දෙමළ විවාහ චාරිත‍්‍ර වාරිත‍්‍ර අතර තොරාගත් චාරිත‍්‍ර කිහිපයක් ගැන මෙහි සාකචිචා කෙරේ.
තාලිය බැදිෙමි චාරිත‍්‍රය
විවාහ දිනයේ මනමාලයා විසින් මනමාලයාගේ ගෙළේ පලදන තැල්ල තාලිය නමින් හදුන්වනු ලැෙබි.මෙය කුල ගෝත‍්‍රය අනුව වෙනස් වේ.මුල් අවධියේදි මේ චාරිත‍්‍රය සදහා කොටි දතක් යොදා ගන්නා ලදි.මෙම තාලිය දකුණු ඉන්දියාවට අයත් ආභරණයකි.ක‍්‍රි.ව 1 වන සියවසේ සංගමි සාහිත්‍යයට අනුව දඩයෙමි යෙදුන පුරුෂයන් සිය විර පරාක‍්‍රමය පෙන්විමටද,නිර්භිතභාවය පෙන්විමට හා සිය දරුවන් ආරක්ෂාවට කොටි දතක් ගෙලෙහි පලදින ලදි.සංගමි සාහිත්‍යයට අනුව කිසිදු අවස්ථාවක මෙය විවාහය සදහා යොදාගත් ආභරණයක් ලෙස පිළිගත් බව සදහන් නොවේ .

මින්චි දැමිෙමි චාරිත‍්‍රය
ද්‍රවිඩ විවාහයේ කාන්තාවගේ කකුලේ මුදුවක් පැලදවිෙමි චාරිත‍්‍රය මින්චි දැමිම යනුවෙන් හදුවන්වනු ලැෙබි.මුල් කාලිනව මෙම චාරිත‍්‍රය පුරුෂයන් විසින් සිදුකරන ලදි.එම අවධියේ දි බ‍්‍රාහ්මණ ධර්මයට අනුව ස්ත‍්‍රින් හා පුරුෂයන් අතර අද මෙන් විවෘත කතා බහක් නොපැවතියහ.ස්ත‍්‍රින් බිමි බලාගෙන ගමන් කර යුතු අතර ඇය මුලින්ම දකින්නේ තරුණයෙකුගේ පාදයේ මුදුවයි.ඔහු විවාහකයෙක් නමි කාන්තාවන්ට ඔහු දෙස බැලිම සමාජ තහනමි ක‍්‍රියාවක් විය.එහෙත් පසු කාලින එම චාරිත‍්‍රය වෙනස් විය.අද වන විට ස්ත‍්‍රින්ගේ පාද දෙකෙහිම දෙවන ඇගිල්ලේ මුදුව පැළදිෙමි චාරිත‍්‍රය සිදු කරයි.

පල්ලි කායි තෙයි චායි
පල්ලි කායි තෙයි චායි යනුවෙන් හදුන්වනු ලබන්නේ නව විවාහ යුවලක් විවාහයෙන් දින දෙකට පසුව මැටි මුටිටි 9 යකට වතුර හා විවිධ ධාන්‍ය ඇට වර්ග පුරවන ලදි.පසුව එම මුටිටි 9 ඉන්දියාෙවි ගංගා යමුණා නදියේ පා කරනු ලැෙබි.සමාජයේ උසස් යැයි සමිමිත ද්‍රවිඩ කුල වල සිදු කරන අතර මෙරට කුලයෙන් උසස් ද්‍රවිඩ පවුල් අතර මෙම චාරිත‍්‍රය සිදු කරනු ලැබේ .ජලජ ජිවින්ට ආහාරය පිණිස නව දිවියට ආශිර්වාදය ලබා ගැනිම වෙනුවෙන් සිදුකරන ලදි.
