වරිචිචි බිත්ති වලින් ගොඩනැගු මේ කුඩා නිවස තුළ ජිවත් වන්නේ අමිමාත්,තාත්තාත්,මාත්,මගේ නැගණියත් ය.මම සත්‍යා.අප ඉතාම ණය බරින් ජිවත් වෙයි.තාත්තා කුළි වැඩ කරමින් එළවඵ වගාකරයි.අමිමා එළවඵ රුගෙන සතියකට තෙවතාවක් පොළට යයි.මා ඉගෙනිමට දක්ෂ වුවද ඉගනිමට තරමි මුදලක් අප සතු නොවිය.මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි මා ගෙදරට වි දෙමාපියන්ට තවත් බරක් වි සිටිමෙන් පළක් නොවිය.
අපේ ගමට අල්ලපු ගමේ මහා විශාල බංගලාවක් විය.එහි වැඩට ගැහැණු ළමයෙකු සොයමින් සිටි අතරේ මට එහි වැඩට යාමට අවස්ථාව උදා විය.මා එහි වැඩට යාම පිළිබදව තාත්තා තරමක් නොසතුටෙන් සිටියේය.
මම කැමති නෑ ලොක්කියේ උඔ ඔය අනුන්ගේ දැලි කුණු අතගානවාට උඔට කන්න බොන්න දෙන්න අපට බැරිකමක් නැ
ගෙදර වෙලා වැඩක් කර ගනින් කෙල්ලේ.
එහෙම කියන්න එපා තාත්තේ ගෙදර හිටිය කියල වැඩක් නැ. අනික ගෙදර එන්ඩ එන්ඩම අගහිකකමි වැඩිනේ
අනේ මන්ද කෙල්ලේ, මොනව කරත් පරිස්සමට
පසු දා උදැසන මා අමිමා සමග විමලසුරිය මහත්තයලාගේ ගෙදරට ගියහ.ගේටිටුවේ මුරට හිටිය පියදාස මාමාට අපි විස්තර කියු අතර අපට ගේටිටුවෙන් ඇතුල් විමට අවසර ලැබුණි.
මොකක්ද මේ ළමයාගේ නම කිව්වේ
මම සත්‍යා නෝන
වයස
මට අවුරුදු 16 යි
උඔ දන්නවද උයන්න,පිහන්න
ඔව් නෝනා
එහෙනමි අහ ගන්නවා
උදේම උයල පිහල වැඩ ටික ඉවර වෙලා ගෙවල් දොරවල් සුද්ද කරන්න ඕන.
තව........... ඇදුමි සෝදලා මමයි මහත්තයයි දෙන්නම දවල්ට ගෙදර එනවනමි උයන්න ඕන.
මට පුතාලා දෙන්නෙක් ඉන්නේ
ලොකු රට ඉගෙන ගන්න ගියා
පොඩි තාම ඉගෙන ගන්නවා
ගෙදර වැඩට ඉන්න සුමනා ළගදිම යනවා
මම කිවිව වැඩ කරන්න පුඵවන්ද
ඔවි නෝනා
පඩි ගැන පස්සේ කතා කරමු.මුලින්ම වැඩ ටික කරන්න
මේ දැන් ඔය ළමයා කුස්සිය පැත්තෙන් එන්න මම බඩු තියෙන තැන් පෙන්වන්නමි.
හරි නෝනා
අම්මේ මම හවස එන්නමි,අමිම දැන් ගෙදර යන්න
හරි මගේ පුතේ මේ වගේ දිව්‍ය විමානවල වැඩ කරන කොට බලාගෙන
හරි අමිමේ බය වෙන්න එපා
මා මුල් වරට මෙවැනි ගෙදරකට ඇතුල් උනාමයි කියා මට අදහ ගැනිමට නොහැකි තරමිය,මෙය සැබැවක්ද මායාවක්ද කියා සිතා ගැනිමට නොහැකිව මා පසු විය. බිමට අඩිය තියෙන විට කකුල් දෙක සිතල වේලා යන තරමි,වට පිටාවේ විවිධ විදුලි උපකරණ වලින් පිරි ඇත.මෙය අදහ ගැනිමට නොහැකිව මා නෙත් යුග්මය දස දෙස යවා බැලුවද එය නිමක් නොවිය.
සත්‍යා මේ අපේ කිචන් එක
මේ කබඩි වල ඕන බඩු සියල්ලම තියෙනවා.සුමනගෙන් කළමණාකරන තියෙන තැන් අහගන්න.
ආ ............ එක දෙයක් පොඩි පුතා එක්ක වැඩි කතා බහක් ඕන නෑ
හරි නෝනා
දැන් වැඩ පටන් ගමු
දරුවෝ ඔය ළමයට නමි මේ ගෙදර දවස් දෙකෙන් එපා වෙයි.
ඇයි සුමන අම්මේ එහෙම කියන්නේ.
මේ ගෙදර ඉන්නේ තුන් දෙනයි මහ දෙන්නගෙන් බේරෙන්න බෑ
නුලටම වැඩ ඕන
අනේ පොඩි බේබි නමි එහෙම නෑ හරි හොද ළමයා
ඇයි දැන් සුමන අමිමි මෙහෙන් යන්නේ
මට මේ ..............
ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද
දුව වගේම දුවෙක් මටත් ඉන්නවා ඒත්............. ඇස් පෙන්නෑ
අනේ පවි සුමන අම්මේ
ඇස් වලින් වැටෙන කදුඵ බිදු ඇයගේ චිත්ත පොටෙන් පිසදා හරි
මම මේ මගේ දුක කියනවා නෙවෙයි පුතේ මගේ මනුසයා නැති වුනේ ඒකි පොඩි සන්දියේ.ඒදා ඉදන් කුලි වැඩ කරමින් මම එකිගේ පණ කෙන්ද රූක ගත්තත් ඇස් සුව කරන්නට බැලුවේ නෑ.මම මොනව කියල කරන්නද පුතේ එකි අර බිත්ති කොට හතරට හිර වේලා මුඵ දවසම ගෙවනවා,පාන්දර කුකුළ හඩලන්නට කලින් මම මෙහේ දුහන් එනවා.මට කන්න කියල දෙන දන්කුඩ රෙද්දෙන් ඔතන් මං ගෙදර මිනිස්සු පිට වුන ගමන් ගෙදර දුහනවා පුතේ ................
නැත්තම් එකි මුඵ දවසම හාමතේ මගේ බඩට කැම ටිකක් වැටුණත් වැඩක් නැ හොස්ගලා යනවා බඩ ගින්නේ ඉන්න කෙල්ල මතක් වුණාම.
ඇගේ කතාවෙන් මගේ දෙනෙත් තෙත් විය.ඉබේටම ඉකිබිදුනද එය මා වාවාගෙන ඇගේ කතාවට සවන් දුන්නෙමි.
සුමනා............ සුමනා
මට පරක්කු වෙලා තියෙන්නේ අපේ කෑම ලැස්තිද ඉක්මනින් මේසයට ඇරියනම්
සුමනා අම්මා තිගැස්සි නැගි සිටියේය.ඇය පසු පස මා දිව ගිය අතර කෑම පිළියෙල කිරිමට මාද සහය විය.
කහ බතක් හා පරිප්පු,මාඵ,මැල්ලුමක්,පපඩම්,පොළොස් ඇඔුලින්ද පිළියෙල වූ ආහාර වේල සදහා දැන් ගහෙන් කැඩු නැවුම් පළතුරු වට්ටියක්ද විය, පාන් පෙති කපා ලොකු ජෑම් බෝතල් කිහිපයක් මේසය පසෙක දිස් විය.අප හතර දෙනාට මාස 2කට වඩා ගැනිමට හැකි ආහාර ප්‍රමාණයක් මොවුන්ගේ මේසයේ එක් දිනකට එකතු වි තිබුණි.අප එක් වේලක් ගැනිමට නම් මුඵ දවසම වැඩ කළ යුතුය.එහෙත් මාඵවක් සමග බතක් පමණක් අප ආහාරයට ගනි.ඇසට කදුඵ නැගුණද මෙය අපට කිසි දිනක නොලැබෙන දෙයක් බැවින් දකින හීනවල පලක් නොවිය.
උදැෑසන කෑම වේලෙන් පසු සුමන අම්මා නික්ම වුයේ සියඵම වැඩ මට පවරාය.ඇය වැඩ කරන ආකාරයද මට පැහැදිලි කර මාගේ අත දැඩි ලෙස ග්‍රහණයෙන් රදවාගත් ඈ දිසුසුමක් හෙලා නික්ම ගියහ.
.................. ........................ .................. ........... ..............
සුමන අම්මේ අනේ මට හොද කෝපි කෝප්පයක් ගෙන්න,මට හරිම තිබහයි.මා මේ ගෙදර වැඩට ආ බව පොඩි බේබ් නොදන්නා බැවින් මා සද්දයක් නොකර කෝපි කෝප්පය පිළියෙළ කළහ.මා කෝපි කෝප්පය රුගෙන යාමට සුදනාමි වු විගස මාගේ නෙත් අදහ ගැනිමට නොහැකි තරමි වු දර්ශනයෙන් මා තරමක් බිය විය.
මා අතිතයේ එක් තැනකදි අතර මං විය.
මිට මාස කිහිපයකට පෙර මා පාසල් ඇරි නිවසට යන විට මගේ ඉරුණු සපත්තු දෙක හා රෙදි කෑලි තබා මසා ඇති බෑගයද හා ගවුමද දෙස බලා දිනක් පිරිමි ළමයින් පිරිසක් උසුඵ විසුඵ කර මගේ නැතිබැරිකමට ගරහන්නට විය.එහෙත් මා කිසිවක් නොකිය එතනින් නික්මවිය.
එක් පිරිමි ළමයෙකු මා ළගට විත්.....................ඕව ගැන හිතල අඩන්නට එපා නංගි,අපේ උන් දුප්පත් මිනිස්සුන්ගේ ජිවිත වල කටුක බව දන්නේ නෑ. යාඵවෝ කරපු විහිඵ වලට සමාවෙන්න,යනුවෙන් අයදින විට කඵ පැහැති තරමක් උස,ඇස් රකුසෙකුගේ මෙන් භයන්කාර ගෙන දෙන ඔහුගේ මිතුරෙකු එක එල්ලේම මැදට පැන ගත්තේය.
