Saturday, July 27, 2019

අනන්ත රාත්‍රීය සිනමා පටය



ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙනු ලබයි. රාත්‍රිය අනන්තයක් විය නොහැක.රාත්‍රිය නියමිත කාල සීමාවක් ලැබී ඇත.සම්මුතික කාල සීමාව බිද දමා සදාකාලික වූ රාත්‍රියක් උදාවෙන ප්‍රාර්ථනයකි.

අනන්ත රාත්‍රීය සිනමා පටය සුවිසල්ගේ ප්‍රේමය අහිමි වී යාමෙන් ගණිකාවක් බවට පත් වූ පියුමි මිනීමැරුමේ වරදට සුවිසල්ගේ දායකත්වය ලබන ජුරකයින් සිරගත වීම පදනම්ව පියුමිගේත් සුවිසල්ගේත් අභ්‍යන්තර හැඩතලය පිළිබදව ප්‍රේක්ෂකයාට හමු වේ. පුද්ගලයා තමන් විසින්ම සිදු කරන ක්‍රියාව තීරණය කරණු තෙක් ඔහු සදාචාරමය වගන්තියකට බැදී සිටින බව ඇරිස්ටෝටල් තම ආචාර විද්‍යාත්මක දර්ශනයේ පැහැදිලි කරයි.මෙම සිනමා පටය තුල තම හර්ද සාක්ෂියෙන් ප්‍රශ්න කරයි. එම ප්‍රශ්න කිරීමේ දී තමන් ජිවත් වෙන සමාජය සමග ඇති කරගන්නා සමාජ ගිවිසුම් කඩ කරන්නේද, එසේ සිදු කරන්නේ එසේ කරනවාට විකල්පයක් නැති නිසාය. අනන්ත රාත්‍රිය තුල අනන්ත රාත්‍රිය උදාවනේ ගෙවී යන්නේ මිනිස් පැවැත්මට අදාළ වූ මේ දාර්ශනික ගැටලුව උදෙසා අලුත් නිර්වචනයක් ඉල්ලා සිටිමි. සිනමාව තුල මිනිස් ආත්මය සියුම් ලෙස ගැටෙන වෙනස් අවස්ථාවක් නොමැති තරම්ය.

ධනේශ්වර සමාජ ව්‍යුහය පුද්ගලයින් මුහුණ දෙන ප්‍රතිවිරෝධතා වන හේතු කොටගෙන ඔවුන්ගේ පුද්ගල අධ්‍යාත්මය කඩා වැටේ අසරණ වන ආත්මය සැනසීමක් ප්‍රාර්ථනා කරන්නේ තමන් තුල ඇති වරදකාරිත්වයට සමාව ඉල්ලා සිටිමිනි. සුවිසල්ගේ චරිතය නියෝජනය කරන්නේ මාලානික වූ හදවතක් ඇති පුද්ගලයෙක් ලෙසය.

අධිකරණය - මතවාදී රාජ්‍ය යාන්ත්‍රණය

සුවිසල් - ජූරියේ නියෝජනය සංකේතවත් කරන්නේ ධනේශ්වර පන්තියයි
       
             ඒ අනුව සුවිසල් පීඩන රාජ්‍ය යාන්ත්‍රණයේ නියෝජිතයාය ඔහු සිර දඩුවම් නියම කරන්නේ ඔහුගේ වරදකාරිත්වයෙන් අසරණ වූ ගැහැණියටය.මේ මගින් නිරුපනය වන්නේ ධනේශ්වර පන්තියේ සුරාකෑම, නරුම විරහිත භාවයයි.අනන්ත රාත්‍රියේ නිහඩතාවය හරහා මිනිස් හදවත අවුලවාලන්නේය.කෘතියේ කර්තෘ නිහඩතාව ප්‍රකාශන චරිතයක් ලෙස නිරුපනය කරණු ලැබේ. එමෙන්ම අවම තීව්‍රර ආලෝකය තත්ත්වයන් නිල් හා පඩු වර්ණ ගුප්ත හා අදුරු බව නිරුපණය කිරීම සිදු වේ.


අතිශය තියුණු සංස්කරණය සමාධිගත ගලායාම මනෝභාවයන් උද්දීපනය කරන නිහඩතාවයට මුලික තැන දෙන සිනමා පටයක් ලෙස සදහන් කර හැකිය. කෘතියක සංකේත භාවිතය මගින් සිනමා පටයේ අර්ථය තියුණු කරයි. සිනමා පටය ආරම්භයේදී සුවිසල් පැරණි වලව්ව නිරුපණය වේ. ඒ මොහොතේදී ඇදිරි නිතිය ඇති භීෂණකාරී රාත්‍රියකි. ඔහු වලව්වට කැදවීම සදහා කර්තෘට අවශ්‍ය තරම් කාල අවකාශයක් තිබිය දී භීෂණ යුගය තෝරා ගැනීමෙන් සිනමා පටය තුල රුපය හා කාලය භාව්තා කිරීමකි.මෙහි දී එක්තරා ආකාරයකට සිනමා පටයට අලංකාරයක් ලෙස යොදා ගෙන ඇත.මෙම යුගය භාවිතා කර ඇත්තේ කරණා දෙකක් මුල් කරගෙනය.දෘශ්‍යමය වශයෙන් එම අදුරු ගතිය දැනවීම සදහා එහි චරිත වර්ධනය කිරීමට උපයෝගී කරගනි. සුවිසල් විශ්වවිද්‍යාල තරුණයෙකු සිටින අවදියේ දී ඔහු මේ වලව්වට පැමිණෙයි.ඇමරිකාවේ වියට්නාමය ආක්‍රමණය කිරීමට එරෙහිව පෙළපාලියකට සහභාගි වීමෙන් පසුවය. ඔහු පැමිණෙන්නේ ඊට අවුරුදු ගණනකට පසුවය. ඔහු පැමිණෙන්නේ වෙනස් පුද්ගලයෙකු ලෙසය මෙම භීෂණකාරී පසුබීම බලා ගැනීමට ඔහුගේ චරිතය මනා පිටුවහලක් වේ.




සුවිසල් තමන් අතීතයේ කළ වරදක් සම්බන්ධයෙන් පසුතැවී සිටි.ඇතුළු හදට නැමුණු ඔහුගේ සිත අතීතයට දිවයයි. ඔහුට තරුණ විය සිහිවේ. ඔහුට වර්තමානය හා අතීතය පෙනෙන්නේ දෙයාකාරයෙනි. අනන්ත රාත්‍රිය සිනමා පටයේ ආකෘතිය සුවිසල්ගේ අතීත ජීවිතය තුළින් නිරුපණය කර ඇත.අවුරුදු 40 ක් වන මේ පුද්ගලයට දැන් අතීතය පෙනෙන්නේ කොහොමද, ඔහු අතින් අනාථ වූ තරුණිය කුඩා දැරිවියක් ලෙස අතීතයේ හමු වූ අවස්ථාව ඉතාම සුන්දරය. ඒ සදහා නිර්මාණකරු විසින් වර්ණාවලිය මගින් කරුණු ඉදිරිපත් කරණු ලැබේ. විශේෂයෙන්ම රන් පැහැය යොදා ගනු ලැබේ. ඔහුගේ මතකය අවධිවීමත් ඔහු අවට ඇති සමාජ සම්බන්ධකම් වලින් ඔහුව මුදවාලයි. පරණ වලවිවට යන සුවිසල් එය ළමා වියේ තිබු අයුරින් දිස නොවේ. එබැවින් නිර්මණකරුවා එහි වර්ණ නිල පාටට හුරුවට යොදා ගනී. පුද්ගලයාගේ භාවාත්මක හැගීම් උද්දීපනය කරලීම සදහා වර්ණ හා පරිසරය යොදා ගෙන ඇත.

සුප්‍රකට සිනමා විචාරිකාවක් වන සෝමා චැටර්ජි අනන්ත රාත්‍රිය ප්‍රචණ්ඩ කෘතියක් ලෙස සදහන් කරණු ලැබේ. ප්‍රචණ්ඩතාවය ප්‍රකාශයට පත්වන්නේ ප්‍රචණ්ඩතාවයේ පැවැත්ම නැති තැනක් නිහඩතාවයක් ඉකිබිදුම් හඩක් තුලිනි තමා අතින් වූ වරදට සමාවක් ලබා ගැනීම සදහා ඇති දැඩි ආශාව විසින් මෙහෙයවන ඔහු ගන්නා සැම පියවරක්ම තව තවත් ආත්මීය වේදනාවෙන් මිරිකී සිටි.ඔහුට ඉන් මිදීමට නොහැකිය.පියුමි තුළින් මුර්තිමත් වන ඔහුගේ අතීතය දඩයම් බල්ලන් සේ ඔහු ලුහු  බැද එයි.නින්දා, අපහස සුවිසල් කරණු ලැබූ ඔහුගේ වරද සහගත අතීතය තුළ තමා ප්‍රාණ ඇපකරුවෙකු බව ඔහු විසින්ම තේරුම් ගනී. තම වරද සහගත දුෂිත අතීතයෙන් ගරා වැටෙන අනාගතයෙන් ඔහුට ගැලවීමක් නැත.

අවසානයේ පියුමි අනාගතය පිළිබද පැහැදිලි සං වක් ප්‍රේක්ෂකයාට මත සටහන් නොකරමින්ම බන්ධනාගාරයෙන් එලියට පැමිණෙයි.ඒ එන ඇය සුවිසල් ප්‍රතික්ෂේප කරන්නේ සෙල් කුලක් සේ දැඩි ආත්මී ශක්තියකිනි. කෘතිය නිමාවන්නේ ඇය මහ මග ඉදිරියට ඇදෙන දර්ශනයයි.මෙහිදී සිනමාකරුවා රුපය ඉතා සුක්ෂම අයුරින් යොදාගෙන ඇත.පුද්ගලගේ අතිතාවර්ථනය සමග ඔහුගේ මනසේ පිඩාකාරි ස්භාවය මැනවින් නිරුපනය කිරීමට ප්‍රසන්න විතානගේ සිනමාකරුවා විශාල පරිශමයක් දරා ඇත.   


Wednesday, May 15, 2019

විජය රජුගේ සිට ධාතුසේන රජු දක්වා අනුරාධපුරයේ දේශපාලන පසුබිම

                
ලංකා ඉතිහාසයේ මුල්ම රාජධානිය වන්නේ අනුරාධපුරයයි. එය අවුරුදු  1500 ක් තරමි පැරණිය.අනුරාධපුරය පිළිබද තොරතුරු ලබා ගතහැකි වන්නේ වංශකතා හා අභිලේඛනය.අනුරාධපුර අවධියේ රාජාණ්ඩු පාලනයක් පැවතියේය.ඉතිහාසය ආරමිභ වන්නේ විජයබාහු රජුගේනි. විජයබාහුගේ කතාව ජනප‍්‍රවාදක් ද යන්න සිතිමට සිදුවේ.මෙතුමා පිළිබදව මුලින්ම තොරතුරු ලැබෙන්නේ දීපවංශයේය. මාහාවංශයේ හා රාජාවලියේ තරමක විස්තරාත්මක කථාවක්  ඉදිරිපත් වේ .සුප්පාදේවිය හා සිංහයා සමග ව්වා හ වු ඹවුන් දාව සිංහබාහු හා සිංහශිවලි නමි දරුවන් දෙදෙනෙකුවිය. ඒ අනුව ඹවුන් දෙදෙනා දාව උපන් දරුවන්  අතර වැඩි මහල් පුතුන් වන්නේ විජය හා සුමිත්ත  විය. විජය බොහෝ දරුණු පුද්ගල යෙකි .ඹහු ලාළ රටේ සිංහපුරයට නොයෙක් නොහොබිනා කමි කර අතර මහජනය ඹහුව මරා දමන ලෙස උද්ඝෝෂණයකරන ලදි. පිය රජු අවවාද කරද එය අසාර්ථක විය. පසුව ඹහු හා ඹහුගේ පිරිස රාජ්‍යයෙන් පිටුවහල් කරන ලදි. ඹවුන් මුලින්ම ඉන්දියාෙවි බටහිර වෙරළේ  සුප්පාරක නමි ප‍්‍රසිද්ධ තොටුපලට පැමිණ අවසානයේදි තමිබපණ්ණි නමි දිපයට පැමිණි යේය.  

