Sunday, September 17, 2017

අජන්තාවේ මුර්ති හා කැටයම් නිර්මාණ කලාව


              ඓතිහාසික චිත්‍ර කලාවේ වටිනා උරුමයක් ලෙස අජන්තා සිතුවම් හදුන්වා දිය හැකිය. හිනායානිකයන් විසින් ඉදිකරන ලද ලෙන් විහාර තුල කැටයම් නිර්මාණය කිරීම දැකිය නොහැකිය. ඒ අනුව අංක 8 9 10 12 13 හක් චෙතයශාලා හා සංඝාරාම වල හිනයානිකයන් විසින් කරන ලද කැටයම් දැකිය නොහැකිය. නමුත් ඉන්දියාවේ හීනයානය පිරිහීමත් සමග ඇති වූ මහායානික බලපෑම් අජන්තාව කරා එක විය. ඒ අනුව මහානයනිකයන් විසින් නිර්මාණය කරන ලද ලෙන් විහාර කැටයම් වලින් අලංකාරය කරන ලදී.හිනයානිකයන් විසින් නිර්මාණය කරන ලද අංක 9 චෛත්‍යශාලාවේ ඉදිරිපස කොටසේ අලංකාර කැටයම් නෙලා ඇත. එමෙන්ම ගුප්ත යුගයේ බලපෑමද අජන්තා චිත්‍ර කලාවට බලපෑවේය.අජන්තා චිත්‍ර වල ස්වර්ණතම යුගය හා කැටයම් කලාවේද උසස් අවදිය වන්නේ ගුප්ත යුගයයි.
     
      අජන්තා අංක 9 10 19 26 යන ලෙන් විහාර ඉදිවී ඇත්තේ චෛත්‍යශාලා වශයෙනි. මෙම ලෙන් විහාරයේ ශාලාවල ස්තුප නිර්මාණය කර තිබේ. අංක 9 10 චෛත්‍යශාලාවල ස්තුප කැටයමින් තොරව නිර්මාණය කර ඇති අතර මහානය නිකයන් අතින් ඉදි වූ අංක 19 26 ලෙන් විහාර වල ශාලාවේ වූ ස්තුප අලංකාර අන්දමින් කැටයම් කර ඇත. ස්තුප අතර අංක 19 ශාලාවේ වූ ස්තුපයේ මතුපිට කුහරයක් සාදා බුද්ධ රුපයක මුර්තියක් කර ඇත. එය හිටි බුදු පිළිමයකි.අංක 26 ශාලාවේ ස්තුපයෙහි නෙලා ඇත්තේ ප්‍රලම්භාපාද ආසනයෙන් වැඩ සිටින බුදු පිළිමයකි. මෙහි බුදුන්ගේ පා දෙපස මානව රුප දෙකකි. 
            අංක 19 ස්තුප පාදම හා ස්තුප ගර්භයවටා කැටයම් නිර්මාණයක් දක්නට ලැබේ. නමුත් අංක 26 රුපයේ පාදම සිරස් තීරුවලට බෙදා හිටි බුද්ධ රුප මුර්තිමත් කර ඇති අතර ස්තුප ගර්භයේ පියාබන යුවලක් දැකිය හැකිය. මේ ශාලාවල වූ කුළුණු හිස් ද රුකම්කරණයෙන් විසිතුරු වී ඇත පියස්ස හා සම්බන්ද වන අඩසද හැඩති කුළුණු හිස් වල කුඩා පනෙල් තනා ඒ තුල හිදී බුද්ධ රුප නිර්මාණය කර ඇති අතර බුදුරු දෙපස දේවතා රුප දැකිය හැකිය. එසේම ඇත හා ඇත් ගොවුවන්,පියාබන යුවල,තාපස රුව සංගීත භාණ්ඩ වාදනය කරන පිරිස් යන ආදී රූකම් නිර්මාණය කර ඇත කුළුණු හිස් හා පියස්ස අතර තීරුවද කොටස්වලට බෙදා විවිධ ඉරියවී වලින් යුත් බුදු පිළිම අලංකාර ලෙස නිර්මාණය කර ඇත.
         අංක 26 චෛත්‍ය ශාලාව ඇතුලත අලංකාරය පිණිස යොදාගෙන ඇත්තේ මුර්ති හා කැටයම්ය මෙහි ප්‍රදක්ෂිණා පථයේ බිත්තිවල දක්නට ඇති කැටයම් අතුරෙන් මාර පරාජය දක්වන කැටයම් මනහර අන්දමින් නිර්මාණය කර ඇත. බෝගසක් යට භුමි ස්පර්ශ මුද්‍රා වෙන් යුතුව බුදුන් වහන්සේ වැඩ සිටින්නේ කලා කෘතියේ මැදට වන්නටය තණ්හා,රති,රාගා යන මාර දුවරු තිදෙනා බුදුන්ගේ ධ්‍යානය බිද දැමීමට උත්සහ ගන්නා ආකාරයත් පෙන්නුම් කර තිබේ.බුදුන්ව පොළබවා ගැනීමට බැරි වූ තැන අධෛර්යට පත් වී සිටින මාර දුවරු තිදෙනා දකුණු පසින් නිර්මාණය කර ඇත.පළමු ලෙනෙහි වූ සිතුවම් අතුරින් ඉතාම වැදගත් කලා කෘතියක් ලෙස සිතුවම් කරන ලද මාර පරාජය දක්වන සිතුවම 26 වන ලෙන් විහාරයේ රුපසටහන් රැසක් අනුබද්ධයෙන් කැටයම් කර තිබේ.
         