අනේ මේ කසුන් උඔයි මායි දන්න කෙහෙල් මල් දුප්පත්කම,මේ වගේ වැරිසල් ඇදන් මොකට පාරට බහිනවද
මේ කට වහගනින්
ඇයි මොනව කරන්නද
මනුසයෙකුට කතා කරන්න ඉගෙන ගනින්,තිරිසන්නු වගේ හැසිරෙන් නැතුව.
එදා ඒ මුහුණ දැකිමෙන් පසු අද දකින දර්ශනයෙන් මා තරමක් බිය වි,සිතද මෙන්ම ගතද කිලිපොලා යන බව මා හට හැගුනේ අත ඇති කෝප්පය සෙලවෙනවාත් සමගය.ඔහු වේගයෙන් ළගට විත් කෝප්පය රුගෙන පසෙකින් තැබිය.
මා තිගැස්සි අඩි කිහිපයක් පසුපසට වි මුහුණ බිමට බර කරගත්හ.
ඇයි නංගි ඔයා මෙහේ
සුමන අම්මා නැද්ද
මොකදරෑ මේ බය වේලා
ඔහුගේ ප්‍රශ්න වැලක් විය .
මා ඒ එකකටවත් පිළිතුරක් නොදුන් අතර බිම බලා අඩන්නට විය.
බය වෙන්ඩ එපා.මම ඔයාට මොනවත් කියන්නේ නෑ.මා මෙතනින් යන්නමි කෝපි කෝප්පය හදලා දුන්නට ගොඩක් ස්තුතියි. මෙවන් වු ඉහළ පැලැන්තියේ මිනිසුන්ගෙන් අප වැනි දුප්පතුන්ට පැසසුමි ලැබිම පුදුමයට එක් කරුණකි.
රාත්‍රි කෑම සකසා සියල්ල පිළියෙල කර මා කුස්සියේ බංකුව මත වාඩි වි සිටියහ.
අම්මේ කෝ අද සුමන අම්ම
ඇයි පුතා එහෙම ඇහුවේ
නැ...... නිකම්
ආ ....... සුමන ආයේ එන්නේ නෑ පුතේ
අර කවුද
මේ ගෙදර වැඩට අලුතෙන් ආව සත්‍යා
මම පුතාට කියන්න හිටියේ ඒ ළමය එක්ක ඇයි හොදයිකමි පවත්වා ගන්න එපා හරිද, ඔවුන් කාලයක් මිනිස්සුන්ගේ රෙදිපිළි හෝදවුවා,දැන් කුලි වැඩ ඒ මදිවට උන්ගේ ළමයිත් කුලි වැඩ.
අමිමා කියන දෙයක් කියන්න අපි හැමෝම මිනිස්සු, අපේ ඇගේ දුහන්නේ එකම ලේ මිනිසුන්ට අපහස කරන්න එපා.
ඔවුන්ගේ කතාවෙන් මගේ නෙත් තෙත් විය.අපේ දුප්ත්කම නිසයි අපි මේ විදියට ගෙවල් වල වැඩ කරන්න යන්නේ යැයි මට හයියෙන් කෑ ගසා කියන්නට සිතුවද,එය මා ගිල ගත්තේ මොවුන්ගේ මුදල් මත අප නිකමිම පයට පැගෙන දුවිල්ලක් තරමි නොවටින නිසයි.
සත්‍යා මෙහාට එනවා යැයි ලොකු නෝනාගේ ගොරහැඩි කට හඩ මාගේ දෙසවනට ඇසෙත්ම,විදුලි වේගයෙන් මා මේසය අසලට විසි විය. ඔය ඉරුණු ගවුමි කෑල්ල ඇදගෙන මෙහේ ඉන්න බෑ.මම ගවුමි රෙදි කෑල්ලක් ගත්ත එක මේසය උඩ ඇති එක අරන් මහ ගන්නවා ගවුමක්,රෙද්දේ ගාන මන් පඩියෙන් අඩු කරනවා.දැන් මෙක අස්කරල ගෙදර යනවා හෙට උදේම අයේ එනවා.
හරි නෝනා
මා ආපසු ඒමට හැරුණු විට
ආ............ මේ තව දෙයක්
මේ මගේ පොඩි පුතා කසුන්,මේ මහත්තය නමුත් අපි ගෙදර ඉන්න වේලාවට ඉස්සරට වැඩිය පෙන්න එන්න එපා අනික අපේ නේබස්ල නිතරම යනවා එනවා. ඒ මිනිස්සු එක්ක කතා එපා. අනේ ඇත්තට................ අපේ ගාමටි එක හින්ද තමයි මේ වගේ කන්න අදින්න නැති වුන්ට වේලක් දෙවෙලක් හරි බඩකට පුරව ගන්න පුඵවන් වෙන්නේ නේද මහත්තය.
හරි දැන් පලයන්
මේ අයුරින් ලොකු නෝනාගේ විවිධ දෝෂාරෝපණ ඉවසාගෙන මා එහි වැඩ කරමින් සිටින්නේ තුන්වෙනි මාසයයි. විභාගයේ ප්‍රතිඵල නිකුත් කර දිනය උදාවිය.මාගේ ප්‍රතිඵල දැන ගැනිමට පාසලට ප්‍රතිඵල එනතුරු බලා සිටිමට සිදුවිය.
