Sunday, September 17, 2017

අජන්තාවේ මුර්ති හා කැටයම් නිර්මාණ කලාව


              ඓතිහාසික චිත්‍ර කලාවේ වටිනා උරුමයක් ලෙස අජන්තා සිතුවම් හදුන්වා දිය හැකිය. හිනායානිකයන් විසින් ඉදිකරන ලද ලෙන් විහාර තුල කැටයම් නිර්මාණය කිරීම දැකිය නොහැකිය. ඒ අනුව අංක 8 9 10 12 13 හක් චෙතයශාලා හා සංඝාරාම වල හිනයානිකයන් විසින් කරන ලද කැටයම් දැකිය නොහැකිය. නමුත් ඉන්දියාවේ හීනයානය පිරිහීමත් සමග ඇති වූ මහායානික බලපෑම් අජන්තාව කරා එක විය. ඒ අනුව මහානයනිකයන් විසින් නිර්මාණය කරන ලද ලෙන් විහාර කැටයම් වලින් අලංකාරය කරන ලදී.හිනයානිකයන් විසින් නිර්මාණය කරන ලද අංක 9 චෛත්‍යශාලාවේ ඉදිරිපස කොටසේ අලංකාර කැටයම් නෙලා ඇත. එමෙන්ම ගුප්ත යුගයේ බලපෑමද අජන්තා චිත්‍ර කලාවට බලපෑවේය.අජන්තා චිත්‍ර වල ස්වර්ණතම යුගය හා කැටයම් කලාවේද උසස් අවදිය වන්නේ ගුප්ත යුගයයි.
     
      අජන්තා අංක 9 10 19 26 යන ලෙන් විහාර ඉදිවී ඇත්තේ චෛත්‍යශාලා වශයෙනි. මෙම ලෙන් විහාරයේ ශාලාවල ස්තුප නිර්මාණය කර තිබේ. අංක 9 10 චෛත්‍යශාලාවල ස්තුප කැටයමින් තොරව නිර්මාණය කර ඇති අතර මහානය නිකයන් අතින් ඉදි වූ අංක 19 26 ලෙන් විහාර වල ශාලාවේ වූ ස්තුප අලංකාර අන්දමින් කැටයම් කර ඇත. ස්තුප අතර අංක 19 ශාලාවේ වූ ස්තුපයේ මතුපිට කුහරයක් සාදා බුද්ධ රුපයක මුර්තියක් කර ඇත. එය හිටි බුදු පිළිමයකි.අංක 26 ශාලාවේ ස්තුපයෙහි නෙලා ඇත්තේ ප්‍රලම්භාපාද ආසනයෙන් වැඩ සිටින බුදු පිළිමයකි. මෙහි බුදුන්ගේ පා දෙපස මානව රුප දෙකකි. 
            අංක 19 ස්තුප පාදම හා ස්තුප ගර්භයවටා කැටයම් නිර්මාණයක් දක්නට ලැබේ. නමුත් අංක 26 රුපයේ පාදම සිරස් තීරුවලට බෙදා හිටි බුද්ධ රුප මුර්තිමත් කර ඇති අතර ස්තුප ගර්භයේ පියාබන යුවලක් දැකිය හැකිය. මේ ශාලාවල වූ කුළුණු හිස් ද රුකම්කරණයෙන් විසිතුරු වී ඇත පියස්ස හා සම්බන්ද වන අඩසද හැඩති කුළුණු හිස් වල කුඩා පනෙල් තනා ඒ තුල හිදී බුද්ධ රුප නිර්මාණය කර ඇති අතර බුදුරු දෙපස දේවතා රුප දැකිය හැකිය. එසේම ඇත හා ඇත් ගොවුවන්,පියාබන යුවල,තාපස රුව සංගීත භාණ්ඩ වාදනය කරන පිරිස් යන ආදී රූකම් නිර්මාණය කර ඇත කුළුණු හිස් හා පියස්ස අතර තීරුවද කොටස්වලට බෙදා විවිධ ඉරියවී වලින් යුත් බුදු පිළිම අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
         අංක 26 චෛත්‍ය ශාලාව ඇතුලත අලංකාරය පිණිස යොදාගෙන ඇත්තේ මුර්ති හා කැටයම්ය මෙහි ප්‍රදක්ෂිණා පථයේ බිත්තිවල දක්නට ඇති කැටයම් අතුරෙන් මාර පරාජය දක්වන කැටයම් මනහර අන්දමින් නිර්මාණය කර ඇත. බෝගසක් යට භුමි ස්පර්ශ මුද්‍රා වෙන් යුතුව බුදුන් වහන්සේ වැඩ සිටින්නේ කලා කෘතියේ මැදට වන්නටය තණ්හා,රති,රාගා යන මාර දුවරු තිදෙනා බුදුන්ගේ ධ්‍යානය බිද දැමීමට උත්සහ ගන්නා ආකාරයත් පෙන්නුම් කර තිබේ.බුදුන්ව පොළබවා ගැනීමට බැරි වූ තැන අධෛර්යට පත් වී සිටින මාර දුවරු තිදෙනා දකුණු පසින් නිර්මාණය කර ඇත.පළමු ලෙනෙහි වූ සිතුවම් අතුරින් ඉතාම වැදගත් කලා කෘතියක් ලෙස සිතුවම් කරන ලද මාර පරාජය දක්වන සිතුවම 26 වන ලෙන් විහාරයේ රුපසටහන් රැසක් අනුබද්ධයෙන් කැටයම් කර තිබේ.
         