  මහා පරිනිර්වාණය දක්වන කැටයම ද සුවිශේෂී කලා කෘතියකි බුදුන්වහන්සේ කුසිනාවේ පිරිනිවන් පාන ඉරියවු දක්වන අකාරයෙන් මෙය නිරුපනය කර ඇත. සල් ගස් දෙකක් අතර අතිවිශාල බුදු පිළිමයකි දකුණත නවා ඒ මත හිස තබා සිටින ඉරියවු සියුම්ව පෙන්වා ඇත.මේ අන්දමට බුදුන්ගේ පරිනිර්වාණය නිසා වැලපෙන දෙවිවරු දිව්‍යහංගනාවන් උන්වහන්සේ දෙවු ලොවට පැමිණීම සාදරයෙන් පිළිගැනීමට මෙන් බලා සිටින ආකාරයට කැටයම් කර ඇත.එමෙන්ම බුදුන්ගේ දෙපා අසල ආලෝකය ලබා දීමට මෙන් පහනක් නිර්මාණය කර ඇත. චෛත්‍යශාලාවල ද්වාරමණ්ඩප සහිත ඉදිරිපස කොටසටද රුකම්කරණයෙන් විචිත්‍ර වත් කර ඇත. 
                19 වන චෛත්‍යශාලාවේ ද්වාර මණ්ඩපයද අලංකාර අතින් උසස් නිර්මාණයකි.ද්වාරමණ්ඩපය  සමබරව තනා තිබෙන අතර රුකම්වලින් නිර්මාණය කර ඇත.මෙහි ඉදිරිපස වූ කැටයම් අතර හිටි බුදු පිළිම දෙකද දකුණු පස පර්වතයක වාඩි වී සිටින සේ කැටයම් අතර නාග යුවලක්ද වේ.එය නාග නාගනියන් ලෙස හදුන්වනු ලැබේ.ඒ යුවලට වම් පසින් චාමර සලන කාන්තාවකි.එහි නා රජු අර්ධ පර්යංක ආසනයක ඉගෙන සිටි නා රජුගේ හිස වටා නයි පෙන 7 කි.ඒ අසල නා රැජිනද ඉගෙනන සිටි ඇයගේ හිසෙහි එක් නයි පෙනයකි, වම අතේ නෙලුම් මලකි, රළු මතු පිටක මෙවැනි කැටයම් නිර්මාණය කිරීම අපහසු වුවද ශිල්පියාගේ විශිෂ්ට තාවය මනාව නිරුපනය වේ.පිහිටි ගලේ ඉදිරියට නෙරා සිටින සේ නෙලන ලදතවත් රූපයකි මෙය යක්ෂ රුපයක් වේ.ශරීරය තරබාරු බවත් මුහුණේ වූ රෞද්‍ර බවත් යුක්ත වේ.එමෙන්ම ඉදිරියේ වූ බිත්තියේ තීරුවලට බෙදා විවිධ ඉරියවුවලින් යුතු බුදු රුප නිර්මාණය කර ඇත.
             