මා මල් පැල වලට සාත්තු කරමින් මිදුලේ සිටින විට
නංගි ඔයාගේ Exam Number එක කියන්න මට
මට........ එක මතක නෑ බේබ්
බොරු කියන්න එපා මට එක කියන්න
නෑ ඕන නෑ ලොකු නෝනා දැක්කෝත් මට විසුමක් නැති වෙයි.
අමිම බැන්නෝත් මටනේ,ඇගේ වදින් නැනේ
මාගේ කට වචනයෙන් පොඩි බේබිට ප්‍රතිඵල දැන ගැනිමට ඇති ආශාව නොපෙන්නුවත් මගේ හදවත ගැහෙන තරමට මා හට දැනුනේ ප්‍රතිඵල දැන ගැනිමේ නොහික්මුණු ආශාවයි.
ආ පොඩිබේබි මං කියන්නමිකෝ........
62613507
නංගි මේ බලන්නකෝ
බේබි කියන්නකෝ බලන්න
A4 B5
මා මේ දකින්නේ හිනයක් නොව සැබැවක් යැයි මට හැගුනේ මා අත තිබු මුල්ලුවද බිමට වැටුණු හඩින්ය.හැමදාම දුක වෙනුවෙන් කදුඵ ඉනු මාගේ නෙත් අද සතුටු කදුඵ වලට ඉඩ දි ඇතැයි මට සිතින.
ඇයි,මේ අඩන්නේ
මට හිතා ගන්නවත් බෑ ඔයා ඉගෙන ගන්න දක්ෂ ළමයෙක් කියල,ඔයා අනිවාර්යෙන් විශ්ව විද්‍යාලයට යනවා එක මට විශ්වාසයි.හරි මම යන්නමි ඔයා වැඩ කරන්නකෝ.
මා මෙදින ගෙදර දිව ගියේ කියන්න බැරි සතුටිකින්ය,එය කිවු සැනින් අමිමා මෙන්ම තාත්තා නංගිත් හැඩුමිබර කදුඵ මතින් සිනාසෙන්නට විය.
පුතේ උඔ අර ලොකු විභාගයත් කරපන්
ඕවට කොහෙන්දරෑ තාත්තේ අපට සල්ලි
අන්තිමේටම මා කලා විෂය දරාවෙන් උසස් පෙළට විෂයන් තෝරා ගන්නා ලදි.මා උදැසනින් කසුන් බේබ් ලාගේ ගෙදර වැඩ නිම කර කඩි මුඩියේ නිවසට පැමිණ පාසල් ගොස් නැවත එම නිවසේ වැඩට දුහන මාගේ දින චරියාවදය වේ .දිනක් මා රාත්‍රියේ පාඩමි කරන විට අමිමා මා අසලට විත්, පුතේ ඔය හැටි දුක්විදින්න බැ.තාත්තයි,මායි හොයන එකෙන් අපි එක වේලක් කාලා ඉමු මේ බලපන් උබගේ ඇගේ ඇට කටු ඔක්කෝම එළියට පැදිලා.අපි දුක් වින්ද තරමට තමයි අපට කවද හරි සැපක් විදින්න ලැබෙන්නේ අම්මේ .
......... ............ ............. ........... ........... ..........
දිනක් ධාහරානිපාත වර්ෂාවක් ඇදහැලෙන්නට විය.රාත්‍රි සියඵ වැඩ නිමකර නිවසට යාමට පිටත්විමට තැත් කළද යාමට නොහැකි තත්වයක් එදින විය.
සත්‍යා මේ වැස්සේ යන්න බෑ නේ,හෙට උදේම ගෙදර යන්න කුස්සිය ගාව ගබඩාවේ ඇදක් ඇති එකේ නිදාගනින්,
මට ගෙදර යාමට උවමනාව තිබුණද වෙනදා මෙන් මාව කැටුව යාමට පියාද පෙනෙන තෙක් මානයක නොවිය.ගෙදරින් පිට වි සිටි පළමු රාත්‍රිය වු බැවින් මා තරමක් වේදනාවෙන් මිරිකෙමින් ගබඩා කාමරය තුලට ගියහ.එහි තරමක් මකුඵ දැල් බැද තිබු අතර සුව පහසු ඇදක්ද විය.මා කිසි දිනෙක ඇදක් මත වාඩි වි නොසිටි සිටි අතර මුල් වරට මා ඇද මත හිද ගත්හ.වෙනදා මාගේ නිදි යහන වු පැදුර අද සුවපහසු ඇදක් විය.දුහුවිලි ගසා දමා ඇද මත දිගා වුවද මාගේ සිත ගෙදර තුළ විය.අප හතර දෙනා පැදුර මත නින්දේ දි ලබන සැප මේ නින්දේදි මා හට නොදැනෙන්නේ මන්දයැයි මට සිතිනි.