                   එකල මෙරට යක්ෂ ගෝතික‍්‍රයන් පිරිසක් විය .විජය කුමරු කුවේනියා විවාහ කර ගන්නා ලදි.යක්ෂයන්ගේ ප‍්‍රධාන නගරය වුයේ සිරිව ත්ථුපුරය හා ලංකාපුරයයි.විජය තමිබපණ්ණියේ වාසය කරමින් රාජ්‍ය  විචාලයේය .විජයගේ ඇමතියන් විසින් අනුරාධග‍්‍රාම,උරුෙවිල පුරය, උජ්ජේනිපුරය, විජිත පුරය ආදි නමි වලින් ගංගා ආශි‍්‍රතව ජනපද පිහිටුවා ගන්නා ලදි. කුවේනියගේ ශාපයෙන විජය කුමරු මරණයට ආසන්න වන විට රජකම ලබා ගැනිමට සිංහපුරයේ සහෝදරයා වු සුමිත්ත කුමරුට සංදේශයක් යවන ලදි.පිය රජුගේ ඇවෑමෙන් තමන් සිංහාසනයට පත් වන හෙයින් ඹහුගේ බාල පුත් පණ්ඩුවාස කුමරු ලංකාවට එවන ලදි.මොහු ලංකාවට පැමිණ භද්දකචිචායනා හා අභිෂේකය සිදු  වි අවුරුදු  30 රාජ්‍ය කරන ලද්දේ උරුෙවිලයේය.මොහුගේ ඇවෑමෙන්  ඹහුගේ වැඩිමහල් පුත් අභය අභිෂේක ලැබිය .

              මෙතුමාගේ නැගණිය වු උන්මාද චිත‍්‍ර හා දිඝාභය දාව උපන් පණ්ඩුකාභය කුමරු සිය මාමාවරු මරා රජකම ලබා ගන්නා බව අනාවැකි ඵල වි තිබුණි. එම නිසා කුඩා අවධියේ කුමරු මරා දැමිමට මාමාවරු කිහිප වතාවක් උත්සහ ගෙන තිබුණි. වැඩිවියට පත් වු කුමරු පණ්ඩුල බ‍්‍රාහ්මණයාගේ භටයන් බදවාගෙන ඹහු කාසගල අසල පණ නුවර දි තවත් පිරිසක් එකතු කර ගන්නා ලදි. සේනාව රුස් කරගෙන පණ්ඩුකාභයගේ මාමා කෙනෙකු වු ගිරිකණ්ඩ ශිව විසින් පාලනය කරනු ගිරිකණ්ඩ දෙසට ගිය ඹවුගේ දියණිය පැහැරගෙන පලා ගියේය .කුපිත වු ශිව සේනාවක් එවනු ලැබිය. කලහනගරය නමි වු තැනදී පණ්ඩුකාභය කුමරු විසින් පරාජයට පත් කරනු ලදි. ඇයගේ සොහොයුරන් 5 දෙනා ඹහුට විරුද්ධව සටනට පැමිණියද ලෝහිතවාහඛණ්ඩ නමි ස්ථානයේ දි පරාජයට පත් කරනලදි. 

            පණ්ඩුකාභය ගගින් නැගෙනහිර ප‍්‍රදේශයේ දොළ පර්වතය ළග අවුරදු  හතරක් වාසය කරන ලදි.මාමාවරුන් යුධ පිණිස පැමිණ ධුමරක්ඛ පර්වතය අසල කදවුරු බැද ගත්හ.කුමාරයා ඹවුන් අල්ලාගෙන ගගින් එතරට පලවා හරින ලදි. නැගෙනහිර කොටස පමණක්  පවරා දිමෙන් සමිමුතියක් ඇති කර ගන්නට කැමති විය.එහෙත් ඹහුගේ සොහොයුරන් ඹහු මරන බවට තර්ජනය කර නිසා ඹහුට රජකමින් ඉවත් වන්නට විය. ඹහු උපතිස්ස ගමෙහි සිට රාජ්‍යය කල කාලය අවුරුදු  20 ක් විය. පසුව   සොහොයුරෙකු වු තිස්ස රාජ්‍ය නායකයා වශයෙන් පත්විය. ධුමරක්ඛ පර්වතය අසල අවුරුදු  හතරක් කුමරු සිටියහ.අනතුරුව අරිටිඨ පර්වතයට පැමිණි අවුරුදු  හතක් වාසය කරන ලදි. 

             නැවත යුද කරන්නට පැමිණි මාමාවරුන්ට පර්වතයේ චංලූහ චේතියා නමි වෙළඹ කියා දුන්  කුටෝපායන් අනුගමනය කරන ලදි. ඹහු මුලින්ම තමා සාමයට කැමති බව පෙන්විය.ඒ අනුව හදිස්සියේම මාමාවරුන් වැටලූ ඹවුන් වනසා දැම්මේය  සටනින් පසු එහි ගොඩගැසුණු හිස්ගෙඩි ලබුගොඩක් මෙන් පෙනුණු බැවින් එම ස්ථානයට ලාබුකගාමක නමි විය. සටනින් පසු කුමරු තම මුත්තණුවන් විසු තැනට ගොස් නිමිති කියන්නන්ගේ උපදෙස් පරිදි තම රාජධානිය පිහිටුවා ගන්නා ලදි. ඹහු ස්වර්ණපාලි දේවිය විවාහ කර ගත් අතර පණ්ඩුල බ‍්‍රාහ්මණයාගේ පුතු වු චන්ද කුමාරයා පුරෝහිත පදවියට පත්කර ගත්තේය.අභිෂේකයෙන් අවුරුදු  10 පසු දිවයින මුඵල්ලේම ග‍්‍රාමාසිමා නියම කරවිය.  කලින් රජකමි කල අභය නගර ගුත්තික ලෙස පළමු වරට පත් කරගන්නා ලදි. ඹහුට රූ රාජ්‍ය පාලනය ලබා දෙන ලදි.පණ්ඩුකාභය රජකමට පත් වුයේ අවුරුදු  17 මුඵල්ලේ රට අරාජිතව පැවතුණාට පසුවය 37 වැනි වියේදි රජකමට පැමිණ අවුරුදු  70 රාජ්‍ය කළේය.විජය යන විදේශ පාලකයා ගෙන් ආරමිභ වු රාජාවලිය පරමිපරාවෙන් යන උරුමයක් බව මොවුන් විසින් පෙන්වා දෙන ලදි. මොහු ගෙන් පසු මුටසිව අවුරුදු  60 රාජ්‍ය කල බව මහාවංශයේ  සදහන් වේ . 

මුටසිවගෙන් පසු ඹහුගේ වැඩිමහල් පුතු වු තිස්ස කුමරා රජවිය.මෙතුමා දවස ඉන්දියාෙවි  මෞර්ය අධිරාජයා වු අශෝක අතර සමිප සමිබන්ධ තාවයන් පැවතියහ.එහි ප‍්‍රතිඵලයක් ලෙස මෞර්ය රාජ අභිෂේකය මෙරටට ලැබුණි. තිස්ස රජු විසින් අරිටිඨ බමුණෙක්,ඇමතිවරයෙක්, භාණ්ඩාගාරික වශයෙන් දුතපිරිසක් යැවු අතර පාඨලිපුත‍්‍ර නගරයේ දි රජු හමු වු ඹවුන් මෞර්ය  තනතුරු පිරිනැමු බව මහාවංශයේ සදන්වේ. ඒ අනුව සේනාපති, පුරෝහිත, සෙටිඨ යන තනතුරු පිරිනැමු අතර දේවානමි ප‍්‍රිය යන උපාධි නාමය භාවිතා කරන ලෙසද මෞර්ය  අභිෂේක ක‍්‍රමය හා පිළිබද අවබෝධයන්ද ,අභිෂේකයට අවශය රාජ්‍යකකුඨ භාණ්ඩද එවන ලදි.තිස්ස රජු මුලින්ම අභිෂේක ලැබුවේ යෂ්ටියක් අතින් රුගෙනයි. රජු මෞර්ය ක‍්‍රමයට පුනරාභිෂේකයක් කරන ලදි.ඒ අනුව අභිෂේකය පිළිබදව අලූත් සමිප‍්‍රදාපයක් ඇතිවු අවධියකි.බුදු  දහම වැළද ගැනිමත් නිසා රාජ්‍ය පාලනයට බෞද්ධ භික්ෂුන්ගේ සහයෝගය ලැබුණි.

වංශකතාවේ  සදහන් වන පරිදි දේවානමිපියතිස්ස රජුගේ කනිටු සොහො යුරන් වු උත්තිය, මහාශිව, සුරතිස්ස යන තුන්දෙනා එකිනෙකාට පසුව අනිකා රජ වු අතර අවුරුදු 10 බැගින් රජකමි කරන ලදි.දෙමළ අශ්ව වෙළෙදන් දෙදෙනකු වු සේන ගුත්තික දෙදෙනා සුරතිස්ස රජු සිංහාසන යෙන් නෙරපා අවුරුදු  22 රාජ්‍යය කරන ලදි.සේන ගුත්තික යනු දෙදෙනකු නොව රජු යටතේ සේවය කළ සෙන්පතියෙකු ලෙස පෙන්වන සාධක ලැබි ඇත.එම නිසා මෙය ආක‍්‍රමණයක් ලෙස සැලකිය නොහැකිය. මෙහි සැබැ ඓතිහාසික සිදුවිම වන්නේ සුරතිස්ස රජුගේ සෙනවියා විසින් රජු බලයෙන් පැහැර හැර රාජ්‍යයට පත්ව අවුරුදු  22 ක් අනුරාධපුරය රාජ්‍යය ගෙන ගිය බවයි.

          මේ  මගින් අනාවරණය වන්නේ වෙළෙන්දන් හෝ සෙන්පතියෙකු විසින් රාජ්‍ය පැහැර ගන්නේනමි සුරතිස්ස රජු එතරමි දුර්වල රජෙකු බවයි.රාජ්‍ය පැහැර ගත්තද ඹවුන් එතරමි කාලයක් පාලනය කරන ලද්දේ ඹවුන් තුල තිබු පාලනය මනා සංවිධාන බවින් යුක්ත නිසාය.සුරතිස්ස රජුගෙන් පසු එනමි අවුරුදු 22 පසු දේවානමිපියතිස්ස රජුගේ බාල සොහොයුරු අසේල කුමරු සේන ගුත්තිකව මරා රාජ්‍යයට පත්විය. ඹහුගේද 6 වෙනි රාජ්‍යය වර්ෂයේ දි එළාර නමි වු සොලි කුමාරයෙකු දකුණු ඉන්දියාෙවින් පැමිණ අසේල රජු සමග සටන් කොට රාජ්‍යය පැහැරගෙන අවුරුදු  44 රාජ්‍යය කළ බව වංශකතාවේ  සදහන් වේ .
   