   19 වන චෛත්‍යශාලාවේඉදිරිපස කොටස ද කැටයම් වලින් අලංකාර කර ඇත.මෙහි වූ විශාල රුප අතර අභය මුද්‍රාව සහිත හිටි බුදු පිළිම දෙකකි.අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාද නිර්මාණය කර ඇත එමෙන්ම බිත්තිය කුඩා පනේලවලට බෙදා විවිධ ඉරියවුවෙන් යුත් බුදු පිළිම නිර්මාණය කර තිබෙන්නේ භක්තියක් ඇති වන අකාරයටයි. අංක 1, 2, 4, 6, 11, 17, 20, 21, 27 යන ලෙන් විහාර වල ප්‍රතිමා ගෘහයෙහි නිර්මාණය කර ඇත්තේ ආසනාරුඩ් බුද්ධ ප්‍රතිමාවකි.මේවා ප්‍රමාණයෙන් විශාල වන අතර පද්මාසන ක්‍රමයෙන් වැඩ සිටි දෑතින් ධර්ම චක්‍ර මුද්‍රාව පිලිබිබු කරයි.උභයාංශ කොට පෙරවූ චිවරය ඇගට ඇලි ඇති අයුරින් යුක්තවේ.නිශ්චල උපශාන්ත පෙනුමෙන් මුහුණේ ගැබ් වී ඇත.ලැබ සවන් හා අක්බමරු ආකාර කෙස් හා උෂ්නිශය බුදුරුවේ අලංකාරය උසස් අන්දමින් නිර්මාණය කර ඇත.මෙහි ස්වරුපය තරමක් දුරට සාරානාත් හි ධර්ම චක්‍ර මුද්‍රා ව සහිත බුදු පිළිමයට සමාන වේ.
               
නමුත් පිළිමය මෙන් ඉතා සුක්ෂම මටසිලුටු නිමාවක් දක්නට නොලැබේ. හිස වටා කැටයම් විරහිත රුස් වළල්ලකි. එහි දෙපස සාධු කාර දෙමින් අහසෙහි සිටින රුප දෙකකි.ප්‍රතිමාවේ බද දෙපසින්  දෙවිවරු දෙදෙනකි ආසනයේ මැද පද්මයක් මත ධර්ම චක්‍රය තාබා ඇති අයුරු මුර්තිමත් කර ඇත.ධර්ම චක්‍ර දෙපස හිදගත් මුවන් දෙදෙනෙක්ද ආසනයේ දෙපසට විහිදෙන සේ සාධුකාර දෙමින් සිටින මානව රූපයන් ද වේ. මෙයින් බරණැස මිගදායේදී පස්වග තවුසන් ඇතුළු පිරිසකට දහම් දෙසු අවස්ථාව නිරුපනය කර ඇත.
              අංක 16, 22, 24 යන ලෙන් විහාරවල ප්‍රලම්භපාද ආසනයේ වැඩ හිදින බුදු පිළිමයක් ද 15 වන විහාරයේ සිංහාසනයක් මත වැඩ සිටින බුදු පිළිමයක් ද ප්‍රතිමා ගෘහයේ මුර්තිමත් කර ඇත.7 වන ලෙන් විහාරයේ ශාලාවේ දකුණු හා වම් පස බිත්තිවල නිරුපනය කර ඇත්තේ බුදුන් ශ්‍රාවස්ති පුරයේ සිට ප්‍රාතිහාර්ය පෑම දක්වන කැටයමකි.මෙම ලෙන් විහාරයේ සත්සතිය තුල බුදුන් ගෙවූ එක් සතියක් නිරුපනය කර දැක්වීමයි.එය හය වන සතියයි. එහි වූ තද වර්ෂාපතනයත් බුදුන් වහන්සේව තෙමෙන්නට නොදී ආරක්ෂා කලේ මුචලින්ද නම් නාග රාජයා විසිණි. මුචලින්ද නා දරණය තුල වැඩ සිටින බුදුන් වහන්සේ හිසට නයි පෙණය ආවරණය වන පරිදි මෙම කැටයම් නිර්මාණය කර ඇත.
         4 වන ලෙන් විහාරයට ඇතුළු වීමට තබා ඇති උළුවස්සේ දකුණු පස බිත්ති කුහරයේ පද්මපානි බෝසත් කැටයමක් දැකිය හැකිය. සිහින් සිරුරක් සහිතව අබා ඇති පද්මපානි පිලිරුවෙ මුහුණෙහි බුද්ධිමත් බවේ ලක්ෂණ පවා නිර්මාණකරුවා මනාව නිරුපනය කර තිබීම ඔහුගේ හැකිය මානව පිලිබිළු වේ. එමෙන්ම ඒ අසල කැටයම් කර ඇති රුද්‍ර වේසයෙන් පිටුපසින් පන්නගෙන එන අලියෙකුට බියෙන් පැනයන කාන්තාවක් සහ පිරිමියෙක් යන රුප දෙස විමසිල්ලෙන් බැලීමේදී ඔවුන්ගේ මුහුණු වල සදාතනික මරණයට ඇති බිය ඒ මගින් ඇති වන අසරණ කම පවා ඒ ශිල්පියා හසුකරගෙන ඇති අයුරු දක්නට ලැබේ.