සිතලේ වෙවුලමින් මා අවධි වුයේ නුපුරුදු ශබිදයත් කනට වැකුණ නිසාය. දැඩි අනධකාරය පරිසරය වෙලා ගනිමින් තිබුණ නිසාද අමිමාද,තාත්තාද,නැගණියද මාගේ නෙත් අතර විටෙන් විට හොල්මන් කරන්නට විය.නින්දක් අසලක නොවිය. වැස්ස එන්න එන්නම වැඩි විය.පාන්දර 5 වන විට මා නා කපන වැස්සේ නිවස බලා ඇදෙන්නට විය.ඇවිද ගැනිමට හැකි වුයේ මද දුරකි.මුඵ පාරම වතුරෙන් පිරි ඇත.මා ගසාගෙන යන තරමි විය.මාගේ සිතේ තිබු දෙගඩියාව නිසාදෝ වැස්සත් සමග ඇතින් ඇසුනේ විලාප හඩකි. එය සැක හැර ගනු පිණිස මා වීර්ය යොදාගෙන ඉදිරියට ඇදෙන්නට විය.අපගේ නිවස දැක ගැනිමට නොහැකි විය .මහා විශාල ගලකින් හා මඩ වලින් ගිලගත් නිවෙස් කිහිපයක් මගේ නෙත් මානයට හසු විය.
අදහ ගත නොහැකි වේදනාවෙන් මිරිකි මා විලාප දෙන්නට පටන් ගත්තේ ඉබේටමය. දෙමාපිය දෙපළගේත්,නැගණියගේත් මිණිය සොයා ගැනිමට හැකි වුවද, ඒ වන විටත් ඔවුන් මෙලොව අතහැර දමා ගොස් යැයි මා හට පිළිගැනිමට නොහැකිවිය.මා මෙන්ම අවතැන් වු සියඵ දෙනාගේම හිසට සෙවනක් වුයේ ධර්මශාලා භුමියයි.මාසයකට අධික කාලයක් මා පන්සලේ නතර වුවද අනෙක් සියඵ දෙනා පන්සලෙන් නික්වෙමින් සිටියේය.අවසානයේ මා බංගලාවේ වැඩට ගියහ.
වේදනාව අධික විය මා මෙලොව තනි කර දෙමාපියන් නොමැති ලොවක මා සිටිමේ ප්‍රයෝජනය කුමක්ද රෑ යන්න මගේ සිතට නිතර වද දුන් කරුණක් විය.සිත මෙන්ම ගතද අප්‍රාණික වු මා බංගලාවේ ගේටුවෙන් ඇතුල් වුයේ මා සතු දුක ටික මොහොතකට සිතෙහි තද කරමින්ය.මන්ද මාගේ දුක කියා සිතට සහනයක් ගෙන දිමට තරමි මාගේ යැයි කිව හැකි කිසිවෙකු මා ළග නොමැති හෙයිනි. කුමක් කියාවිද කියා ගේටුව තුළින් ඇතුඵ වන මා දුටු ලොකු නෝනා කිසිදු බග විභාගයකින් තොරව මාගේ ඇගට කඩා පැන්නේය.
ආ........... උඔට මන් පණිවිඩ කියක් යැවුවද අද ද මෙහේ මතක් උනේ,අනේ ඇත්තට.............. මං මේ වගේ වුන්ද වැඩට තියන් ඉන්නේ,මටයි ගහන්න ඕන.ලොකු නෝනාගේ වචන වලින් මාගේ සිත තවත් බිදි ගියේය.
අනේ නෝනා මට දොස් තියන්න එපා........ මට ඉකිබිදුණි
අපි හැමෝම මැරෙනවා යනවා කුස්සියට වැඩ කරන්න
කෙතරමි සල්ලි තිබුණද මොවුන් තුළ කිසිදු දයාවක් අනුකමිපාවක් නොවිය.මා සුපුරුදු පරිදි ම වැඩ කරගෙන යන ලදි.ගබඩාව තුළ සිරවු මගේ ජිවිතයට කිසිම ආලෝකයක් නොවිය.
දිනක් මා මිදුල අතුගාමින් සිටින විට
නංගි පොඩිඩක් මෙහාට එන්න
ඔයා කරපු subject මොනවදරෑ
මම......... මේ
ඇයි බේබ්
ඔයාA/Lකරන්න ඕන
මට ආයේ ඉගෙන ගන්න හිතක් නැ
හැමදාම මිනිස්සුගේ දැලි කුණු සෝදන්නද හිතන් ඉන්නේ,ඔහුගේ වචන වලින් මා ගල් ගැහුණි.කිසිම දෙයක් සදහා ඇලුමි නොකල මා කරන විෂයන් ඔහුට පැවසුවේය.ඔහු සමග වාද කිරිමේ පලක් නොවන බව දැනගෙනයි
කාලය ගෙවි ගියේ වේගයෙනි උසස් පෙළ විභාගයට මා ඉල්ලුමි කර අතර පොඩි බේබ් ගෙනත් දුන් පොත් රාත්‍රිය පුරා මෙන්ම ඉඩ ලැබෙන හැම අවස්ථාවකම මම පාඩමි කරන ලදි. ඔහු යහඵවන්ගෙන් ඉල්ලා ගන්නා පොත්පත් මට ගෙනත් දෙන්නේ මහත් උනන්දුවකිනි.මා විභාගයට පෙනි සිටිමට අකමැත්තෙන් පසු වුවද, බේබිගේ පෙරුත්ත කිරිම නිසා මා විභාගයට වාඩි විය.