      දේවානමිපියතිස්ස රාජ්‍යය අවධියේ  මාගමට පලා ගිය මහානාග ස්වකිය බලය ගොඩනගා ගන්නා ලදි. රුහුනේ ප‍්‍රථම පාලකයා වන්නේ මහානාග යුවරජුය. ඹහු මාගම මුල් කරගෙන පාලනය කරන විට එහි කතරගම ක්ෂතියන් වශයෙන් වෙනම පිරිසක් පාලනය ගෙන යමින් සිටියහ.මේ  දෙපිරසගේම පාලන බලය අනුරාධපුරයේ සිටි දේවානමිපිය තිස්සගේ බලයට පහර එල්ල කරන්නට විය.තිස්ස විසින් ක්ෂතියන් ධර්මවිජය ප‍්‍රතිපත්තිය මගින් අවනත කර ගන්නා ලදි. එහෙත් මහානාග ඹහුට අවනත නොවිය තමා මාගම තනිව බැවින් දේශිය බලය ගොඩ නගා ගැනිමට විදේශිය ආධාර පතන ලදි. ඒ අනුව ජාවක නැවි හමුදාවේ  හෝ ජාවක සේනාංකයේ සේනාධිපතිව කටයුතු කළ බව මොටිමය කල්ලූ ලිපිය අනුව සදහන් වේ . ඒ මගින් ඇති කර ගත් සමිබන්ධය නිසා ආධාර පතා ජාවක රාජ්‍යයට ගිය බව පරණශුරින්ගේ මතය වේ.මහානාග විදේශ ආධාර පතා යලි රෝහණයේ මාගම රජවු බව කොල්දෙනියේ ශිලා ලේඛනයේ මෙසේ දක්වයි. 

පරුමක පුශ දෙවශ ක්‍ඨය පරුමකලූ ශොණය
ලෙනෙ නගයන රක්‍ඨයහි කටෙ ශගශප

                     ඹහු මාගම රජවුවද රෝහණයේ කතරගම උතුරු අනුරපුර බලෙවිග වලට මහානාගට අභියෝගයක් වන්නට ඇත.දේවානමිපිය තිස්සගේ මරණයත් සමග රජ විමට සිටින උත්තිය මහානාගය ඹහු සමග ගිවිසුමක් ඇති කරගත් බව පෙරියපුලියන් කුලම බ‍්‍රාහ්මිය ලේඛණය අනුව සිතිය හැකිය.දේවානමිපියතිස්ස සහය නොමැති විම නිසා ක්ෂතියන් අසරණ විය.මහානාග ඹවුන්ව වනසා දැමිමට උත්සහ ගෙන ඇත.ඹහුගෙ න් පසු රජ වන්නේ ඹහුගේ පුත් යඨාලතිස්ස කුමරුය.යඨාලතිස්ස රජුට පසුව ඔහුගේ පුත් ගෝඨාභය කුමරු ද මාගම රජවිය.මොහු විසින් කතරගම ප‍්‍රාදේශිය කුමාර වරු 10කු මරා කතරගම බලය මාගමට ඇදාගන්නා ලදි.මේ  බව බෝවත්තේගල ශිලා ලේඛනයේ සදහන් වේ . මේ  කාලයේ දි මාගම රජ පවුල හා කැළණියේ රජ පවුල ද අතර දැඩි  දේශපාලන සමිබන්ධතාවයක් පැවති බව ලලාඨ ධාතුවංශයේ සහ පුජාවලියේ සදහන් වේ.ගෝඨාභය රජුගේ දියණිය සෝමා කැළණියේ අභය අතර ද ඹහුගේ පුත් කාවන්තිස්ස කුමරු කැළණි තිස්ස රජුගේ දියණිය වු විහාර මහා දේවිය සරණ පවා ගන්නා ලදි. ගෝඨාභය රජු මිය යෑමෙන් පසු මාගම රාජ්‍යට පත් වුයේ කාවන්තිස්ස කුමාරයාය එළාර අනුරාධපුරය ආක‍්‍රමණය කළබව සදහන් වන්නේ කාවන්තිස්ස රාජ්‍යට පත් වි අවුරුද්දකට පසුවය.

                        සෝම නුවර, සේරු නුවර, ලෝණ නුවර යන ප‍්‍රදේශ 3 පිළිවෙලින් අභය,ශිව,මහානාග යන ප‍්‍රදේශිය පාලකයන් තිදෙනකු යටතේ පාලනය වු බව ධාතුවංශයේ සදහන් වේ. ගෝඨාභය රජුගේ කාලයේ පටන්ම රුහුනු රට සමිපුර්ණයෙන්ම එක්සත්ව පැවතියද තම රාජ්‍යට විරුද්ධව අනුරාධපුර රාජ්‍යයේ එළාර රජුගෙන් ආක‍්‍රමණ එල්ල විය හැකි තර්ජන පිළිබදව මුල සිටම අවධානය යොමු කොට සිටි බව එවැනි තර්ජනයක් ඇති වුවහොත් එයට මුහුණ දිමට රජු විසින් ආරක්ෂන විධි විධාන සලස්වනු ලැබු ආකාරය වංශකතාවල විස්තර කර ඇත.

        මහාවංශයේ සදහන් වි ඇති පරිදි රජු මුලින්ම තමාගේ යුධ හමුදාව තර කිරිම හා රුහුණු උතුරු දේශසිමාව යුධ හමුදාව ලවා ආරක්ෂා කිරිම රජුගේ බාල පුතයා වු සද්ධාතිස්ස කුමරු බල සේනාව සමග දිගා වැව ප‍්‍රදේශයේ අරක්ෂාව සැපයිමට යවන ලද අතර රජුගේ වෙනත් බිසවකගේ පුතෙකු වු දිඝාභය රුකවල් යෙදුහ. අවි ආයුධ නිෂ්ෂාදනය කිරිමට රජු විසින් කර්මානතශාලා ඉදි කල බව රසවාහිනියේ දැක් වේ. කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු 45 වු බව මහාවංශයේ සදහන් වේ.කාවන්ති ස්ස රජු බියගුලූ පාලක යෙකු ලෙස පෙන්නා දිමට මහාවංශ කතුවරයා උත්සාහ දරා ඇත. මහාවංශ කතුවරයා මහාවංශය තුල වීර චරිතය ලෙස දු ටුගැමුණු හුවා දැක්විමටය. මෙතුමාට එළාර සමග සටන් කිරිමට අවස්ථාව තිබුනද එසේ සිදු  නොකලේ තම බලපරාක‍්‍රමය අඩු බැවින් මෙන්ම තමා වයසින් වැඩි මහඵ වියේ පසු වන බැවිනි.එහෙත් වංශකතාව මෙතුමා පිළිබදව තොරතුරු ඇතුලත් කරන්නේ අල්ප වශයෙනි.

                         කාවන්තිස්සගේ මරණය සිදුවන විට ගැමුණු කුමාරයා රුදි සිටියේ මලය රෙටි කොත්මලේ ප‍්‍රදේශයේය.එයට හේතුව කාවන්ති ස්ස රජ දවස අනුරාධපුර පාලනය කල එළාර සමග සටන් කිරිමට නොදිම නිසාය. මේ  බව මහාවංශයේ සදහන් වේ . මේ අවධියේ රුහුණේ දිගාවැව ප‍්‍රදේශයේ සිටි සද්ධාතිස්ස කුමාරයා පිය රජුගේ මරණයත් සමගම මාගම ට පැමිණ මව සහ මංගල හස්තියා රුගෙන ගියහ. මෙම හේතුවෙන් නිසා  රජකම වෙනුවෙන් සහෝදරයන් අතර ගැටුමක් ඇති විය.එක් එක් සොහොයුරාගේ පක්ෂය ගත් වුන් අතර මුලින්ම සටන ඇති වුයේ සුඵගුණාපිටිය නමි ස්ථානයේය. මේ  සටනින් තිස්ස කුමාරයාට ජයක් අත් විය. දු ටුගැමුණු කුමාරයාට සිදුවුයේ අනුගාමිකයන් රුගෙන පලායාමටය තමා ලූහු බැද එන සේනාවට හසු නොවි පලායැමට ඹහුට හැකි විය. මාගමට පැමිණ අලූත් බල පිරිසක් රුගෙන මළණුවන් සමග සටන් කිරිමට පෙලඹුණ ගැමුණු කුමාරයා දක්ෂ අශ්වාරෝහකයෙකු වු හෙයින් දෙවැනි සටනින් ජයක් ලබා ගත්තා සේම මගුල් හස්තියාද අයිති කර ගන්නා ලදි. සංඝයාගේ මැදිහත් විමෙන් සොහොයුරන් දෙදෙනා අතර සමගියක් ඇති කරවන ලදි.මහවැලි ගගේ එගොඩ සිටි දෙමඵන් මෙගොඩ ට පැමිණිම වැළැක්විමට කාවන්තිස්ස විසින් දකුණු ඉවුරේ අරක්ෂක හමුදාවක් යොදන ලදි.එහෙත් දුටුගැමුණු රජු යුද්ධය ආරමිභ කොට මුලින්ම සටන් කළේ ගගේ දකුණු කෙලවරේ තිබු දෙමළ බලකොටු බිදහෙලිමටය.මේ මගින් පෙනෙන්නේ එළාරගේ හමුදාව ගගෙන් මෙගො ඩ තිබු ආරක්ෂක බලකොටු විනාශ කළ බවය. ඒ අනුව පෙනියන්නේ ගැමුණු හා තිස්ස අතර ඇති වු ආරවුල් තත්ත්වය එළාර ප‍්‍රයෝජනයට ගත් බවයි. දෙදෙනාම සමගි වු පසු එළාර සමග සටන් කිරිමට ගැමුණු කුමරු මුල පිරුෙවිය.

             ඹහු සිය පියා රුස්කර තිබු යුධ සේනා අවි ආයුධ ආදිය මේ  සදහා යොදා ගන්නා ලදි. ගැමුණු කුමාරයාගේ සේනාව මාගමින් පිටත්ව කඵවර, ඒහළ, ගීකිත්ත, ගුත්හල, මැදගමි, නිය මුල්ල, උයන්තොට, යන තැන් වල වාඩි ලමින් උතුරු මාවත් දිගේ මහියංගනයට ලගා වුහ. ෙමි සේනාවට සතුරන් මුලින්ම හමුවුයේ මහියංගනයේ දිය ඉතා ආරක්ෂා කාරි වු ලෙස මෙහි බලකොටු ඉදි කරගෙන එහි සිටි ඡුත්ත නමි සෙන්පතියාගේ බලකොටුව ජයගැනිමට ගැමුණු කුමරුට හැකි විය. උතුරු දෙසට ගමන් කරන ඹහුට ඊළග බාධකය වුයේ අමිබතිත්ථ නැමති ස්ථානයේ පිහිටි බලකොටුවයි මෙය ඉතාම බලසමිපන්න බලකොටුවක් විය. දමිළ සේනාපතියා ස්තිධුරකයෙකු වු හෙයින් ඹහුගේ එම දුර්වල කමින් ප‍්‍රයෝජනයට ගන්නා ලදි. උප‍්‍රකමික ලෙස සිය මෑණියන් වු විහාර මහාදේවිය වෙස් ගෙන එම බලකොටුවට ඇතුඵ විය. මාස 4 රක් පරිස්ශමයකින් පසුව එම බලකොටුව ජයගන්නා ලදි. සොහොයුරන් 7 දෙනෙකු විසින් ආරක්ෂා කරනු ලැබු හෙයින් හත්බෑකෝටිෙටි බලකොටුව අමිබතිත්ථයෙන් පසුව අල්ලා ගන්නා ලදි. මේ  ස්ථානයේ වස්තු සමිභාරයක් ජයක්ග‍්‍රහණයට ලැබුණි එම වස්තු සෙබඵන්ට බෙදා දුනි.