  මහා පරිනිර්වාණය දක්වන කැටයම ද සුවිශේෂී කලා කෘතියකි බුදුන්වහන්සේ කුසිනාවේ පිරිනිවන් පාන ඉරියවු දක්වන අකාරයෙන් මෙය නිරුපනය කර ඇත. සල් ගස් දෙකක් අතර අතිවිශාල බුදු පිළිමයකි දකුණත නවා ඒ මත හිස තබා සිටින ඉරියවු සියුම්ව පෙන්වා ඇත.මේ අන්දමට බුදුන්ගේ පරිනිර්වාණය නිසා වැලපෙන දෙවිවරු දිව්‍යහංගනාවන් උන්වහන්සේ දෙවු ලොවට පැමිණීම සාදරයෙන් පිළිගැනීමට මෙන් බලා සිටින ආකාරයට කැටයම් කර ඇත.එමෙන්ම බුදුන්ගේ දෙපා අසල ආලෝකය ලබා දීමට මෙන් පහනක් නිර්මාණය කර ඇත. චෛත්‍යශාලාවල ද්වාරමණ්ඩප සහිත ඉදිරිපස කොටසටද රුකම්කරණයෙන් විචිත්‍ර වත් කර ඇත. 
                19 වන චෛත්‍යශාලාවේ ද්වාර මණ්ඩපයද අලංකාර අතින් උසස් නිර්මාණයකි.ද්වාරමණ්ඩපය  සමබරව තනා තිබෙන අතර රුකම්වලින් නිර්මාණය කර ඇත.මෙහි ඉදිරිපස වූ කැටයම් අතර හිටි බුදු පිළිම දෙකද දකුණු පස පර්වතයක වාඩි වී සිටින සේ කැටයම් අතර නාග යුවලක්ද වේ.එය නාග නාගනියන් ලෙස හදුන්වනු ලැබේ.ඒ යුවලට වම් පසින් චාමර සලන කාන්තාවකි.එහි නා රජු අර්ධ පර්යංක ආසනයක ඉගෙන සිටි නා රජුගේ හිස වටා නයි පෙන 7 කි.ඒ අසල නා රැජිනද ඉගෙනන සිටි ඇයගේ හිසෙහි එක් නයි පෙනයකි, වම අතේ නෙලුම් මලකි, රළු මතු පිටක මෙවැනි කැටයම් නිර්මාණය කිරීම අපහසු වුවද ශිල්පියාගේ විශිෂ්ට තාවය මනාව නිරුපනය වේ.පිහිටි ගලේ ඉදිරියට නෙරා සිටින සේ නෙලන ලදතවත් රූපයකි මෙය යක්ෂ රුපයක් වේ.ශරීරය තරබාරු බවත් මුහුණේ වූ රෞද්‍ර බවත් යුක්ත වේ.එමෙන්ම ඉදිරියේ වූ බිත්තියේ තීරුවලට බෙදා විවිධ ඉරියවුවලින් යුතු බුදු රුප නිර්මාණය කර ඇත.
             