........... ........... ....... ........... ..... ......... ...... .......... ...... .........
උසස් පෙළ විභාගයෙන් මා විශිෂ්ඨ අයුරින් සමත් වු අතර විශ්ව විද්‍යාල වරමි මට හිමි විය.එහෙත් එවැනි වරමක් ලැබුවද වියදමි කිරිමට මා සතුව ඉතිරි වි ඇත්තේ මාසයෙන් ලැබෙන සුඵ ආදායම පමණි.විශ්ව විද්‍යාලයට ඉල්ලුමි කර කැලණිය විශ්ව විද්‍යාලයට තේරිපත් වි ඇති බව දැන ගැනිමට ලැබුණි.එහෙත් මේ සියඵ දේ පවසා සතුටු විමට සිටියේ පොඩි බේබ් පමණයි.
විශ්ව විද්‍යාලය සොයා ගන්නේ කෙසේද යන වග පිළිබද දෙගඩියාවෙන් මා පසු විය.මා නිවසින් එළියට බැස ගත්තේ ඇදුමි 4 හා ලෝකු නෝනා දුන් රු.4000 මුදලක් අත ඇතිවය.මා යාමට අවශ්‍ය මාර්ග හා ස්ථාන නාම නෝනාට කියා සටහන් කර ගත්තේය.මාගේ ඇති අවාසනාවට මා හට මේ ගමන යාමට සිදු වන්නේ තනිවමය.මාගේ දෙමාපියන් මෙවන් වු මොහතක මා ළග සිටියා නමි මා අද මේ ගමන යන්නේ පවුලත් සමගය.ඔවුන්ට මෙවන් වු සතුටක් දිමට තරමි මා පවිකාරියක් වන්නට ඇතැයි මා මටම කියා ගත්තේය.
මා පාන්දරම පාරට පැමිණ කුරුණැගල බසයට ගොඩ විය.කිසි දාක අත් නොවිදි මේ ගමනද එක් අයුරකින් මට සතුටක් ගෙන දුනි.කුරුණැගල බස් නැවතුමි පොළෙන් බැස ගත් මා කොළඔ බස් රථය සොයා ගැනිමට මහත් වෙහෙසක් දැරිමට සිදු විය.කොළඔ බසය සොයා ගත් මා කැලණි විශ්ව විද්‍යාලයට බස්වන ලෙස ඉල්ලමින් ටිකටි පතක් මිළ දි ගත්හ.පැය 3කට අධික කාලයක් ගිය පසු මා බැස ගත්තේය.මා බසයෙන් බැස ගත් පසු උරින් උර හැපෙන සේ එකම හිස් යායක් මා හට දැක ගැනිමට හැකිවිය.ඊට නොදෙවෙනි ලෙස වාහනද ඒ අසල විය.සියඵ දෙනාම පැමිණ සිටියේ තමාගේ පවුලේ අය සමග වුවත් මා හට එවැනි කිසිවෙකු නොවිය.දෙමාපියන්ගේ අඩුව මා හට තවත් දැනුනේ මා අතින් කටින් එල්ලාගෙන සිටින බෑග් වල බර දැනෙන විටය.
ගෙවි ගිය බාට දෙකක් දමා ගවුමක් ඇද සිටි මා කුඩා ගේටුවක් තුළින් ඇතුල් විය.පිපාසයෙන් මෙන්ම බඩගින්නේද හිත තුල කැකැරෙන වේදනාවෙන්ද මිරිකුණු මා විශාල ගසක් යට ඇති බංකුව මත වාඩි විය.මගේ නෙත් වලට කදුඵ බිදු ගලා ආවේ නිරායාසයෙනි.මා කල්පනා ලෝකයේ මිදෙමින් සිටි අතරේ මා ළගට ආ ළමයා මා සමග සිනාසිය.ඇගේ පෙනුමෙන් ද්‍රවිඩ මිතුරියක් විය.
ඔයාගේ .....නේමි එක
මම සත්‍යා
ඔයා තනියමද ඉන්නේ
මට ෆෙන්ඩි කෙනෙක් නැ
ඔයා මාත් එක්ක එක Room එකේ සෙටි වෙමුද
මා ඇය පිළිබදව කිසිවක් නොදැන සිටියද ඇයගේ කතාවෙන් තනි වි සිටි මට යමෙකුගේ සහය ලැබිම එක් අතකින් සතුටට කරුණක් විය.ඇය මා සමග විහාරමහාදේවි නේවාසිකාගාරයට ඇතුඵ විය. අප දෙදෙනා පහළ මහලේ කාමරයක් හිමිවිය.එහි ඇතුඵ වු මා කෙරෙහි නෙත් ගැටුනේ පැන්සල් තුඩින් බිත්තිමත ලියා ඇති කුරුටු ගි කෙරෙහිය.
තේරි ගලියා ගලකින් ඔඵවට කෙළියා........
මම ඊයේ ..... ඉස්පිරිතාලේ හිටියා......
කන්නට දුන්නේ අලයි පරිප්පුයි සැමදා.........
මේ සංසාරේ......... චිකන් කෑල්ලක්වත් ඔින.............