දුටුගැමුණු රජු එතැන් සිට ඉදිරියට ගමන් කළේ මහවැලි ගගේ දකුණු ඉවුර දිගේ උතුරු දෙසටය මේ ගමනේ දි සටන් ඇති වු ස්ථානවල නමි ලෙස අන්තරසොබිහ,දෙණගම,හාලකෝල,කාලිසොබිහ,පොල්වත්ත,කසාතට,තඹුන්නාගම,දමුන්නරු යන ස්ථාන ලෙස පෙන්වා දිය හැකිය.රජුගේ යුධ උපක‍්‍රමයක් වුයේ මහවැලි ගග තරණය කොට සතුරු රාජ්‍යට පිවිසෙ න්නට පෙර මහවැලි ගග දිගේ මුවදොර දක්වා රුහුණ රට තුල පිහිටි සතුරු බලකොටු සියල්ලම විනාශ කරයි.ගගින් එගොවු පසු දුටුගැමුණු රජුගේ සේනාව ගමන් කළේ විජිතපුරය අසලිනි එය ඉතා ශක්තිමත් බල සමිපන්න බලකොටුවක් විය.ගගෙන් දකුණේ බලකොටුවල පිරිස් විජිතපුර ආරක්ෂක සේනාවට එකතු විම නිසා එය තවත් ශක්තිමත් විය. රජු ඒ දෙසට ගමන් කර එළිමහන් ස්ථානයක කදවුරු බැදගත්තේය.දමිළ ආරක්ෂකයින් දෘඪ අධිෂ්ඨානයකින් විජිතපුරය බේරා ගන්නට සටන් කළහ.

  මේ  බලකොටුව බිද දැමිමට නිතර උත්සාහ කළද දුටුගැමුණුගේ සේනාවට නොහැකිවිය.දුටුගැමුණු රජුගේ කඩොල් ඇතා වැර යොදා දොර විවෘර්ත කරද දෙමළ හමුදාව දැමු ලෝදිය නිසා ඹහුට දරුණු වේදනාවක් අත්විය. එහෙත් සිංහල සේනාව නොකඩවා පහර දුනි අවසානයේදි බලකොටුව බිදවැටුණි. ඉන් පසුව ඇතා විසින් නන්දමිත‍්‍ර ප‍්‍රධාන යෝධයන් විසින් පවුර කඩා කපොලූවලින් බලකොටුව ඇතුඵ වු දුටුගැමුණු හමුදාව දෙමළ ආරක්ෂක සේනාවන් ඝාතනය කළහ.එම මාර්ගයේ තිබු අනික්  බලකොටුව ගිරිලක විය. එය පහසුවෙන් අල්ලා ගනු ලැබිය එහෙත් හේලනගර බලකොටුෙවි දි සිංහල සේනාවන්ට ප‍්‍රබල බාධාවන්ට මුහුණ දෙන්නට විය.මේ  බල කොටුව දිය අගල් 3නකින් කදු  වැටියකින් ආරක්ෂා වි ඇත හාරමාසයක් තිස්සේ සටන් කරද එය සාර්ථක නොවිය. බලකොටුව බිද හෙලිමට සටන් කිරිම වෙනුවට වෙනත් උපායක් යෙදිය මහාවංශයේ මේවා හදුන්වා ඇත්තේ මන්ත යුද්ධ ලෙසය.මේ  බලකොටුව ලබා ගැනිමෙන් පසු කාසපබිබතට ගොස් කදවරු බැදගෙන තම බලය වර්ධනය කරගන්නා ලදි. පසුව ඹහු එළාර සමග සටන් කිරිමට මුඵ පිරුවේය.එළාරගේ බල සමිපන්න සේනාපතියා වු දිඝජන්තු සුරනිමල යෝධයා සමග සටන් වලින් මරණයට පත් විය.පසුව පුස්සදේව සක් ගෙඩි හඞ අසා දෙමළ සේනාව සිසි කඩ පලා ගියේය.මේ සේනාව පසුපස සිංහල සේනාව ඹවුන් මරණයට පත් කරන ලදි.අනුරාධපුරයේ දකුණු දොරටුව ලග එළාර හා දුටුගැමුණු අතර ද්වන්ද සටනක් ඇති විය.මේ  සටනින් එළාර මරණයට පත්විය. 

                     විජිත නගරය බිද වැටිෙමින් පසු දිඝඡුන්තුගේ බෑණා කෙනෙකු වු භල්ලූක දෙමළ සේනාවන් සමග එළාරගේ මරණයෙන් පසු මෙරට පැමිණි භල්ලූක ඇතුඵ පිරිස කෝලමිබහාලක නමි ස්ථානයේ කදවුරු බැදගත්  අතර ඇති වු සටනික් පසු භල්ලූකු මරණයට පත්විය මේ  ආකාරයට රෙටි ආසහාය නායකය වශයෙන් පත් වි අවුරුදු 24 පාලනය ගෙන ගියහ.මහාවංශය තුල දිර්ඝ පරිචිඡේද සංඛ්‍යාවක් දුටුගැමුණු වෙනුවෙන් වෙන් කරන ලදි. 

                        සාලිය කුමරු රජකම අතහැර දැමු නිසා දුටුගැමුණුගේ සහෝදරයා වු සද්ධාතිස්ස බලයට පත්විය.  ඹහු වසර 18 පාලනය ගෙන ගියහ සද්ධාතිස්ස රජුගේ මරණයෙන් පසු ඹහුගේ පුතුන් දෙදෙනකු වු ලඤ්ජතිස්ස,ථුලත්තන යන කුමාරවරු දෙදෙනා අතර සිංහාසනය පිළිබද සටනක් ඇති විය.රජුගේ වැඩිමහල් පුත් ලඤ්ජිතිස්ස කුමාරාට පෙර ථුලත්තන කුමාරයාට රජකම ලබා ගැනිමට ඇති වු සටනයි.ඒ අනුව ථුලත්තන රාජ්‍ය පැහැරගෙන දින 40 ක් පමණ පසු ඹහු පරදවා ලඤ්ජිතිස්ස කුමරු තමාට හිමි සිංහාසනය ලබා ගනි මොහු අවුරුදු  9 මාස6 ක් රජකමි කරන ලදි.

                 මොහුගෙන් පසු ඹහුගේ මළණුවන් වු ඛල්ලාටනාග රජවිය.මේ  අවධියේ රාජ්‍ය විරෝධි කුමන්තණ දෙකක් සිදු  වු බව වාර්ථා වේ. එක් ක‍්‍රමන්තණයක් වන්නේ රජුගේ වේමතික භගනියක වු සුමනා දේවියගේ පුත‍්‍රයන් වු තිස්ස,අභය,උත්තර යන කුමාර වරු 3 දෙනා රජු මරා බලය ලබා ගැනිමට උත්සහ කරහ. එමෙන්ම ඹහුගේම සෙන්පතියා වු මහාරක්ථකගේ ක‍්‍රමන්තනයකි.මේ  ක‍්‍රමන්තණයේ ප‍්‍රතිඵලය රජු ජිවිත ක්ෂයට පත් වු අතර මහාරක්ථක සෙනවියා රජකමට පත් විය. ඛල්ලාඨනාගගෙන් පසු රජකමට පත්විමට සිටියේ වළගමිබා කුමරුටය ඛල්ලාඨනාග මරා මොහු රජවිය.මොහු රජවන විට විශාල අභියෝග රුසකට මුහුණ දිමට සිදු විය. රජවි වසර 5හකට පසු රුහුණේ නකුල ජනපදයේ තීය බ‍්‍රාහ්මණයාගේ කැරුල්ල හා දමිළයන් 7 දෙනෙකුගේ ආක‍්‍රමණයයි.මේ දෙදෙනාට මුහුණ දිමට රජුට ශක්තියක් නොවිය සතුරා අතර විරසකයක් ඇති කිරිම මොහු සිදු කරන ලදි.

               ඒ අනුව තීය බ‍්‍රාහ්මණයා රජුගෙන් රජකම ඉල්ලූ අතර රජු  "මේ රාජ්‍ය ඹබගේය ඹබ සතුරාගෙන් රට බේරාගන්නට යනුවෙන්” පැවසිය.ඒ අනුව තීය බ‍්‍ර‍්‍රාහ්මණයා හා දෙමළ සේනා අතර යුද්ධය ඇති වු අතර එයින් පසු දෙමළ සේනාව ජයක්ග‍්‍රහණය කරන ලදි.මෙය"තල් පතකින් තල් පතක් සිදින්නාක් මෙන්” වළගමිබා කි‍්‍රයාකරන ලදි.මේ  දමිළයන් අතරින් පුලහත්‍ථ අවුරුදු  3 ඹහු මරා බාහිය අවුරුදු  2 ක්ද ඹහුව මරා පණයමාර අවුරුදු 7 ක්ද ඹහුව ඝාතනය කොට පිලයමාර මාස 7ක්ද ඹහුගේ සෙන්ප තියා වු  දාඨක ඹහුව මරා අවුරුදු  2 ක්ද රජකමි කරන ලදි.අනෙක් දෙදෙනා පාත‍්‍රා ධාතුව හා සෝමා දේවිය රුගෙන යනලදි.වළගමිබා අවසාන පාලකයා වු දාඨක මරා බලය ලබා ගන්නා ලදි.ඒ අනුව දමිළයන් අවුරුදු  14 මාස 7 ක් පාලනය කරන ලදි.මේ  අතර රජුට පෞද්ගලික අරගලයකට මුහුණ දිමට සිදුවිය. වලස්ස ප‍්‍රදේශයේ විහාරයක ශ‍්‍රමදාන යක යෙදි සිටින අතර සෝපානයක වාඩිවි සිටි කපිසීස මරා දැමිම හේතු කොටගෙන ඇමතිවරු ඹහුව දමා පලා යන ලදි.මේ  අවස්ථාවේ  භික්ෂු න්ගේ සහය ඇතිව මෙය සමතයට පත් කරගන්නා ලදි.ඒ අනුව මෙතුමා අවුරුදු  12 පාලනය කරන ලදි.තම ස්වකිය බලය ගොඩනගා ගෙන රට එක්සත් කරද මෙතුමා පිළිබද වංශ කතා තුල අල්ප වශයෙන් තොරතුරු ඇතුලත් වේ.දුෂ්කරතාවයන් රුසකට මුහුණ දුන් බැවින් මෙතුමාගේ පාලනය සුවිශේෂවේ .
                 
 වළගමිබාගෙන් පසු ඛල්ලාඨනාගගේ පුත් වු මහාචුලිය මහාතිස්ස රජවිය.ඹහු කි‍්‍ර.පු 76 62 කාලය තුල පාලනය ගෙන යනලදි.පසුව වළගමිබාගේ පුත‍්‍රයෙකු වු චෝරනාග බලයට පත්විය.මහාචුලිය දවස ඹහු රජුට විරුද්ධව කැරලි ගැසුනිසා මහාචුලිය මහාතිස්ස යන නම ඹහුට යෙදිය.මොහු වෙහෙර විහාර විනාශ කරමින් පාපිෂ්ඨ පාලකයෙකු ලෙස (ක‍්‍රි.පු 62 50) පාලනය ගෙනයන ලදි.මොහුගෙන් පසු මහාචුලියගේ පුත‍්‍රයෙකු වු කුඩාතිස්ස රජවි අවුරුදු  3 ක් රාජ්‍ය කොට චෝරනාග රජුගේ බිසව වු අනුලා දුන්වස බී මරණයට පත්වු බව මහාවංශයේ සදහන් වේ .පසුව අනුලා විසින් ශිව, වටුක, දාරුභාතික, තිස්ස හා නිළිය නමි වුවන් රජකර වසදී මරණයට පත් කරන ලදි.අවසානයේ ඇය රජවිය .කාන්තා වක් රජවු ප‍්‍රථම අවස්ථාව වේ.මේ  රුජිනිය එක් පුද්ග ලයෙකුටවත් දිර්ඝ කාලයක් රජකෙමි සිටිමට ඉඩ ලබා නොදුනි.රජකමට සුදුසු නොවු පුද්ගලයන් පත්කිරිමෙන් පෙනි යන්නේ මේ  අවධියේ රාජ්‍ය පාලනය දුර්වල තත්ත්වයක පැවති බවයි. මහාචුලියගේ දෙවනි පුත් කුටකණ්න තිස්ස රජ වු පසු ඇයව මරා ඹහු රාජ්‍යයට පත්විය.
         