ශාක රෝපණය
හින්දුන් තුළ නව විවාහයට එලබෙන යුවල විසින් ශාක රෝපණය කිරිෙමි චාරිත‍්‍රයක් පවති.මෙහි දි එරබදු,කහ,උණ වැනි ශාකයන් සිටුවනු ලැෙබි. ඕනැම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන,කටු සහිත බව,ඉක්මනින් වද වි නොයාම වැනි අර්ථයක් මෙම ශාක රෝපණයෙන් ඔවුන් බලාපොරොත්තු වේ .ඒ අනුව විවාහයේ දි දුක සතුට සියල්ලම එක ලෙස දරා ගැනිමටත්,රඵ කටු සහිත බව නිසා පිටතින් පැමිණෙන උපද්‍රව වලින් ආරක්ෂා විමට සිටවනු ලැෙබි.එහෙත් අද වන විට ඉඩ කඩ සිමා විම නාගරිකරණය ශාක සොයා ගැනිමට අපහසු විම නිසා විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේ පස් පිරවු භාජනයක මනමාළිය හා මනමාලයා පැළයක් සිටවනු ලබයි.පවුල් දිවියේ චිරස්තිතිය උදෙසා අපේක්ෂා කරමින් පටිටු නමින් රෙදි කඩක් ඔතනු ලැෙබි.
විවාහ මණ්ඩපය
සිංහල පෝරු විස්තර දැක්වෙන කවිවල සදහන් වන්නේ දිග,පලළ,උස 7 රියන් විය යුතු බවයි.එහෙත් එය පෝරුව විය නොහැකි අතර හින්දුන්ගේ මණ්ඩපය විය යුතුය.සිද්ධාර්ථ කුමාරයාගේ සරණ මංගල්‍යය පිණිස මගුල් මණ්ඩපයක් කිරිම සදහා දිග සොළොස් රියන් පළල පහළොස් රියනකින් යුක්ත බව හින්දු මගුල් මඩුෙවි සදහන් වේ .එහෙත් පෝරුෙවි උපත කවදාද සිදු වුයේ යන්න අවිනිශ්චිතය.මහා සමිමත රජ දවසේ සිට පැවත එන බවද පත්මාවති කුමරිය බරණැස රජුට සරණ පවා දීමේ දි පෝරුව පැවති බව සදහන් වේ.ඒ අනුව ඉන්දියාෙවි සිට පැමිණි පෝරුෙවි චාරිත‍්‍රය අදවන විට සිංහල පෝරුව හා තරමක සමාන කමක් දක්වයි.
විවාහ තහංචි
රොබටි නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ සදහන් වන අන්දමට ගෝත‍්‍රික සමාජයන්හි කාන්තාවන් බලෙන් පැහැරගෙන යාෙමි සිරිතකින් ශේෂව ආවක් ලෙස තහංචි හදුන්වනු ලැබේ .ද්‍රවිඩ විවාහයේ දි කාසි යාත‍්‍රා යනුවෙන් තහංචි ක‍්‍රමයක් සිදු කරනු ලැෙබි.එනමි මනමාලයා වෙටියකින් සැරසි ,කුඩයක් අතින් ගෙන සිය මාමණ්ඩි ඔහු ලගට ගොස් තමන්ගේ දියණිය විවාහ කර ගන්නා ලෙස ඉල්ලා සිටි.මෙම තහංචියෙන් පසුව ඔහුට විවාහය සදහා සුදානමි විය හැකිය.
අග්නි පුජාව
විවිධ රට වල ජන වර්ග විවාහයේදි අග්නි පුජාව සිදු කරන ආකාරය නමි
ලතින් ඇමෙරිකානුවන් කසාද බැදිමෙන් පසු ප‍්‍රධාන උදුන වටා තෙවරක් කැන්දාගෙන යාෙමි සිරිතක් පවති.මෙසේ සිදු කිරිම ගින්නෙහි අසුන් ගෙන සිටින පැරණි මුතුන් මිත්තන්හට හදුන්වා දිමක් ලෙස සැලකෙයි.මේ මගින් එහි සිටින ආත්මයන් ගෙන් කෙනෙකුම ඇගේ කුස තුළට ඇතුඵ වි නැවත ඉපදිමට ඉඩ ඇතැයි යන විශ්වාසයක් ද පවති.
ස්ලෝෙවිනියානු මනාලිය සිය සැමියාගේ නිවසට ප‍්‍රථම වරට කැදවාගෙන යෑෙමි දි ඇය තුන් වතාවක් උදුන වටා කැදවාගෙන යෑෙමි දි ඇය ගිනි මැලය දැල්වෙනතෙක් යකඩ කුරකින් කුරු ගෑ යුත්තේ මෙසේ පවසමිනි.
මින් පැන නැගෙන ගිනි පුපුරු ගණනට ම අපේ නිවසට දරුවන් සහ ගවයෝ ඇති වෙත්වා යනුවෙනි.