මා මෙන්ම මිතුරියද පහළ ඇදක් තෝරාගත් අතර එහි චිත්තයක් දමා මා දිගා විය.සරසවි වරම හිනයක් වු මා අද දකින්නේ සැබැවක්ද යන්නට මට තවව අවිනිශ්චිතය.
සත්‍ය.....යන වදනෙන් මා නැවත පියවි සිහියට ආවේ
මගේ අප්ප යන්න යනවා ඔයාට කතා කරන්න පුඵවන්ද
ද්‍රවිඩ පුද්ගලයෙකු වුවද ඔහුද පියෙකි මා දනින් වැටි ඔහුට වැන්දේය
දුව මගේ දුවත් එක්ක ඉන්න, එයාටත් මන් විතරයි ඉන්නේ, යුද්ධයෙන් කෙල්ලගේ අමිමයි මල්ලි නැති වුනා, යන වදන පිට වන විට ඔහුගේ හැඩුමි බර බව වැඩි වන්නට විය.ඇයට පියා හෝ සිටි මට කිසිවෙකුගේ හවු හරනක් නොවිය.
.......... ........ .......... .......... ......... .......
පසු දින උදැසන ජේෂ්ඨ උත්තමයන් අප දෙදෙනා බැගින් පේළියට සිටු විය. අප කැලණි කන්ද බසිමින් ගමන් කරන විට දෙපස සිටි ජේෂ්ඨ උත්තමයන් සිටින බැවින් ඔවුන්ට ඨදදා ඵදරබසබට කිමට සිදුවිය.අප ඔවුන්ගේ මුහුණ දෙස හොරෙන් බලමින් එය පවසයි.ඇතමෙක් අපෙන් පෙරලා ප්‍රශ්න නගයි.
ගම කොහේද
ඉස්කෝලේ
කරපු Subject
ආදි අපෙන් විමසයි එක් වැඩි මහල් ශිෂ්‍යාවක්
ඇයි මේ ගවුමි කෑල්ලක් ඇදන් උඔල මේ සති 3 නේ හොදට ඉද පල්ලාකෝ ඊට පස්සේ ගාණට හදල ගන්නමි
විශ්ව විද්‍යාල ජිවිතය ඉතා සුන්දර යයි යමෙක් පැවසුවදරෑ ඔවුන්ගේ කුරිරු වචන වලින් මාගේ සිත රිදුමි දෙන්නට විය.වේලක් ඇර වේලක් ආහාර ගනිමින් සති 3 නක් ගෙවි ගියේ නොදනුවත්මය. අත ඇති මුදල් සියල්ලම අවසන් වෙමින් පැවතියහ.ජේෂ්ඨ උත්තමයන් මේ වන විට විශ්ව විද්‍යාලයට පිවිස සිටියහ.
උදැසන 7 වන විට අප තෙල් බැමිම ළගට රොක් විය.බොහෝ ගැහැණු ළමයින් දිග සායක් හා අත්දිග බවුසයකින් සැරසි සිටි. හැමෝම මෙහාට වරෙල්ලා හැමෝටම පොදුවේ කියන්න ඕන ඒව මා කියන්නමි,කෙල්ලන්ට කියන්න ඕන ඒවා අපේ බැචි ලිඩර් කියයි.හැමදාම 7 වෙනකොට උබල මෙතෙන්න එන්න ඕන,එක එකා ගනමි පාටි තියා ගන්න බෑ,මේ අතරතුරේදි අප සහෝදරියන් කිහිප දෙනෙකු කලන්තය දා වැටුණි.
ගැහැණු ළමයින් පමණක් ආයුර්දවේය අසලට පිය මනින ලෙස සභාපති අපට පවසයි.ඇය පසු පස අප ඇදි ගියේ යමෙකු අප පසුපස ලුහුබදින්නාක් මෙනි.උඔලගේ ඇදුම වෙනස් කරන්න ඕන.දිග සායක් හා අත්දිග බවුසයක් අදින්න ඕන.සායේ,බවුස් එකේ දැල් හිල් පෙන්න අදින්න බෑ. කොණ්ඩෙ තෙල් ගලා ගොතන් ඉන්න ඕන.අපි උබලට දුන්න ලයිසන් එක හැම වේලේම අතේ තියෙන්න ඕන.
ආදි නොයෙකුත් දේ පවසන්නට විය.නවකයන් විශ්ව විද්‍යාලය තුළ සැරිසරනවා නමි දිගට අදින්නට ඔවුන් අපව පෙළඔ විය.මාගේ මිතුරිය ලගද ඇත්තේ සායවල් 2 පමණි.ඇයට කරදර කිරිමට මගේ සිතට වේ දනාවක් ගෙන දුනි. රාත්‍රි නින්දට වැටුණේද හෙට දිනය කුමක් කරන්නද යන්න පෙරදැරිවය. දැඩි රස්නයත් මදුරුවන් තලමින් මා නින්දට වැටුණත් උදැසනම අවධි විය.
.......... ......... ........ ....... ......... .......