                   කුටකණ්න දවස රටේ  සාමය උදාවිය.මොහු අවුරුදු  22 රාජ්‍ය කරන ලදි.මොහුගේ වැඩිමහල් පුතු වු අභය රජවු අතර ඹහු (කි‍්‍ර.පු 19 9) කාලය රාජ්‍ය පවත්වාගෙන යනලදි.මොහුගේ බාල සොහොයරු වු මහාදාඨක මහානාග රජවු අතර ඹහු (කි‍්‍ර.ව 9 21) දක්වා පාලනය ගෙන යනලදි.මොහුගේ පුත් ආමණ්ඩ ගාමිණි පසුව රජවිය.ලංකාෙවි ප‍්‍රථම වතාවට සතුන් මැරිම නිතියෙන් තහනමි කරන ලද්දේ මෙතුමාය.මෙතුමා අවුරුදු 9 ක් රාජ්‍යය පාලනය කරන ලදි.මෙතුමා මරා කණිරජානු තිස්ස රජු රජවිය.මොහුගේ අවධියේ අවුරුදු  70 පමණක් පැවති රෙටි සාමයට බාධා එල්ල විය.මොහුගෙන් පසු ආමණ්ඩ ගාමිණි අභය රජුගේ පුත් චුලාභ ය රාජ්‍යයට පත්විය.ඹහු අවුරුද්දක් පමණ රාජ්‍ය පාලනය කර අතර ඹහු ගේ නැගණිය වු සීවලි කුමරිය රාජ්‍යට පත්විය.ඇය මාස 4 පමණ රාජ්‍ය කල අතර ඇය බලයෙන් පහ කර ඉලනාග රජවිය.

                එතෙක් ලමිභකර්න වංශිකයන් හා රජු අතර ඇති වු ආරවුල නිසා ඹහුට ආරක්ෂාව පතා ඉන්දියාෙවි සිට හමුදාවක් රුගෙන අවුරුදු 3කට පසු ලංකාවට පැමිණ ලමිබකර්ණයන් පලවා හැර බලය ලබා ගත්තහ.විදේශයෙන් අගමිපඩි සේනාවන් ගෙන ආ ප‍්‍රථම පුද්ගලයා මොහු ය.මොවුන් ආපසු ගියේ නැත.මෙතුමා අවුරුදු 6 ක් රජකරන ලදි. ඉලනාගගේ පුතා වු චන්ද මුඛශිව (කි‍්‍ර.ව 43 52) දක්වා රජකරන ලදි.මොහු මරා යථාලතිස්ස රජවිය.ලංකා ඉතිහාසයේ විහිඵවක් කියා ඇස්රතු කරගත් රජතුමා මොහුය.දොරටුපාලකයා සමග කවටකමි කිරිෙමි ප‍්‍රතිඵල යක් වශයෙන් මොහු මරණයට පත්විය.දොරටුපාලකයා ශුභ නමි වේ .පණ්ඩුකාභයගෙන් ආරමිභ වු මෞර්ය රාජවංශය අවසන් වන්නේ යථාලතිස්සගෙන්ය.

              යථාලතිස්ස මරා රාජ්‍යට පත්වන්නේ ශුභ හෙවත් සභ කුමාරයාය. මොහු අවුරුදු  6 ක් පාලනය කරන ලදි.එහෙත් ලමිභකර්ණ වංශයට මොහු අයිති වුවද ලමිභකර්ණ වංශයේ ඉතිහාසයේ සදහන් වන ප‍්‍රථම පාලකයා වන්නේ වසභ රජුය.ඹහු ශුභ මරා බලයට පත්විය.මොහු අවුරුදු  44 රජකර ඇත.ෙමි රජුගෙන් ඇරඹුනු රාජවංශය අවුරුදු  370 ක් පමණ පැවතියහ.මොහු රජවි අවුරුදු  3 ගිය පසු වසභ නමි ඇති සියඵ දෙනා මරා දමන ලෙස ශුභ අණකර සිටියේය.ඒ අනුව ඹහු රුහුණට පලා ගියේය.මුලින්ම ඹහු හා අනුගාමික පිරිස රුහුණු අවට ප‍්‍රදේශය මන්කොල්ල කනලදි.මේ ආකාරයට අවුරුදු  2 මංකොල්ල කෑම මගින් තම බලය වර්ධනය කරගන්නා ලදි.ඒ අනුව ඹහු හා ඹහුගේ පිරිස අනුරාධපුරයට පහර දෙනලදි.මාමාණ්ඩිය වු සභ හා ඹහුගේ සේනාපති මරණයට පත්කරන ලදි.

උපතින් රජකම හිමි නොවුවද  අභ්‍යන්තර දේශපාලන අරගල පැවතුනද විදේශ ආක‍්‍රමණ එල්ල නොවිය.මේ  රාජවංශයේ ඉටු වු ප‍්‍රධානම සේවාව නමි රජරට රාජ්‍යයේ ආධිපත්‍ය ලංකාෙවි උතුරින් යාපන අර්ධද්විපයද  හා දකුණු මාගමද ප‍්‍රදේශය ඇතුඵ මුඵ දිවයින පුරාම පවත්වා ගනිමින් රෙටි සාමය ඇති කිරිම හා විදේශ ආක‍්‍රමණ වලක්වා විමත් මනා පාලනයක් ඇති කරන ලදි.වල්ලිපුරමි තඹ සන්නස හා අනුරාධපුරය අවටින් හමුවන අභිලේකන වලින් තොරතුරු ලබා ගතහැකිය.වංශකතා අනුව වසභගෙන් පසු රජ පදවියට පත් වුයේ ඹහු පුත් වංකනාශික තිස්සය.එතුමා වසර 3ක් රජකළේය.තිස්සගේ පුත් ගජභාණුක ගාමිණි පියාගෙන් පසු රජකමට පත්විය.ඹහු අවුරුදු  22ක් රජකර අතර ඹහුගෙන් පසු මස්සිනා වු මහල්ලකනාග රජකමට පත්විය.ඹහු අවුරුදු  6 ක් සිටි බව සමනාලින සෙල්ලිපි වල දුටග මහරජ හා උතර මහරජ යනුවෙන් වසභගේ පුතුන් දෙදෙනා සදහන් වේ . 
               
  වංකනාසික තිස්ස සමයේ ලක්බිම චෝළ ආක‍්‍රමණයක් සිදු  විිය.කරිකාළ චෝළ නැමැත්තෙකු ආක‍්‍රමණය මෙහෙයවා මෙරට වැසියන් 12,000 ක පිරිසක් රුගෙන ගියහ.ගජබානු සමයේදි ජයග‍්‍රාහි ප‍්‍රතිආක‍්‍රමණ සිදු  වු බව සදහන් වේ .ඒ අනුව ඹහු චෝළ දේශය ආක‍්‍රමණය කර 24,000 පිරිසක් හා පත්තිනි සළඹද රුගෙන එනලදි.මේ  ආක‍්‍රමණයේ ප‍්‍රධාන අරමුණ වන්නට ඇත්තේ මෙරට බලය අල්ලා ගැනිමටය එහෙත් වාරිතාක්ෂණ යේ දියුණුව නිසා මෙරට වැසියන් රුගෙන ගියා යැයි සිතිය හැක. මහල්ලනාග රජුගෙන් පසු ඹහුගේ වැඩිමහල් පුත් භාතික තිස්ස අවුරුදු  24 ක් සහෝදරයා වු කනිටිඨ තිස්ස වසර 22 පාලනය කරන ලදි.මේ රජුට පසුව රජ පවුලේ ඇති වු ආරවුලක් නිසා ශතවර්ෂ භාගයක් පමණ රෙටි සාමයට බාධා එල්ල විය.කනිටිඨ රජුගෙන් පසු ඹහු වැඩිමහල් පුත් බුජ්ජනාග රජවු අතර ඹහු අවුරුදු  6 ක් රජ කර අතර ඹහුගේ සහෝදරයා වු කුඤ්චනාග අතින් මිය ගියේය.
   
               මේ  සමයේ දි ඒකකාලින නමි වු සාගතයකට රට වැසියාට මුහුණ දිමට සිදු  විය.සිරිනාග නමි වු සෙන්පතියා හොදින් හමුදාව සමිපාදනය කොට අගනුවර වටලා කැරලි ගසා කුඤ්චනාග රජ පලවා හැර සිහසුන අල්ලා ගත්තහ.පළමු සිරිනාග ලෙස ඹහු අවුරුදු  19 පාලනය කර අතර ගැමියන්ට ඉසිලිය නොහැකි කුඹුරු බද්ද ඉවත් කරන ලදි. මොහු ගෙන් පසු ඹහු පුත් තිස්ස වසර 22 ක් රජ කළ අතර ලංකා ඉතිහාසයේ මුල් වතාවට දඩුවමි දිම ශාරීරික පිඩන නොපවණ අන්දෙමි නිතියක් පැනවිය.එම නිසා මෙතුමා වෝහාරික තිස්ස ලෙස හැදින් විය.තම බිසව අභයනාග හා සුභදේව යන අය රජකම වෙනුවෙන් වෝහාරික තිස්ස ඝාතනය කරන ලදි.අභය නාග කෙසේ හෝ රජකම ලබා ගත් අතර ඹහු දැහැමිව වසර 18 පාලනය ගෙන යන ලදි.පසුව වෝහාරික තිස්ස රජුගේ පුත් දෙවනි සිරිනාග වසර 2 ක් රජකරන ලදි.

            මහියංගනයේ සිට අනුරාධපුරයට පැමිණි ලමිබකර්ණ වංශිකයන් 3 දෙනෙක් පිළිවලින් රජකමට පත්විය.අනුරාධපුර සිටි රජුගේ විශ්වාසය දිනාගෙන උපදේශකයන් බවට පත්විය.විජය කුමරු මරා ලමිබකර්ණ කුමාරවරුන්ගේ පළමුවැන්නා වු සංඝතිස්ස රජ වි වසර 4 ක් රජකළහ.මේ රජු ජමිඹු කෑමට කෑදරය මෙය ජනතාවට කරදරයක් විය.ජමිඹු වලට වසදමා මරණයට පත් කරන ලදි.ඉන් පසු සිරිසංඝබෝධි රජවිය.ලක් රජවරු අතර සුවිශේෂ පුද්දගලයෙකු වන්නේය.මොහු රට පාලනය කිරිෙමි දි අනුගමනය කර ප‍්‍රතිපත්ති ඇමතිවරුන්ගේ ඒකමතික සහයෝගය නොලැබුණි.ගෝඨාභය කුමරු රජකම ලබා ගැනිමට නොවිව සිල්ලෙන් බලා සිටියේය.සිරිසංඝබෝධි රජුගේ දැහැමිකම පාලන තන්ත‍්‍රය බිදවැටිමට හේතු නොවු නිසා ගෝඨාභය එලිපිටම කැරලි ගසන ලදි.තම බලය ආරක්ෂා කරගැනිම වෙනුවෙන් මිනිසුන් මරුවට පත්වෙනවා දැකිම සංඝබෝ කැමති නොවිය.ඹහු රජකමෙන් ඉවත් විය.ඒ අනුව ගෝඨාභය වසර 13 රජකර අතර මේඝවර්ණාභය යන නමින් මොහු හදුන්වනු ලැබිය.

