Tuesday, April 23, 2019

පුරහද කළුවර සිනමා පටය පිළිබද විචාරයක්

                 1997 නිෂ්පාදනය වු පුරහද කඵවර ප‍්‍රසන්න විතානගේ සුවිශේෂ නිර්මාණයකි.ඒ අනුව පුරහද කඵවර යන්නේ අරුත නමි පුර අමාවක නමි විය.යුද්ධය යන මුලික තේමාව ගෙන හැර දක්වන අතර යුද්ධය සමග පවතින සමාජ පුද්ගල ජිවිතයේ විවිධ මානයන්ගෙන් නිරික්ෂණය කරනු ලැබේ .සියඵම දෙනාගේ අනන්‍යතාව අහිමි වි යාෙමි ඛේදවාචකය විමසිමට ලක් කරණු ලැබේ .ඒ අනුව 


පුරහද කඵවර ආගමික සංඥාවකි
ග‍්‍රාමසේවක රාජ්‍ය නිලධාරියෙකි
හමුදාව රාජ්‍ය ව්‍යුහයේ මිලිටරි කි‍්‍රයාන්විත බවය
ඇගඵමි කමිහල ආර්ථක සුරා කෑම
හාමුදුරුවෝ පිරිත් ආගම


                      යන අවස්ථාවන් සුවිශේෂ කරගෙන ගෙන හැර දැක්විය හැක.යුද කලාපයට ආසන්නව රජරට නුවර කලාපයේ යුද්ධයෙන් දිළි බවෙන් සහ දැඩි නියගයෙන් පිඩාවිදින ගමක සිටින එක් දිළි පවුලකින් යුද්ධයට ගිය තරුණයෙකුගේ ඛේදනීය මරණය වියෝවයෙන් එය පිළි නොගන්නා අභිමානයෙන් යුතුව උඩුගමිබලා පිහිණු ප්‍රබල ගණයේ පියෙකුගේ ශෝකයත් මෙමෙ කෘතියේ මුලික තේමාව බවට පත්ව ඇත. එය නියගයෙන් හා අවි රශ්මියෙන් හාත්පස වියලි ගිය පරිසරයෙන් යුක්ත වු ගමකි.වැසි පොදක ලකුණු නොපෙනෙයි එදින පසළොස්වක පොහොය දිනකි .අවමංගල රථය නිවසට පැමිණෙයි. 

රථයේ සිටිය එවුන් දේහය හිමි නිවසට පාපැදියෙන් එන ග‍්‍රාම ආරක්ෂක භටයෙකුගෙන් විමසයි.අවමංගල රථයේ ඇත්තේ යුද්ධයට ගොස් මියගිය බණ්ඩාරගේ දේහය සහිත සිල් තබන ලද මිනිපෙටිටියයි.මිනිපෙටිටිය ජාතික කොඩියෙනි වසා ඇත.ඔහු ජාතික වීරවරයෙකු බවට පත් කර ඇති බවපාලක පංතිය නිහඩව පවසන සලකුණ වේ.


        බණ්ඩාරගේ පියා වන්නිහාමි (ජෝ.අෙබිවික‍්‍රම) සිය දිළිදු පැළේ එළිපත්තේ ඉද නිස්කාන්සුවේ බුලත් විටක් හපයි.මොහු උදාර ගොවි පරපුරට අයත් ශුද්ධ ගොවියෙකි. දශක ගනනාවක් මෙම කර්කෂක පරිසරය සමග ඔටිටු ඇල්ලූ ඔහුට අපා දෙපා  සිවිපා, අහස, පරිසරය ගැන අපුරු ඉවක් තිබේ.අවමංගල්‍යය රථයෙන් ඉවතට ගත් මිනිපෙටිටිය අඩිපාර ඔස්සේ ගේ පැළට එයි. මුඵතැන් ගේ පසුපස හැළිවලං සෝදමින් සිටි වන්නිහාමිගේ බාල දියණිය වු සුනන්දාට (ප‍්‍රියංකා සමරවිර) මේ  පුවත සැල කරන්නේ ඔහුගේ පෙමිවතා වු සෝමදාස (ලින්ටන් සේමගේ ය) සෝදමින් තිබු දැ දමා ඇය පාරට දිව යයි. ඇය විලාප නගමින් දේහය වෙතට දිව ගොස් පෙරළා පිරිස සමග පැල්පතට පැමිණෙයි. 