   19 වන චෛත්‍යශාලාවේඉදිරිපස කොටස ද කැටයම් වලින් අලංකාර කර ඇත.මෙහි වූ විශාල රුප අතර අභය මුද්‍රාව සහිත හිටි බුදු පිළිම දෙකකි.අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාද නිර්මාණය කර ඇත එමෙන්ම බිත්තිය කුඩා පනේලවලට බෙදා විවිධ ඉරියවුවෙන් යුත් බුදු පිළිම නිර්මාණය කර තිබෙන්නේ භක්තියක් ඇති වන අකාරයටයි. අංක 1, 2, 4, 6, 11, 17, 20, 21, 27 යන ලෙන් විහාර වල ප්‍රතිමා ගෘහයෙහි නිර්මාණය කර ඇත්තේ ආසනාරුඩ් බුද්ධ ප්‍රතිමාවකි.මේවා ප්‍රමාණයෙන් විශාල වන අතර පද්මාසන ක්‍රමයෙන් වැඩ සිටි දෑතින් ධර්ම චක්‍ර මුද්‍රාව පිලිබිබු කරයි.උභයාංශ කොට පෙරවූ චිවරය ඇගට ඇලි ඇති අයුරින් යුක්තවේ.නිශ්චල උපශාන්ත පෙනුමෙන් මුහුණේ ගැබ් වී ඇත.ලැබ සවන් හා අක්බමරු ආකාර කෙස් හා උෂ්නිශය බුදුරුවේ අලංකාරය උසස් අන්දමින් නිර්මාණය කර ඇත.මෙහි ස්වරුපය තරමක් දුරට සාරානාත් හි ධර්ම චක්‍ර මුද්‍රා ව සහිත බුදු පිළිමයට සමාන වේ.
               
නමුත් පිළිමය මෙන් ඉතා සුක්ෂම මටසිලුටු නිමාවක් දක්නට නොලැබේ. හිස වටා කැටයම් විරහිත රුස් වළල්ලකි. එහි දෙපස සාධු කාර දෙමින් අහසෙහි සිටින රුප දෙකකි.ප්‍රතිමාවේ බද දෙපසින්  දෙවිවරු දෙදෙනකි ආසනයේ මැද පද්මයක් මත ධර්ම චක්‍රය තාබා ඇති අයුරු මුර්තිමත් කර ඇත.ධර්ම චක්‍ර දෙපස හිදගත් මුවන් දෙදෙනෙක්ද ආසනයේ දෙපසට විහිදෙන සේ සාධුකාර දෙමින් සිටින මානව රූපයන් ද වේ. මෙයින් බරණැස මිගදායේදී පස්වග තවුසන් ඇතුළු පිරිසකට දහම් දෙසු අවස්ථාව නිරුපනය කර ඇත.
              අංක 16, 22, 24 යන ලෙන් විහාරවල ප්‍රලම්භපාද ආසනයේ වැඩ හිදින බුදු පිළිමයක් ද 15 වන විහාරයේ සිංහාසනයක් මත වැඩ සිටින බුදු පිළිමයක් ද ප්‍රතිමා ගෘහයේ මුර්තිමත් කර ඇත.7 වන ලෙන් විහාරයේ ශාලාවේ දකුණු හා වම් පස බිත්තිවල නිරුපනය කර ඇත්තේ බුදුන් ශ්‍රාවස්ති පුරයේ සිට ප්‍රාතිහාර්ය පෑම දක්වන කැටයමකි.මෙම ලෙන් විහාරයේ සත්සතිය තුල බුදුන් ගෙවූ එක් සතියක් නිරුපනය කර දැක්වීමයි.එය හය වන සතියයි. එහි වූ තද වර්ෂාපතනයත් බුදුන් වහන්සේව තෙමෙන්නට නොදී ආරක්ෂා කලේ මුචලින්ද නම් නාග රාජයා විසිණි. මුචලින්ද නා දරණය තුල වැඩ සිටින බුදුන් වහන්සේ හිසට නයි පෙණය ආවරණය වන පරිදි මෙම කැටයම් නිර්මාණය කර ඇත.
         4 වන ලෙන් විහාරයට ඇතුළු වීමට තබා ඇති උළුවස්සේ දකුණු පස බිත්ති කුහරයේ පද්මපානි බෝසත් කැටයමක් දැකිය හැකිය. සිහින් සිරුරක් සහිතව අබා ඇති පද්මපානි පිලිරුවෙ මුහුණෙහි බුද්ධිමත් බවේ ලක්ෂණ පවා නිර්මාණකරුවා මනාව නිරුපනය කර තිබීම ඔහුගේ හැකිය මානව පිලිබිළු වේ. එමෙන්ම ඒ අසල කැටයම් කර ඇති රුද්‍ර වේසයෙන් පිටුපසින් පන්නගෙන එන අලියෙකුට බියෙන් පැනයන කාන්තාවක් සහ පිරිමියෙක් යන රුප දෙස විමසිල්ලෙන් බැලීමේදී ඔවුන්ගේ මුහුණු වල සදාතනික මරණයට ඇති බිය ඒ මගින් ඇති වන අසරණ කම පවා ඒ ශිල්පියා හසුකරගෙන ඇති අයුරු දක්නට ලැබේ.