             මොහුට සිටි පුතුන් දෙදෙනාගෙන් මහසෙන් සංඝමිත්ත භික්ෂුවගේ ශිෂයෙකු විය.ජෙටිඨතිස්ස කුමරු ගුරුවරයාට ප‍්‍රිය නොකළේය .සහොදරයන් දෙදෙනා අතර රජකම වෙනුවෙන් ආරවුලක් ඇතිවිය .ජෙටිඨතිස්ස කුමාරයාට රජකම ලබා නොදිම වෙනුවෙන් විරුද්ධ වු ඇමතිවරු ඹහු විසින් මරාදමන ලදි.මේ හේතුව නිසා මහාසේන බිය විය.තම පියරජුමෙන් සාර්ථකව වසර 10ක් පාලනය කරන ලදි.

                 මින් පසු රාජ්‍යට පත් වන්නේ මහසෙන්ය.ඹහු සංඝමිත්ත භික්ෂුවගේ අදහස් අනුව මහාවිහාරයට විරුද්ධව කටයුතු කරන ලදි. මහාවිහාර භික්ෂුන්ට ආහාර නොදිම හෙතුවෙන් ඹවුන් රුහුණට හා මලය රටට  පාලා ගියේ්ය.රජු මහාවිහාරය විනාශ කරනවාට ඹහුගේ මිත‍්‍රයා වු මේඝවර්ණාභය ඇමති යා විරුද්ධ වි මලය රටට පාලාගියේය.ඹහු සේනාව රුස් කරගෙන සුරතිස්ස වැව සමිපයේ කදවුරු බැදගත්තේය .ඇමතිවරයාද සටනට සුදානමි වු බැවින් තමාද සේනාන සමග විත් ගගෙන් අනෙක් පැත්තේ කදවුරු බැද ගත්තේය.කෙසේ හෝ මිතුරන් දෙදෙනා අතර සමගියක් ඇති වි රජු මහාවිහාරය.විනාශ කිරිමෙන් වළක්වා ගන්නා ලදි.මෙය ආගමික මුහුණුවරක් ගත්තද භික්ෂුවකගේ මැදිහත් විමෙන් දේශපාලන අර්බුධකාරි තත්ත්වයක් උදාවිමයි. 

                මහසේන රජුගේ ඇවැමෙන් ඹහු පුත් සිරිෙමිඝවර්ණ්ණ රජවිය.ඹහු චුලවංශයේ පළමු රජුය.සිංහල පොත් වල ඹහු සදහන් වෙන්නේ කිත්සිරිෙමිඝ යනුවෙනි.මේ  රජුට සමකාලින ඉන්දියාෙවි ගුප්ත පාලකයා වුයේ සමුදගුප්ත සමග මිත‍්‍ර‍්‍ර සමිබන්ධතා පැවැත්විය.ෙමි මගින් පැහැදිලි වන්නේ ඉන්දිය ගේ‍්‍රෂ්ඨ පාලකයෙකු සමග සමිබන්ධතා පැවැත්විම කිත්සිරිෙමිඝ මනාපාලන සංවිධාන පාලනයක් පැවැති බවය.මෙතුගේ ඇවැමෙන් රාජ්‍යයට පත් වුයේ ඹහුගේ සොහොයුරු දෙවනි ජෙටිඨතිස්සයි.මනා සංවිධානයකින් යුතුව සිය පාලනය මෙහෙය වන ලදි.පසුව මොහුගේ පුත් බුද්ධදාස රජවිය.ඹහු වෛද්‍ය විද්‍යාවට අති දක්ෂයෙකි.ඹහු අවුරුදු  29 රාජ්‍ය කරහ.මෙතරමි දිර්ඝ කාලයක් පාලනය ගෙන යාෙමිදි විදේශිය ආක‍්‍රමණ එල්ල නොවිය.

              ඹහුගේ පුත් උපතිස්ස රජවු අතර ධාර්මික ලෙස රට පාලනය කරන ලදි.ඹහු අවුරුදු  42 රජකරන ලදි.මහානාම වු සොහොයුරාට රජකම අරන් දිම වෙනුවෙන් මහානාමගේ බිරිද විසින් උපතිස්සව මරන ලදි.එසේ රජවුවද තම පියාමෙන් ධාර්මික ලෙස රට පාලනය කරන ලදි.වසභගෙන් ආරමිභවු ලමිභකර්ණ වංශය මහානාමගෙන් අභාවයට පත්වි.මහානාමට සිය රජකම ලබා දිමට පුතෙකු නොවිය.දෙමළ දේවියක් දාව උපන් සොත්ථිසේන රජකිරිමට සිටිය දි මහානාමගේ දියණිය වු චේමාතික භගිනියක වු සංඝ කුමරිය ඹහුව මරා සිය සැමියාට රජකම ලබාදිය.ඇය ඹහුව මරන්නට ඇත්තේ ඇයට රජකම අයිති නොමැති බැවිනි. පාලිවංශ කතාවල සදහන් වන්නේ ඡුත්තගාහක යන පදවියෙන් සදහන් කර ඇත.ඒ අනුව රජවිමට පෙර මාලිගාෙවි එම තනතුර දැරුබව සදහන් වේ .අවුරුද්දක් ගත විමට පෙර සංඝ කුමරියගේ ස්වාමියා මිය ගියේය. 
               
            මිත්සෙන් නැමැත්තෙක් බලෙන් රාජ්‍ය පැහැරගෙන වසරක් පමණ රජ කළේය.ඹහු දෙමළ ආක‍්‍රමණයකින් මිය ගිය අතර එතැන් පටන් වසර 27 ක් පමණ ලංකාෙවි ස්වාධිනත්වය සිංහලයන්ට අහිමි විය.මහානාමගේ මරණයෙන් අනතුරුව හටගත් අවුල් සහගත තත්ත්වය දිර්ඝ කාලයක් පැවතියහ.මිත්සෙන් මරා සත් දමිළයන් විසින් රට පාලනය කරන ලදි.ඒ අනුව දකුණු ඉන්දියාෙවි පාණ්ඩය අධිරාජ්‍යයේ පණ්ඩු හා ඹහුගේ පුතුන් දෙදෙනා වු පාරිණ්ද හා බුද්ද පාරින්ද 20 වසක් අනුපිළිවලින් පාලනය කරන ලදි.බුද්ද පාරින්දගේ පාලන කාලයේ දි විදේශ පාලනයට විරුද්ධව සිංහලයන්ගේ ප‍්‍රතිවිරෝධි බව දැඩි වන්නට විය.ඹහුගේ අනුප‍්‍රාප්තිකයන් 3 දෙනාගේ රාජ්‍ය කාලයේ දි එය සංවිධානය වු කැරුල්ලක් බවට පත්විය.

            මේ  දෙමළ පාලකයන්ගේ අභිලේඛන දෙකක බෞද්ධ ආරාමවලට කරන ලද පරිත්‍යාගයන් වාර්තා වේ "පාරින්ද” පරිදේව ලෙසත් "බුද්ද පාරින්ද” බුදදස පරිදෙව ලෙසය.කතරගම කිරිවෙහෙරින් හමුවන සෙල්ලිපිය ක තිරිතර යනුවෙන් සිවි වැනි පාලකයා ලෙසද පස් වැන්නා දාඨික ලෙසද රජවු අතර ඹවුන් බෞද්ධ ආගම වැළදගෙන පියාගෙන් පුතාට හෝ සහෝදරයාගෙන් සහෝදරයාට රජකම උරුම විය.මෙහි දී ඹවුන් මෙරට සමිප‍්‍රදාය අනුගමනය කර ඇත.බෞද්ධ ආගමිකයන් වශයෙන් සිය පාලනය ගෙන යන ලදි.

            පණ්ඩු නැමැති දෙමළ ආක‍්‍රමණිකයා සිහසුනට පත්වන සමයේ ධාතුසේන පැවිදි ජිවිතය ගත කරන ලදි.මොහු රජවි ප‍්‍රථමයෙන් සිදු  කරන ලද්දේ ලමිබකර්ණ වංශයේ මහානාම අයත් රාජකීය පවුලේ ජිවත්ව සිටින සමාජිකයන් විනාශ කර දැමිමයි.ඒ අනුව මේ  වනවිට ධාතුසේන පැවිදි බවින් ඉවත් වි රට බේරා ගැනිම සදහා සේනාව එක් රුස් කර ගන්නා ලදි.ඒ අනුව සේනාව රුස් කර ගන්නා අවධියේද රට තුල වියවුල් තත්ත්වයක් උදා විය.කෙසේ හෝ තිරිතර සමග සටන් කර ධාතුසේන ඹහුව මරා දමන ලදි.අවුරුදු  3 රජකමි කළ දාඨික සමග සටන් වලදි දෙමළ හමුදාෙවි ප‍්‍රධාන කොටසක් සමිපුර්ණයෙන් විනාශයට පත්විය. දාඨිකද මරණයට පත්විය.අවසාන පාලකයා වු පිඨිය මරා මෞර්ය  පෙළ පත ආරමිභ කරන ලදි.එහෙත් ඒ වන විටද සටන් නිම නොවිය.තැනින් තැන කුඩාකණ්ඩායමි වශයෙන් දෙමළ විරුද්ධ වාදින් මතු වු බැවින් ධාතුසේනට බලකොටු තනන්නට විය.දෙමළ මුලයන් මුලින් උපුටා දමන්නට විය.දෙමළ පැත්ත ගත් ප‍්‍රභුන් විශාල ඉඩමි හිමියන්ට දඩුවමි දී රෙටි සමගිය නැවත සකස් කරන ලදි.මෙතුමා අවුරුදු  18ක් පාලනය ගෙන යන ලදි. 

                විජය රජුගෙන් ආරමිභ වු රාජාවලිය ධාතුසේන අවධිය වන විට විවිධ පෙළපත් බලයට පත්විය.එමෙන්ම විවිධ ආක‍්‍රමණ සිදුවිය.මේ  ආක‍්‍රමණ සියල්ල පාහේ සිදු  වුයේ තනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසිනි.දුර්වල පාලකයන් රජවි සිටින විට මෙසේ පහර දි බලය අල්ලාගෙන දිර්ඝ කාලයක් පාලනය ගෙන යන ලදි.රජ පවුල තුල මෙන්ම පෙළපත් අතරද ගැටුමි ඇතිවිය.එමෙන්ම අනුරාධපුරයෙන් රුහුණට රජධානි මාරුකර ගනිමින් ඒකාකාරි බවකින් තොරව රජධානිය පවත්වාගෙන ගිය බව මේ  මගින් අනාවරණය වේ .        