පසු දින උදැසන
ඒ කොට ගවුම මෙහාට එනවා ඊයේ ආවද ඵැැඑසබට එකට ඔවි ආව අක්කේ.එහෙනමි තෝ මොකදරෑ මේ ගවුමි කොටයක් එල්ලන් ඉන්නේ ,මට අදින්න ඇදුමි නෑ,ඇයි උඔ දැන් ඇදන් ඉන්නේ ඇදුමක් නෙවෙයිද
ඇය සමග වාද විවාද කිරිම කිසුදු පලක් නොවිය. මේ ආකාරයට මා දින කිහිපයක් ඔවුන්ගේ දෝෂාරෝපණයට ලක් විය. දිනක් දේශනයට යාමට මට බැමිම පසු කරගෙන යාමට සිදුවිය.
ඒ මෙහාට වර කෝ උඔගේ ලයිසන් එක
එක අමතක වුණා
මේ බලපන්කෝ බං මේකි ගවුමක් එල්ලන්,ලයිසන් එකත් අමතක වුණාලු,ඇය හයියෙන් සිනාසෙන්නට විය.ඇය මාව වෙන තැනක සිසුවියක් ලගට යැවිය.
කියපන් බලන්න කැන්ටින් කියක් තියෙනවාද කියල
ජිමි එක, හිල්ටන් ආදි මම වචන පටලෙවෙමින් උචිචාරණය කරන්නට විය.දවස් කියක් මම උඔට කිවද මේ ගවුමි කැල්ල අදින්න එපා කියල.
හෙට ඉදන් උඔ ඔය ගවුමි ඇදන් එන්නෑ.ඇය කුමක් කිවද මා බිම බලාගෙන සිටියේය.
අක්කේ මට අදින්න තියෙන්නේ ගවුමි 2 ක් විතරයි.
විශ්ව විද්‍යාලය යනු එක් තැනකදි පුද්ගල ජිවිතයේ යමි සංස්කෘතිකමය විපර්යාසයකට ලක් වන තැනකි.එහිදි සියඵම සිසුන් එක හා සමාන වේ .වයසින් වෙනස් වුවද එකම අධ්‍යාපන මටිටමක් ඇති පිරිසක් වේ.මුදල් ඇති නැති සියඵ දෙනා විශ්ව විද්‍යාලයට ඇතුඵ වන්නේ රුකියාවක් බලාපොරොත්තුවෙනි.මා තුළ ඇති වේදනාව මොවුන් දන්නේ නැහැ. ජේෂ්ඨ උත්තමයන්ට මා ගරු කරමි.විශ්ව විද්‍යාලයේ අලුත් සංස්කෘතියට මා ප්‍රිය කරමි.එහෙත් ඔවුන් තලා පෙළා දමන මගේ සිත පිළිබදව මා කිසිවිටෙකවත් ඔවුන් කෙරෙහි කරුණාවක් නුපදි.මේ සිතුවිලි හද තුළ පුරවන් මා දේශනයට යාමට පිටත් වන විට විනාඩි 15 වඩා ප්‍රමාදවි තිබුණි.
පසු දින මා දේශන වලට යාම අත් හැර අතර,යහඵවන් කිහිප දෙනෙකුගෙන් රුකියාවන් පිළිබදව විමසිය.එහි දි මට පන්තිවල අත් පත්‍රිකා බේදිමට ඇති බව දැනගැනිමට හැකි විය.මා පසු දින උදැසන ගමිපහ,කිරිබත්ගොඩ අවට පන්තිවල අත් පත්‍රිකා බෙදන ලදි.ඒ මගින් මා ඇදුමක් ගැනිමට මුදල් එකතු කර ගැනිමට හැකි විය
.
එම මුදල රුගෙන මා පාර අයිනේ ඇති රෙදි වෙළෙන්දන් කිහිප දෙනෙකුගෙන් ඇදුමි මිළ ඇසිය.දිග සායක් හා අත් දිග බවුස් එකක් අඩු මිළට මිළ දි ගත්හ.මෙම ඇදුමි රුගෙන නේවාසිකාගාරයට ගියහ.මා ජේෂ්ඨ උත්තමයන්ගෙන් දෝෂාරෝපණයට ලක් නොවි ඇදුම ඇදන් යන අයුරු හිනෙන් මෙන් දර්ශනය විය.
පැල් පත තුළ හිරවු මාගේ ජිවිතය නව මාවතකට යොමු වුයේ බංගලාවට පැමිණිමෙනි. දෙමාපියන් නැති අනාථයෙක් ලෙසද, බංගලාව තුළද,විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ උත්තමයන්ගේද නොයෙක් දෝෂාරෝපණයට මා ලක් විය.ඒවා විද දරාගෙන අද සිටින තැන පිළිබදව මා සතුටු වන්නේමි.අප යමි පරිසරයකට හුරුවන්නේ යමෙකුගේ ලැබෙන පිඩනයක් හෝ නිරියාසයෙනි.මා හට මේ සියල්ලම එක සේ දරා ගැනිමට හැකි ශක්තියක් මා සතු විය.මේ ගත වන සිවි අවුරුද්දේ මාගේ හිසට සෙවන ගෙන දෙන නිවහන වන්නේද මේ සරසවි භුමියයි.කොළ කිහිපයක් අතට ගෙන දහසක් වු සිතුවිලි ගොනු කිරිමට මා මුල පුරන විට මධ්‍යම රාත්‍රීයට ආසන්න විය.