හොර්සෝගෝවිනාහි මොස්ටර්හි මනාලිය උදුන අසල පලතුරු බෑගයක් මත අසුන්ගෙන ගින්න තුන්වරක් යකඩ කුරකින් අවුස්සයි.ඇය එසේ කරද්දි කුඩා දරුවෙකු ගෙනවිත් ඇගේ උකුලේ ඉන්දවයි.ඇය මේ දරුවා තෙවරක් ගිනි වෙටි කරකවයි.මින් පිරිමි ළමුන් තිදෙනෙකු ඉපදිම අදහස් කරයි.
අප‍්‍රිකාෙවි ඔෙබිර්පාහ්ලේන්හි එස්තෝනියානුවන් අතර පවතින චාරිත‍්‍රයක් නමි මනාලිය ශුද්ධ වු ගස ළගට කැදවාගෙන යන අතර ඉන් පසු එම ගස කපා පුඵස්සා දමයි.ඉන් ඇවිලෙන ගින්න වටා තෙවරක් මනාලිය කැදවාගෙන ගොස් සන්නද්ධ මිනිසුන් තිදෙනෙකු අතර සිටුවනු ලබයි.ඔවුන් සිය අසිපත් එකිනෙකට ඝටිටනය කරගනිද්දි ඇය ගී ගයි.පසුව ගින්නට කාසි දමයි.ගින්න නිවි ගිය පසු කාසි ආපසු සොයාගෙන ඒවා ගින්න මෙලවිෙමිදි කැපු ගසේ ඉතිරි කොටසට දමයි.මෙම කාසි මනාලියට ලැබුන ඒවා විය හැකිය.එස්තෝනියානුවන් මෙම චාරිත‍්‍රයෙන් බලාපොරොත්තු වන්නේ දරුවෙකු පිළිසිද ගැනිමයි.ඒ සදහා මුදලක් ගිනි දෙවියාට දි දරුවෙකු ලබා දෙන ලෙස අයදිමයි.
රුසියාෙවි එස්තෝනියානුවන් අතර ද වොටියාහ්වරුන් අතර විවාහයේදි ගින්න වටා යාමෙන් දරුඵල ලැබෙන බව විශ්වාස කරනු ලැෙබි.පැරණි හින්දු මනාලයා සිය මනාලිය උදුන වටා කැදවාගෙන යාෙමිදි අග්නි දෙවියන්ට මෙසේ අමතයි
ගිනි දෙවියනි දරුවෙකු සමග භාර්යාව ආපසු ස්වාමි පුරුෂයාට දෙනු මැනවි.
හින්දු චාරිත‍්‍ර වලදි ගිනිවටේ යෑම සප්තපදි යනුවෙන් හදුන්වා ඇත.එකල ගින්න වටා රවුමි හතක් ගොස් ඇති අතර වර්තමානයේ දී මනාලයා මනාලිය කැදවාගෙන රවුමි හතරක් යයි.ඔවුන් ගින්න වටා යමින් නිර්මාණයේ දෙවියන් වන අග්නි දෙවියන්ගෙන් අයැදිනුයේ ස්ත‍්‍රිය හා පුරුෂයා ඔවුන්ගේ හදවත් සහ සිත් සමිබන්ධ කරන ලෙසටය.එම වේද මන්ත‍්‍රය නමි
ඕමි සමන්ජන්තු වසුදේවයියජ්
ඕමි ආපො හෘදයානි නෞ
සමි මාතරිශ්වා සමි ධාත
සමි උදේස්ත‍්‍රි දධාතු නෞ
ගින්න වටා කෙරෙන චාරිත‍්‍ර හා පොරොන්දු විවාහ සංස්ථාවට බලපෑමක් හා විශ්වාසවන්ත බවක් දෙන බවත් විවිධ රට වල චාරිත‍්‍ර මගින් නිරූපණය වේ .
සමස්තයක් වශයෙන් ගත් විට හින්දු විවාහ චාරිත‍්‍ර සියල්ලම ඔවුන්ටම ආෙවිනික වුවක් බව නොපෙනි.විවිධ සංස්කෘතින් වලින් වලින් පෝෂණය වි අද වන විට වර්ධනය වි ඇති ආකාරය පෙන්වා දිය හැකිය.විවිධ රට වල ජනයා ඔවුන්ට ආවේනික විශ්වාස වලින් එම චාරිත‍්‍ර ගොඩනගාගෙන ඇති බව අග්නි පුජාවෙන සදහන් කර හැකිය.
No comments:
Post a Comment