Tuesday, May 7, 2019

බලි ශාන්තිකර්ම



බලි (bali) යන පදය නව බ්‍රිටනිකා විශ්වකෝෂය සදහන් වන්නේ ඉන්දුනීසියාවට අයත් බාලි දුපත හා බටහිර බෙංගාල රාජ්‍යයේ හො(ව්)රා දිස්ත්‍රික්කයේ පිහිටි බාලි නගරයක් පිළිබද පමණි.හින්දු පුරාණෝක්ති හා දේව පුරාණ සංග්‍රහවලද බලි,මහාබලි,බාලි යන අර්ථකථනය කර ඇත.එහෙත් මේ පිළිබද බලි යාගයට ඉගියක් නොලැබෙන අතර භාරතීය සමාජ සංස්කෘතික ඉතිහාසය තුළ බලි යන වචනය සදහා නොයෙක් අර්ථකථන ලබා දී ඇත.

“බලි” යනු සිංහලයේ සේම සංස්කෘත,පාලි සහ ප්‍රාකෘත  යන භාෂාවල එකම අරුතක් යෙදෙන වචනයක් ලෙස මේ සම්බන්ධ වඩාත් වැදගත් ශාස්ත්‍රීය පර්යේෂණයක් සිදු කර ඇති මහාචාර්ය විනී විතාරණ දක්වයි.එම අරුත නම් දේව යක්ෂාදින්ට දෙනු ලබන පිදෙන්න,යය   සහ ශාන්තිකර්මය සදහා අඔන රූප යනුය.වෙදික සාහිත්‍යයේ මෙන්ම පාලි සාහිත්‍යයේ ද බලි යන පදය පුජාර්ථයෙන් ව්‍යවහාර වී ඇති ආකාරය හදුනාගත හැකිය. “බලි” යන පදය ප්‍රාග් බෞද්ධ හා සමකාලින වෙදික හා බ්‍රාහ්මණික ව්‍යවහාරයන්ගෙන් සංස්කෘත හා පාලි සාහිත්‍ය තුලට ඇතුල් වූ බව විද්වත් මතය වේ.

බලි - බිලි යනුවෙන් සිංහලයේ එන වචන ගැළපීමේ ස්වර වේ.“බිලි”යන වහර සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ නොයෙක් තැන්වල යෙදේ.බිලි යනු යක්ෂාදින්ට වෙත කැප කරණු ලබන පිදෙන්නක් විශේෂයෙන් ප්‍රාණයෙන් යුක්ත පිදෙන්නෙක් වෙයි. බිලි යනු බලියාගය හෝ බලි රුපය හෝ නොවේ. බලි යන පදයට අර්ථ නිරුපණ 5ක් ඉදිරිපත් කිරීමට සිරි ලියනගේ මහතා සමත්ව ඇත.(ජනශ්‍රැති ශබ්ද කෝෂය )

බලි   -               -  මෝඩ, බාල
            -     බලවත්, බලය ඇති, ශක්තිමත්
            -     විශාල, මහත්
         -  දේව යක්ෂ ප්‍රේතාදින්ට පිරිනමන පූජා,යක්ෂ    ප්‍රේතාදින්ට කරන ශාන්ති කර්ම තොවිල් ආදිය
            -      බද්ද,කප්පම,දීමනාව

බලි ශාන්තිකර්මය වටහා ගැනීමේ දී ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය බලි යන වචනයට අර්ථ කිහිපයක් ම සපයා ඇත.
දේව යක්ෂාදින්ට දෙන පිදේනි
බිල්ල,භූත යාගය
ග්‍රහ අපල දුරුවීම් ආදිය සදහා කරන ශාන්තිකර්මයක් එම ශාන්තිකර්මය සදහා අඔන රූපය

බලි නමැති අසුර රාජයකු ගැන ද කියවේ. එහි දක්වන ආකාරයට
බලි ඇදුරු,බලි ඇරීම්, බලි කර්මාන්ත, බලි ක්‍රියා, බලි තිබීම් යන පර්යාය වදන් කිහිපයක් හමුවේ.

විශේෂයෙන් එහි එන “බලි කුඩම්” යනු ජයවර්ධනපුර කෝට්ටේ මාලිගාවේ “බලිබෙත් බලිකුඩම් වැඩ සිටි” යන හැදින්විමෙන් දක්වා ඇත්තේ බලි ශාන්තිකර්ම පවත්වන ස්ථාන වශයෙන්ය.

බලි යන්නෙහි විකාශනය පිළිබද විග්‍රහාත්මක ඓතිහාසිකව විස්තරයක් බන්දුල ජයවර්ධන මහතා බෞද්ධ විශ්ව කෝෂයට සපයා තිබේ.සෘග් වේදයේ රජුට දෙන තෑග්ගක් යන අර්ථයෙන් ද,දෙවියන්ට කරණු ලබන පුජාවක් යන අර්ථයෙන් ද බලි යන පදය යෙදී ඇති බව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා පෙන්වා දේ, පශ්චාත් කාලින බ්‍රාහ්මණ උපනිෂද් හා සුත්‍ර සාහිත්‍යයෙදී මුල් බෞද්ධ සාහිත්‍යයෙදී මෙකි අර්ථ දෙකින් ම බලි යන පදය ව්‍යවහාර ව ඇත.( කාරියවසම් 1986:13)

නරවරයාට දෙනු ලබන ත්‍යාගයක් හැටියට බලි යන පදය දිස නිකායෙහි දක්වා ඇත.බලි යන්න සමග “දණ්ඩ” යන පදය ද එකට යෙදී තිබෙන ආකාරය “කුළාවක ජාතකයේ” ද “මහා සුපින ජාතකයේ ද”,ධම්ම පදට් කථාවේ ද දණ්ඩ බලි යන්නෙන් යෙදී තිබීමෙන් පෙනේ.

බලි ලබන පුද්ගලයන් අනුව අංගුත්තර නිකායෙහි පංච බලි වර්ගීකරණය දක්වා ඇත.

·      බලි නෑයන්ට දෙන පිදවිලි
·      අත්ති බලි ආගන්තුකයන්ට දෙන පිදිවිලි
·      පේත හෝ පුබ්බ පේත බලි මළගිය අයට දෙන පිදිවිලි
·      රාජ බලි රජුන්ට හෝ ප්‍රභූන්ට දෙන පිදිවිලි
·      දේව බලි දෙවියන්ට දෙන පිදිවිලි

බලි පුජාව සදහා යොදා ගන්නා වර්ණ

වර්ණය හා සංකේතයක් යන අංශ දෙකෙන්ම භාවිතයට ගත හැකිය වර්ණ ප්‍රධාන හා අප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. ප්‍රධාන වර්ණ වලින් අනෙක් වර්ණ සකස් කරන ගනු ලැබේ.බලි ඇදුරන් විසින් වර්ණ සාදාගනු ලබන්නේ අවටින් සොයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරයි.

·      කොළ - මිදෙල්ල මැකරල්
·      කහ - සමර
·      රතු - රට කහ, සිමෙන්ති,ගුරුගල්
·      කළු - බැටරි කුඩු, පොල් කටු අගුරු කුඩු පැණියෙන් දියකොට
·      සුදු - හුණු

වර්ණ සංජානනය වීම කරුණු කිහිපයකින් පෙන්වා දිය හැකිය.

·      ආලෝකය
·      දුර   
·      වස්තුවේ ප්‍රමාණය
·      වර්ණ මිශ්‍රණය

ආලෝකය නොමැති අදුරු තැනක වර්ණවල ක්‍රියාකාරිත්වයක් සිදු නොවේ.ආලෝකයේ ප්‍රමාණය අනුව වර්ණ වල දීප්තිය හා අදුරු බව රදා පවතී.බලි ශාන්තියේ දී ආතුරයා ප්‍රමුඛ ප්‍රේක්ෂක පිරිස වෙත වර්ණ සංජානනය වන්නේ අදුරු රුයක පන්දම් එළියෙන් කහ මිශ්‍රිත ආලෝකයක් තුළය.සාමාන්‍යයෙන් බලියක් පටන්ග න්නේ රාත්‍රී 9 ට පමණය.එය පසු දා පාන්දර වන තෙක්ම පවති.

දුර හා වර්ණ පිහිටීම් අතර වැදගත් කමක් පවති.බලි මඩුවේ බලියේ සිට ආතුරයා අතර නිශ්චිත දුරක් ඇත.දුර වැඩි වන විට වර්ණ වල දීප්තිය අඩු වී අදුරු පැහැයක් ගන්නා අතර,අති සමීප වූ විට වර්ණයන්ගේ නියම ප්‍රකෘතිය ගිලිහි යයි.බලියේ ප්‍රමාණය වස්තුවේ හැඩය විශාලතම වර්ණ සක්‍රිය ව දෘශමාන වීම කෙරෙහි බලපා ඇත.ත්‍රිමාණ බලි රුපයට යොදන වර්ණ සංකලනයට හාත්පස වෙනස් ලෙස රෙදි කඩක අදින බලි රූපවල වර්ණ යොදා ඇත .වස්තුවට සාපේක්ෂව වර්ණ භාවිතය වැදගත් කර ඇත.

මල් බලියේ දී ගොක් කොළවලින් හා කෙසෙල් බද පතුරුවලින් සකසා ගත් රාමුව පසුතලයේ දිස්වන්නේ එම සෞම්‍ය ලා කොළ පැහැයට වඩා තද කොළ පැහැය දිස් වන කෙසෙල් කොළ හෝ හබරල පත්‍ර ය.මල් බලියේ හැම ගැබක් තුල ම රතු කහ මල් දවටා ඇත පසුතලය තද කොළ පැහැතිය ඒ මතින් බලි ගැබෙහි ගොක් කොළ රඔ පතුරුවල ලා කහ පැහැය ආකර්ශණිය වේ.

පොල්බැ මගින් සැකසුණ පහනේ සුදු පැහැයත්,කහදිය කොතල යේ නැවුම් දුබුරු පැහැයත් ය.මේවා එකිනෙකට ගැළපෙන ලෙස යොදා ගැනීමට බලි ඇදුරා සමත්ව ඇත.මේ මගින් අපේක්ෂිත මානසික චිකිත්සාව සදහා එය සාර්ථක ආකාරයට යොදා ගෙන ඇත.මෙහි රතු කහ මලින් හා නිල් පිරිසි භාවිතයෙන් අදාළ ග්‍රහ දෙවියන් සංකේතවත් කිරීමට යොදා ගන්නා ලදී.

බලියේ ප්‍රධාන අරමුණ හා බද්ධව වර්ණ යොදා ගැනීමේදී එහි මනෝවිද්‍යාත්මක කාරණා මුල් වේ.වර්ණ සංජානනය තුළ සතුට, අසතුට හා වෙනත් හැගුම් ඒ සමග බද්ධ වේ.රතු,නිල්කොළ,දම්, කහ තද වර්ණ ලෙස ගැනේ.මේවා බලියේදී විවිධ ප්‍රකාශන ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ලදී.රතු හෙවත් ප්‍රකෝපය දරුණු බව ප්‍රචණ්ඩත්වය වැනි හැගීම් ද,නිල් වර්ණයෙන් සාමකාමී බවද, සතුටද,කළු වර්ණයෙන් කණගාටුව වේදනාව යන ආදිය සංකේතවත් කරයි.

