම හර්ද සාක්ෂියෙන් ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීමේ දී තමන් ජිවත්
වෙන සමාජය සමග ඇති කරගන්නා සමාජ ගිවිසුම් කඩ කරන්නේද, එසේ සිදු කරන්නේ එසේ කරනවාට විකල්පයක් නැති
නිසාය. අනන්ත රාත්‍රිය තුල අනන්ත රාත්‍රිය උදාවනේ ගෙවී යන්නේ මිනිස් පැවැත්මට අදාළ
වූ මේ දාර්ශනික ගැටලුව උදෙසා අලුත් නිර්වචනයක් ඉල්ලා සිටිමි. සිනමාව තුල මිනිස්
ආත්මය සියුම් ලෙස ගැටෙන වෙනස් අවස්ථාවක් නොමැති තරම්ය.
ධනේශ්වර සමාජ ව්‍යුහය පුද්ගලයින් මුහුණ දෙන ප්රතිවිරෝධතා
වන හේතු කොටගෙන ඔවුන්ගේ පුද්ගල අධ්‍යාත්මය කඩා වැටේ අසරණ වන ආත්මය සැනසීමක් ප්‍රාර්ථනා
කරන්නේ තමන් තුල ඇති වරදකාරිත්වයට සමාව ඉල්ලා සිටිමිනි. සුවිසල්ගේ චරිතය නියෝජනය
කරන්නේ මාලානික වූ හදවතක් ඇති පුද්ගලයෙක් ලෙසය.
අධිකරණය - මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය
සුවිසල් - ජූරියේ නියෝජනය සංකේතවත් කරන්නේ
ධනේශ්වර පන්තියයි
ඒ අනුව සුවිසල් පීඩන රාජ්‍ය යාන්ත්‍රණයේ නියෝජිතයාය ඔහු සිර දඩුවම් නියම කරන්නේ ඔහුගේ වරදකාරිත්වයෙන් අසරණ වූ ගැහැණියටය.මේ මගින් නිරුපනය වන්නේ ධනේශ්වර පන්තියේ සුරාකෑම, නරුම විරහිත භාවයයි.අනන්ත රාත්‍රියේ නිහඩතාවය හරහා මිනිස් හදවත අවුලවාලන්නේය.කෘතියේ කර්තෘ නිහඩතාව ප්‍රකාශන චරිතයක් ලෙස නිරුපනය කරණු ලැබේ. එමෙන්ම අවම තීව්රර ආලෝකය තත්ත්වයන් නිල් හා පඩු වර්ණ ගුප්ත හා අදුරු බව නිරුපණය කිරීම සිදු වේ.
අතිශය තියුණු සංස්කරණය සමාධිගත ගලායාම මනෝභාවයන්
උද්දීපනය කරන නිහඩතාවයට මුලික තැන දෙන සිනමා පටයක් ලෙස සදහන් කර හැකිය. කෘතියක
සංකේත භාවිතය මගින් සිනමා පටයේ අර්ථය තියුණු කරයි. සිනමා පටය ආරම්භයේදී සුවිසල්
පැරණි වලව්ව නිරුපණය වේ. ඒ මොහොතේදී ඇදිරි නිතිය ඇති භීෂණකාරී රාත්‍රියකි. ඔහු
වලව්වට කැදවීම සදහා කර්තෘට අවශ්‍ය තරම් කාල අවකාශයක් තිබිය දී භීෂණ යුගය තෝරා
ගැනීමෙන් සිනමා පටය තුල රුපය හා කාලය භාව්තා කිරීමකි.මෙහි දී එක්තරා ආකාරයකට සිනමා
පටයට අලංකාරයක් ලෙස යොදා ගෙන ඇත.මෙම යුගය භාවිතා කර ඇත්තේ කරණා දෙකක් මුල් කරගෙනය.දෘශ්‍යමය
වශයෙන් එම අදුරු ගතිය දැනවීම සදහා එහි චරිත වර්ධනය කිරීමට උපයෝගී කරගනි. සුවිසල්
විශ්වවිද්‍යාල තරුණයෙකු සිටින අවදියේ දී ඔහු මේ වලව්වට පැමිණෙයි.ඇමරිකාවේ වියට්නාමය
ආක්‍රමණය කිරීමට එරෙහිව පෙළපාලියකට සහභාගි වීමෙන් පසුවය. ඔහු පැමිණෙන්නේ ඊට
අවුරුදු ගණනකට පසුවය. ඔහු පැමිණෙන්නේ වෙනස් පුද්ගලයෙකු ලෙසය මෙම භීෂණකාරී පසුබීම
බලා ගැනීමට ඔහුගේ චරිතය මනා පිටුවහලක් වේ.

සුප්‍රකට සිනමා විචාරිකාවක් වන සෝමා චැටර්ජි
අනන්ත රාත්‍රිය ප්රචණ්ඩ කෘතියක් ලෙස සදහන් කරණු ලැබේ. ප්‍රචණ්ඩතාවය ප්‍රකාශයට
පත්වන්නේ ප්‍රචණ්ඩතාවයේ පැවැත්ම නැති තැනක් නිහඩතාවයක් ඉකිබිදුම් හඩක් තුලිනි තමා
අතින් වූ වරදට සමාවක් ලබා ගැනීම සදහා ඇති දැඩි ආශාව විසින් මෙහෙයවන ඔහු ගන්නා සැම පියවරක්ම
තව තවත් ආත්මීය වේදනාවෙන් මිරිකී සිටි.ඔහුට ඉන් මිදීමට නොහැකිය.පියුමි තුළින්
මුර්තිමත් වන ඔහුගේ අතීතය දඩයම් බල්ලන් සේ ඔහු ලුහු බැද එයි.නින්දා, අපහස සුවිසල් කරණු ලැබූ ඔහුගේ
වරද සහගත අතීතය තුළ තමා ප්‍රාණ ඇපකරුවෙකු බව ඔහු විසින්ම තේරුම් ගනී. තම වරද සහගත
දුෂිත අතීතයෙන් ගරා වැටෙන අනාගතයෙන් ඔහුට ගැලවීමක් නැත.
අවසානයේ පියුමි අනාගතය පිළිබද පැහැදිලි සං වක් ප්‍රේක්ෂකයාට
මත සටහන් නොකරමින්ම බන්ධනාගාරයෙන් එලියට පැමිණෙයි.ඒ එන ඇය සුවිසල් ප්‍රතික්ෂේප
කරන්නේ සෙල් කුලක් සේ දැඩි ආත්මී ශක්තියකිනි. කෘතිය නිමාවන්නේ ඇය මහ මග ඉදිරියට
ඇදෙන දර්ශනයයි.මෙහිදී සිනමාකරුවා රුපය ඉතා සුක්ෂම අයුරින් යොදාගෙන ඇත.පුද්ගලගේ අතිතාවර්ථනය
සමග ඔහුගේ මනසේ පිඩාකාරි ස්භාවය මැනවින් නිරුපනය කිරීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා
විශාල පරිශමයක් දරා ඇත.
No comments:
Post a Comment