             අජන්තාවේ අලංකාර කැටයම් අතර ඇති තවත් කැටයමක් වන්නේ භාරති හා පන්චිකා නිරුපනය කරන කැටයම.මෙම කැටයම දෙවන ලෙන් විහරයෙ ඉදිරියෙ නෙලන ලද්දකි.යුවළට මැදින් කාන්තා රූපයකි. ඇයගේ වමතෙහි කුරුල්ලෙකු හා දකුණතෙහි මලක් ඇත.යුවලට චාමර සලන කාන්තාවන් දෙදෙනෙකු චාමර අතැතිව දෙපසින් සිටගෙන සිටි. මෙහි පහල අලංකාර කැටයම් තීරුවකි දකුණු පස සිට වම් පස දක්වා දිවෙන මානව රුප කණ්ඩායම් පහල තීරුවේ නිරුපනය කර ඇත. පළමු රුපය මගින් අවවාද දෙන අකාරයක් හා පහර දීමට සුදානම් වන  අකාරයක් පෙන්නුම් කරන නිසා මෙය ගුරුවරයෙකු පෙන්වන රුපයක් විය හැකිය.ලිවීමක් හා අහුම්කන්දීමක් ආකාරයක් බොක්ෂින් වැනි ක්‍රීඩාවක යෙදෙන ආකාරයක් පෙන්වන අතර අවසාන වශයෙන් කණ්ඩායමක් රණ්ඩු වන බවක් හා ඇවිදිමින් සිටින අකාරයක් පෙන්වයි. සමාජයේ පවතින යතාර්ථය ඒ අකාරයෙන්ම නිර්මාණ කරණය සදහා යොදා ගැනීම ශිල්පියාගේ සුවිශේෂ ලක්ෂණයක් වේ. මේ අනුව සමාජ සිද්ධි ලෙන් තුල නිරුපනය කිරීම නිර්මාණකරණයේ එක් ලක්ෂණයකි.  

අජන්තා බිතුසිතුවම් හා සිගිරි බිසිතුවම් අතර සැසදීමක්


                ඉන්දියානු චිත්‍ර කලාව ලෝකයට මවිත කල නිර්මාණයකි.භාරතීය චිත්‍ර කලාව හැදැරීමේදී අතිශයින්ම වැදගත් වන්නේ ක්‍රි .ව 1 සියවස හා ක්‍රි .ව 7 වන සියවස දක්වාවූ කාලපරිච්චේදයට අයත් අජන්තාවේ බෞද්ධ චිත්‍ර සමුහයයි.විශ්ව කීර්තියට පත්ව ඇති මේ චිත්‍ර සම්ප්‍රදාය ධර්ම දුතයන් වන්දනාකරුවන්ගේ හා චිත්‍ර ශිල්පීන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකාව,චීනය බුරුමය,ටිබෙට් හා ඇෆ්ගනිස්ථානයආදී රටවල් වල විහිදී ගොස් ඒ රටවල්වල චිත්‍ර කලාව කෙරෙහි බලපෑබව විද්වතුන් පෙන්වාදෙයි.