සුදු වර්ණය 
(පාරිශුද්ධත්වය හා සංයමය නිරුපණය කරයි)

  • පිරුවට කිල්ලෙන් මිදුණු බව
  • බලය
  • ආලෝකය
  • අවාසනාව,ශෝකය

බලි ශාන්තිකර්මයෙදී වැඩි වශයෙන් සුදු වර්ණය යොදා ගනු ලැබේ. ඇදුරෝ සුදු පිරුවට ඇද සිටි, හිසේ පළදින උරමාලය (මෙය දිගු විශාල රෙදි කඩක් ඔතා ඒ වටා රතු රන්වන් රෙදි පටියකින් අලංකරණය කොට වළල්ලක් ආකාරයට තනා හිසේ පලදා ගනී). සුදු පැහැතිය රෙදි කඩෙහි දෙපස හිසෙන් පහළට එල්ලා වැටෙන සේ සකසා ඇත.පාරිශුද්ධත්වය සහ බුදුන් වහන්සේ කෙරෙහි දක්වන ගෞරවනියත්වය සුදු පැහැය සංකේතවත් කරයි.ආතුරයාවසා සිටින වහන් තරාවත්,බලිය වසා සිටින කඩ තුරවත් ඇදුරන්,බෙරවාදකයන්ගේ ආදියගේත් වස්ත්‍ර මේ සියල්ලම සුදු පැහැයට මුල් තැන දේ. සුදු පැහැය අඩ අදුරේ දී වඩා දීප්තිමත් බාවයකින් කැපී පෙනේ.පන්දන් එළියෙන් ආලෝකමත් වන බලි ශාන්ති මඩුව තුල දිස්වන සුදු වර්ණයත් ආතුරයාගේ මනස ආකර්ෂණය කරන්නකි.වර්ණය යොදා ගන්නා කාලය හා ස්භාවය සමග සැසදීමෙන් මෙය අවබෝධ කර ගත හැකිය.සුදු වර්ණ භාවිතය දේශීය සංස්කෘතික ජන විශානය කාලයක් හැදී වැඩුණු බෞද්ධ ශික්ෂණයේ පවිත්‍රත්වය සංකේතවත් කරයි.

රතු වර්ණය 
( අපිරිසිදු බව කිල්ල)

  • අන්තරාය
  • රාගය
  • ලේ
  • කිල්ල


                බලි ශාන්තියෙදී සුදු වර්ණය ළගට වැඩි වශයෙන් භාවිතා කරන වර්ණය වන්නේ රතු වර්ණයයි. දේව, රක්ෂා, යක්ෂ, පිශාචාදී අමුනුෂ්‍යයන් සංකේතවත් කිරීම සදහා රතු වර්ණය යොදා ගනු ලැබේ. බුද්ධ පුජාව සදහා රතු මලක්වත් භාවිතා නොකරන අතර බලි ශාන්තිකර්මයේ රතු වර්ණයට හිමිවන්නේ සුවිශේෂ ත්වයකි.බොහෝ ශාන්තිකර්ම අවස්ථා වල මධ්‍යම රාත්‍රිය තුළ ප්‍රබල හා අවේගවත් බෙරවාදන නර්තන ඉදිරියේ රතු රෙදි කඩක් පැළද ගනී .සුනියන් දේවතාව හා කාලි දේවතාව රතු වර්ණයෙන් සංකේත වත් කෙරේ.බලි රූපයෙහි පමණක් නොව බලි ඇදුරාගේ වස්ත්‍රාභරණ වලින් ¼ කට වඩා වැඩි වශයෙන් රතු වර්ණයෙන් යුක්ත වේ.

  • ඉණට වෙළන බද වෙළුම්
  • පිරුවටයේ දාරය
  • උරමාලයේ අලංකරණය
  • පුන නුල
  • පිදේනි සදහා දෙන කැවිලි පලතුරු ආදිය රතු පාට වේ


කළු වර්ණය 
(බිය ප්‍රතාපවත් බව නපුර)
  • නරක
  • රාගය
  • මරණය
  • දුක
  • රැය ,අදුර ,නිරය

රිරී යකා රතු පාටිනුත්, කළු යකා කළු පාටිනුත් නිරුපණය වී ඇති බව පහතරට තොවිල් හා සමයන් යාතු කර්මවල හදුනා ගත හැක. ඔවුන් වර්ණ අතින් දෙආකාර වුවත් ස්වාභාව අතින් එක සමාන ය. කළු පැහැයෙන් රක්ෂා,යක්ෂාදීන්ගේ බඩ අත් ආදිය අගපසග නිරුපණය කර ඇත.

කහ 
(පාරිශුද්ධත්වය)
  • නය
  • පින්
  • බලය

රතු සමග කහ වර්ණය එකට යොදා ගනී.කන්‍ය බලි, විස්කම් බලි ,දේව බලි ආදියෙහි කහ වර්ණය යොදා ගැනීමෙන් සංකේතවත් වන්නේ යහපතකි.පළතුරු වලද කහ වර්ණය කැපී පෙනෙන වර්ණයකි.

නිල් වර්ණය  (විෂ්ණු)
  • බලය
  • ජීවිතය
  • කරුණාව ඉවසීම

නිල් පාට බොහෝ බලි ඇබුම් කවිවල දක්නට ලැබේ.ඒ ඒ ග්‍රහයාට යක්ෂයාට අදාළ වර්ණ ඇත.හිරුගේ රුපය ඇදීය යුක්තේ කහ පාටින් සදු,සුදු පාටිනුත්,අගහරු රතු පාටිනුත් ඇඕය යුතුය. ග්‍රහ දෙවියන් හැරුණු විට නැකත් සදහා ද සංකේතවත් වර්ණ යොදා ගනු ලැබේ.අස්විද බෙරණ නැකත් සදහා රතු වර්ණයත් පුනාවස නැකත් සදහා නිල් පාට යොදා ගනී.




Thursday, April 25, 2019

මහජන සම්බන්ධතාව පිළිබද නිර්වචන


1.එඩ්වර්ට්.එල්.බර්නීස් (Edward L.Bernays)ගේ නිර්වචනය

  • මහජනයා වෙත කරණු ලබන තොරතුරු සම්පාදනය.

      Information Given To The Pubic

  • මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් නවීකරණය කිරීම සදහා සෘජුව ම ඔවුන් කෙරෙහි කෙරෙන පෙළඔවීම.

      Persuation Directed at the public to modify attitudes and actions

  • ආයතනික ආකල්ප සහ ක්‍රියාවන් එහි මහජනතාව සමග එක් කිරීමටත් මහජනතාවගේ ආකල්ප සහ ක්‍රියාවන් එම ආයතනය සමග එක් කිරීමටත් දරණු ලබන උත්සාහයකි.

     It’s ifforts to integrate attitudes and actions of an institution with it’s public and of public with that institution

2.ලන්ඩනයේ මහජන සම්බන්ධතා ආයතනයයේ නිර්වචනය

යම්කිසි සංවිධානයක් සහ එහි ජනතාව අතර අනොන්‍යාන්‍ය අවබෝධය ගොඩනගනු පිණිසත්, එය පවත්වා ගෙන යෑම සදහාත් සියුම් ලෙස සැලසුම් කළ අඛණ්ඩ උත්සාහය මහජන සම්බන්ධතාව වේ.

Public relations practice is the deliberate planned and sustained effort to establish and maintained mutual understanding an organization and it’s public

3.සෑම් බ්ලැක් (Sam black) ගේ නිර්වචනය

ප්‍රයෝගික මහජන සම්බන්ධතාව වනාහි මහජන සම්බන්ධතාව සදහා උත්සහ කරණු ලබන කිසි යම් සමාගමක සංවිධානයක පුද්ගලයෙකුගේ සාර්ථකත්වය සහ සුභ සාධනය දියුණු කරලීම සදහා වෘත්තිමය වශයෙන් කරණු ලබන සාර්ථක සම්බන්ධතා ක්‍රියාදාමයකි.

Practical public relations is the professional attempt to achieve good public relations in order to promote the success or welfare of the company organization or individual on whose behalf the public relation effort is made

4.වෙබ්ස්ටර්ගේ නව කොලිගේට් ශබ්දකෝෂයේ නිර්වචනය
(Webster’s new collegiate dictionary)

සංස්ථාවක,සමාගමක,රජයක හෝ වෙනත් අයිතිකරුවන් මෙන්ම පොදු මහජනතාව සමග පරිසරයට ගැලපෙන පරිදි අර්ථවත් මහජන සම්බන්ධතා ඇති කර ගැනීමේ සහ පවත්වාගෙන යාමේ ක්‍රියාදාමය මහජන සම්බන්ධතාවයි.

The activities of a corporation union government or other organization in building and maintaining sound and productive relations with special public such as customers employees or stock holders and with the public at large so as to adapt itself to its environment and  interpret itesif to society

5.The enoyclopedia Americana දක්වා ඇති නිර්වචනය

 යම් පුද්ගලයෙක් අදහසක් කණ්ඩායමක් හෝ ව්‍යාපාරයක් පිළිබද මහජන රුචිකත්වය හා යහපත ඇති වන පරිදි ඉදිරිපත් කෙරෙන බලපෑම් කල හැකි විග්‍රහාත්මක කලාවකි.

Public relation is the art of anaizing influencing and interpreting a person idea group or business so that he or it will be recognized as serving the public interest and will benifit from so doing  

  6. New standard encyclopedia නිර්වචනය

යම් ආයතනයක් සංස්ථාවක් හෝ පුද්ගලයෙක් පිලිබදව ජනතාව අතර යහපත් ආකල්පයක් ඇති කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය මහජන සම්බන්ධතාව වේ එහි මුලික අරමුණ වන්නේ කිර්ති නාමය මනිණු ලබන මිණුම් දණ්ඩ මහජන සම්බන්ධතාව වේ .
    
The activities or measure under taken to promot in the public mind a favorable feeling toward a corporation institution or person the primary of public relation is to be built and hold good will is public opinion

7.Public relations news weekly news letter හි dany grisworld දක්වා ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනු මහජනතාව ගැන උනන්දුවකින් මහජන ආකල්ප තක්සේරු කරන පුද්ගලයෙකුගේ හෝ සංවිධානයක ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් හදුනාගනිමින් කළමනාකරණය කිරීම මහජනතාව තේරුම් ගැනීම සහ ඔවුන්ගේ පිළිගැනීමේ ක්‍රියාදාමයන් ඇති කිරීම මහජන සම්බන්ධතාවයි. 
  
8. Bertrand R. canfield සහ  H.frazier Moore දක්වා ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව මුලික අංග හතරකින් යුක්ත වේ.

පළමුව -     එය සමාජ කළමනාකරණ දර්ශනයකි

දෙවනුව - ප්‍රතිපත්තිමය තීරණවල දී මෙම දර්ශනයේ අදහස් පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමකි

තෙවනුව -  එය මෙම ප්‍රතිපත්තින්හි ක්‍රියාත්ම ප්‍රතිපලයකි

සිවුවනුව- එය ප්‍රතිපත්ති නිර්වචනය කිරීම ඒවා පැහැදිලි කිරීම අනාවරණය කිරීම සහ ආරක්ෂණය කිරීම හෝ අනොන්‍යාන්‍ය වශයෙන් සහ හිතෙෂිභාවය මහජනතාව උදෙසා සිදු කරණු ලබන ද්විමාර්ගික සන්නිවේදන ක්‍රමයකි

First - it is a social management philosophy

Second - it is an expression of this philosophy in policy decisions

Third - it is action resulting from these policies

Forth - it is two way communication which contributes to ward the creation of these policies and then explains revels defends or promotes them to the public so as to secure mutual understanding and good will.

9.John R.bittner ඉදිරිපත් කර ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදනය කරණු ලබන නිෂ්පාදනයක් හෝ සේවාවක් වෙනුවෙන් යම් කිසි සමාගමක් හෝ සංවිධානයක් සදහා ජනතාව තුල ප්‍රියජනක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමයි.

Public relation is conserned with creating a favorable image for the company or organization that produces the product or service.

10.Charles plackard  ඉදිරිපත් කර ඇති නිර්වචනය

මහජන සම්බන්ධතාව යනු හොද හිතකින් ගලා එන පැහැදිලි අදහස් සමුදායකි.




අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...