වන්නිහාමි නිහඩව මේ සියල්ල අත්විදි. වන්නිහාමි අන්ධයෙකු වුවද ඔහුගේ ඉව අන්ධ නැත. ගමේ  ග‍්‍රාමසේවකගෙන් ගත් ණය මුදල පියවිම සුනන්දා විවාහපත් විම අඩක් ඉදිකර නිවසේ ඉතිරිය ඉදිකිරිමි රාජකාරි රුසක් මැද්දේ බණ්ඩාර කිසිම විටකදි මිය නොයන බව වන්නිහාමි තරයේ විශ්වාස කරයි.විවාහයෙන් පසු ගමෙන් බැහැර  සිටි වන්නිහාමිගේ වැඩිමහල් දියණිය වු යමුනා (නයනා හෙටිටිආරචිචි) සහ ඇගේ ස්වාමිපුරුෂයා (කුමාර කරුණානන්ද) සිය පුංචි පුතු මළගමට පැමිණෙයි සියඵ දෙනාගේ නෙත් තෙත් කරමින් බණ්ඩාර පස් යට සැගවෙයි.


මළගම අවසන් වු පසු ග‍්‍රාමසේවක විසින් බණ්ඩාරගේ වන්දිය ලබා ගැනිමට අදාලව පිරවිය යුතු පෝරමය වන්නිහාමිගේ ලෝකයේ බණ්ඩාර මිය ගොස් නැත. වන්නි හාමි පෝරමය ගැන කිසිවෙක් හට නොකියා පැරණි සුටිකේසය තුල සගවා තබයි.ග‍්‍රාමසේවක මෙසේ වන්දි මුදල ගැනිමට වන්නිහාමිට බලපැමි කරන්නේ ඔහුගේ මුදල පියවා ගැනිම සදහාය.නමුත් වන්නිහාමි ග‍්‍රාමසේවකට පවසන්නේ බණ්ඩාර ජිවතුන් අතර  සිටිය දි වන්දිය ලබා ගැනිමට අකටයුක්තක් බවය. වන්දිය ගැන වන්නිහාමි උනන්දු  නොවුනාද පවුලේ සෙස්සන්ට වන්දිය ඉතාම වැදගත් විය.නිවසේ ඉතිරිය ගොඩ නැගිමටත් බණ්ඩාරගේ මාස 3 දානයටත් ග‍්‍රාමසේවකගේ ණය පියවිමටත් සෝමදාසට ස්යංරුකියාවක් පටන් ගැනිමටත් මේ  සියල්ලටම මුදල් අවශ්‍ය විය.පෝරමයේ ඇගිලි අත්සන නොතිබිම සෙස්සන්ට මහත් ගැටඵවක් විය.ඇතැමි අවස්ථාවලදි වන්නිහාමි උපහාසයටද පත්විය.

             දිනෙන් දින පවුලේ අගහික කමි ඉහළ යයි.තම පියාගේ ස්ථාවර භාවය හදුනාගත් සුසන්දා ඇගඵමි කමිහලක රුකියාවට යයි.සෝමදාස එයට විරුද්ධ වේ.බණ්ඩාරගේ 3 මාසයේ දානයට බණ්ඩාරගේ මිත‍්‍රවරුන්ගේ එකතුවෙන් මුදලක් ලබා දෙන ලදි.වන්නිහාමි තුල කාලයක් තුල කරකවමින් තිබු සිතුවිලි තුල පැවතියේ සත්‍ය වශයෙන්ම බණ්ඩාර මිය ගොස්ද යන්න සොයා බැලිමට අවශ්‍ය විමයි.දිනක් වන්නිහාමි උෑදැල්ල සමග පොර බදිමින් මිනිවලහැරිමට සිටියහ.එය දැනගෙන එතනට පැමිණි සෝමදාස මිනිවල හරා මිනිපෙටිටිය විවෘත කරන ලදි.විවෘර්ත වු පෙටිටියෙන් වන්නිහාමිගේ අත දැවටුනේ කෙසෙල් කදන් හා ගල් ගෙඩියකි.අවට සිටි පිරිසගේ දැස් විසල් විය.ඒ අනුව වන්නිහාමි සිය පුතු මිය ගොස් නැති බව තරයේ සිතට ගන්නා ලදි.