             
   භාරතයේ භාග් චිත්‍ර හා ක්‍රි .ව 5 වන සියවසට අයිති සිගිරි චිත්‍ර අජන්තා චිත්‍ර වලට බොහෝසේ සමාන වේ.අජන්තාවේ අංක 16 17 දරන ලෙන් විහාරවල බිතුසිතුවම් සිගිරි සිතුවම් වලට සමකාලින වේ. ඒ තුල සමාන ලක්ෂණ ගැබ්බ ඇති බව පර්සි බ්‍රවුන් සදහන් කරයි. පර්වත අභ්‍යන්තරය හාරා නිර්මාණයකරන ලද ලෙන් තුල අජන්ත චිත්‍ර ඇද තිබේ. සිගිරි සිතුවම් පර්වතය බිත්තියක බදාම අතුරා නිම කර ඇත. සිගිරි ගල් බිත්තිය මත ආලේප කරන ලද බදාමේ ගනකම ½ ල පමණ වන අතර අජන්තා බාදහම විවිධ ප්‍රමාණයෙන් ගනකමින් යුක්ත්ත වේ. සිගිරි සිතුවම් අදිනු ලැබුවේ තෙත බදහම මත බව බොහෝ විචාරකයෝ පවසයි. එහෙත් ඇතැම් විද්වතුන් ඒ මතයට එකග නොවේ. එච්. සි. පි බෙල් ප්‍රකාශ කරන්නේ අජන්තාවේ මෙන්ම සිගිරියේත් චිත්‍ර ඇදීම සදහා වියළි බදහම මුල් කර ගත් බවය.නමුත් වර්තමානයේ පිළිගන්නේ අජන්තාවේ චිත්‍ර වියළි බදහම මත ටෙම්පරා ආදී බවත් සිගිරි සිතුවම් තෙත බදාම මත ප්‍රස්කෝ බුවනෝ මත ඇදී බවත්ය.
            අජන්තා චිත්‍ර ශිල්පින් සිතුවම් සදහා වස්තු විෂය කරගත්තේ බුදු සිරිත ජාතක කතා සහ එයිතිහාසික සිද්ධින්ය. ඔවුන් මෙවැනි බෞද්ධ චිත්‍ර වලින් බලාපොරොත්තු වන්නට ඇත්තේ අධ්‍යාත්මක ගුණ වගාවයි.බිත්ති පුරා විසිරි යන විශාල චිත්‍ර අජන්තාවේ දක්නට ලැබෙන අතර බොහෝ මානව රුප ජීව ප්‍රමාණයෙන් යුක්තය. එදා සමාජ තත්වය ඇදුම් පැළදුම් හා රජ සමයේ තොරතුරු අජන්තා චිත්‍ර වලින් පිලිබුලු වේ. 
               
    සිගිරි සිතුවම් එවනි කතා පුවතක් නිරුපනය නොවන බව ශේෂව තිබෙන චිත්‍ර වලින් පැහැදිලි වේ. මල්වට්ටියක් හෝ මල් අතින් ගත් කාන්තා රුප යුගල වශයෙන් හෝ තනිත තනිව ඇද තිබීම මෙහි ඇති විශේෂයි.එහෙත් චිත්‍ර රචනා මනහරය අජන්තා හා භාග් චිත්‍ර වල කාන්තා රුපය කතාවකට හෝ යම් කිසි සිධියකට ඇතුලත් කර තිබෙන අතර සීගිරියේ මෙන් වෙනම නිරුපනය නොවේ. කාන්තා රුපයක් ඇදීමේ දී අජන්තා ශිල්පියා මෙන් සිගිරි ශිල්පියාත් ඇයගේ රුප සෝභාවත් නාරි ලාලිත්‍යයත් නො අඩුව ම තෙලි තුඩට නැගුහ සිගිරි සිතුවම් ශිල්පියා ලලනාවන් ගේ පියයුරු, සිහිනිග විකසිත දෙනුවන් හා නාසය තෙලි තුඩට නගා ඇත්තේ කාව්‍යමය ආකාරයෙනි. 
       