මෙතනට පැමිණි ග‍්‍රාමසේවක අවට සිටි මිනිසුන්ට බැන වදින ලදි.වන්නිහාමිට වන්දි මුදල අවශ්‍ය නොවිය.ඒ මොහොතේ පොද වැස්සක් වැටෙයි.වන්නිහාමි සෙමෙන් වැව දෙසට ගමන් කරයි.කොල්ලන් කෙළි ලෙලින් වැවේ සෙල්ලමි කරයි.ඹවුන්ගේ සතුට වන්නහාමි හා බැදෙයි. නියගය සමුගෙන මුතුකැට වැහි පොළොවට වැටෙයි.වන්නිහාමි වැස්සේ තෙමෙයිමේ  සමස්ත චිත‍්‍රපටයයි.
           
මෙය ආරමිභ වන්නේ පිරිත් සජ්ඣායනාවක් සමගත් වැවයි දාගැබයි දිස්වෙන ආකාරයටය.මේ මගින් සිනමා කරුවා උත්සාහකරු ලබන්නේ ගමයි,පන්සලයි,වැවයි,දාගැබයි යන උදාර සිංහල වදන සිහි ගැන්විමටය. එක් අතකින් මෙය නිරුපණය වන්නේ වැවි බැදි රාජ්‍ය තුලය.එය එසේ දර්ශනය කරණු ලබන්නේ සංස්කෘතිකමය නිරුපණයක් කිරිමටයැයි ගැඔුරින් සිතිය හැකිය.


     පසුව කතාවේ ප‍්‍රධාන චරිතය වන වන්නිහාමිගේ නිරුපණය පේ‍්‍රක්ෂකයාට  දර්ශනය වේ.වියළිය කලාපිය පරිසරයට අවේනික ශුෂ්ක පරිසර චලනයන් කිහිපයකට පසුව ය.ගම යුද්ධයේ ගොරු බිමක් බවට පත්ව ඇති ආකාරය විදර්ශනය කරනු ලබන්නේ පාපැදියක ග‍්‍රාම ආරක්ෂක භටයෙකු විසින් කැටුව යන හාමුදුරුනමක් දර්ශනය විමෙනි. 

මේ මගින් පේ‍්‍රක්ෂකයාට නිරුපණය කරන්නේ කුමන මොහොතක හෝ යුධ ගොදුරක් බවට පුද්ගලයන් පත්පත්වන බවත් ගමේ  ආරක්ෂාවට ආරක්ෂක භටයන් යොදා ඇති බවත්ය.මියගිය පුද්ගලයා කුමන පුද්ගලයෙකුද යන්න වටහා ගැනිමට පහසු වෙන ආකාරයෙන් ජාතික කොඩිය මිනිපෙවිවිය උඩින් අතුරා තිබිමෙනි. මේ සියල්ලම දෙස වන්නිහාමි නිසොල්මනේ එළිපත්තට වි බලාසිටි. ඹහුට මේ සියල්ලම මායාවකි.සිය පුතු මරණයට පත් නොවු බව ඹහු තරයේ විශ්වාස කරයි.සිය දරුවාගේ මිනිය නිවසට ගෙනවිත් වලදමන තුරු කිසිවෙකු සමග කතා කරේ නැත.එක් පුද්ගලයෙකුගේ මනස තුල ඇති වන චිත්ත පිඩාව පිළිබද සමස්ථ සිනමා පටය තුල නිරුපණය කරණු ලැබේ.එක අතකින් පුද්ගල මනෝ මුලික වූ සිනමා පටයක් බව පුරහද කළුවර සිනමා පටය පෙන්වා දිය හැකිය. 
        
          

No comments:

Post a Comment

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...