                 අජන්තා හා සිගිරි යන නිර්මාන පොදු ලක්ෂණයක් නම් රේඛාකරණය හා වර්නාලේපනයයි. එසේම චිත්‍ර තලය සැකසීමද බොහෝදුරට සමාන වේ. අජන්තා චිත්‍ර ඇදීම සදහා ගල්තලය පිළියෙළ කිරීමේ දී රළු ගල මත මැටි ගොම හා දහයිය මිශ්‍රනයක් අලේප කරන ලදී .මේ මත සුදු හුණු බදාම හා රතු පාට ට හුරු ගුරු පැහැයෙනි. චිත්‍ර සදහා ගත් සායම් වලින් නිල්හැර අන් සියල්ලම ප්‍රාදේශීව ලබාගත් අමුද්‍රව්‍ය යන්ගෙන් පිළියෙළ කෙරිණි. සිගිරි සිතුවම් ඇදීම සදහා ගල් තලය පිළියෙළ කරන ලද්දේ මැටි කිරි මැටි දහයියා කොහු යනාදියෙන් සාදාගත් මිශ්‍රනයක් අලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා හැන්දකින් පිරිමැද රතු පැහැයෙන් ආකෘති මාත්‍රය සටහන් කොට වර්ණ යෙදීමෙන් චිත්‍රය සම්පුර්ණ කරන ලදී. අජන්තා චිත්‍රයනහි මෙන් සිගිරි සිතුවම් ඇදීමේදී කහ,රතු,කොළ ආදී වර්ණ හා ඒවායේ ප්‍රභේද භාවිතා කළහ. සිගිරි වර්ණ යොදා තිබෙන්නේද ත්‍රිමාණ ලක්ෂණ මතුවන ආකාරයෙනි. අජන්තාවේ ද එය මෙසේමය.රේඛාවද දෙකෙහි ප්‍රමාණවත්ය. හැගීම් දනවන සුළුය. රේඛාවේ ඇති ප්‍රකාශන ශක්තිය හා උසස් ගුණය මැනවින් පිලිබුළුවේ එහෙත් සිගිරි චිත්‍ර ශිල්පියාගේ රේඛාවේ විශේෂත්වයක් ඇත. එය තැනින් තැනට ගලා ආ නිදහස් එකකි.
                 
            සිගිරි ශිල්පියා අජන්තා ශිල්පියාට වඩා වැඩි නිදහසකින් සිතුවම් කර ඇත්තේ යක්ෂණික රේඛා ඇදීමේ දී නොපකිලිම ස්වාදිනත්වය සිගිරි සිතුවම් වලින් දක්නට ලැබේ. අත්වල මුද්‍රා යෙදීමේ ඔස භාරතීය චිත්‍ර වල මෙන් මුර්ති වලත් බහුලය. හස්ත මුද්‍රා සහිත චිත්‍ර යනු එක්තරා භාෂාවකි. එමෙන්ම ගැබුරු අර්ථ ප්‍රකාශනයකි. මේ අභිණය නිරුපනය අජන්තා චිත්‍ර වල මෙන් සිගිරි සිතුවම් වලත් දක්නට ලැබේ භාරතීය චිත්‍ර ශිල්පියා චිත්‍ර යට උචිත පසුතලය සකස් කර ගත්තේ වෘක්ෂලතා  මාලිගා හා සතුන් ආදියෙනි වඩා තද නැති මිශ්‍ර වර්ණයක් පසුතලයට යොදා රුප මතු කර දැක්වීම සිගිරි චිත්‍ර වල පැහැදිලිව පෙනේ. මානව රුප සදහා යොදන ලද ව්ච්ත්‍ර හිස් පැළදුම් ශ්‍රීවාභරණ හා කර්ණාභරණ අදිය චිත්‍රයන් දෙකෙහිම දක්නට ඇත. මේ අනුව බලන කල වස්තු විෂය වශයෙන් යොදා ගත් සමාන ලක්ෂණ අජන්තා චිත්‍ර වලත් සිගිරි සිතුවමි වලත් තිබෙන බව පෙනෙයි .සිගිරි සිතුවම් හා අජන්තා චිත්‍ර ශිල්ප ක්‍රම වර්ණ හැඩතල මුද්‍රා ආදිය සමාන වේ. මෙසේ සමාන වන්නට ඇත්තේ භාරත  දේශීය කලා ශිල්පින් යොදා ගත් නිසා බව කලා විශාරදයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා පෙන්වා දෙයි.
   

       

අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...