             අජන්තාවේ අලංකාර කැටයම් අතර ඇති තවත් කැටයමක් වන්නේ භාරති හා පන්චිකා නිරුපනය කරන කැටයම.මෙම කැටයම දෙවන ලෙන් විහරයෙ ඉදිරියෙ නෙලන ලද්දකි.යුවළට මැදින් කාන්තා රූපයකි. ඇයගේ වමතෙහි කුරුල්ලෙකු හා දකුණතෙහි මලක් ඇත.යුවලට චාමර සලන කාන්තාවන් දෙදෙනෙකු චාමර අතැතිව දෙපසින් සිටගෙන සිටි. මෙහි පහල අලංකාර කැටයම් තීරුවකි දකුණු පස සිට වම් පස දක්වා දිවෙන මානව රුප කණ්ඩායම් පහල තීරුවේ නිරුපනය කර ඇත. පළමු රුපය මගින් අවවාද දෙන අකාරයක් හා පහර දීමට සුදානම් වන  අකාරයක් පෙන්නුම් කරන නිසා මෙය ගුරුවරයෙකු පෙන්වන රුපයක් විය හැකිය.ලිවීමක් හා අහුම්කන්දීමක් ආකාරයක් බොක්ෂින් වැනි ක්‍රීඩාවක යෙදෙන ආකාරයක් පෙන්වන අතර අවසාන වශයෙන් කණ්ඩායමක් රණ්ඩු වන බවක් හා ඇවිදිමින් සිටින අකාරයක් පෙන්වයි. සමාජයේ පවතින යතාර්ථය ඒ අකාරයෙන්ම නිර්මාණ කරණය සදහා යොදා ගැනීම ශිල්පියාගේ සුවිශේෂ ලක්ෂණයක් වේ. මේ අනුව සමාජ සිද්ධි ලෙන් තුල නිරුපනය කිරීම නිර්මාණකරණයේ එක් ලක්ෂණයකි.  

අජන්තා බිතුසිතුවම් හා සිගිරි බිසිතුවම් අතර සැසදීමක්


                ඉන්දියානු චිත්‍ර කලාව ලෝකයට මවිත කල නිර්මාණයකි.භාරතීය චිත්‍ර කලාව හැදැරීමේදී අතිශයින්ම වැදගත් වන්නේ ක්‍රි .ව 1 සියවස හා ක්‍රි .ව 7 වන සියවස දක්වාවූ කාලපරිච්චේදයට අයත් අජන්තාවේ බෞද්ධ චිත්‍ර සමුහයයි.විශ්ව කීර්තියට පත්ව ඇති මේ චිත්‍ර සම්ප්‍රදාය ධර්ම දුතයන් වන්දනාකරුවන්ගේ හා චිත්‍ර ශිල්පීන්ගේ මාර්ගයෙන් ශ්‍රී ලංකාව,චීනය බුරුමය,ටිබෙට් හා ඇෆ්ගනිස්ථානයආදී රටවල් වල විහිදී ගොස් ඒ රටවල්වල චිත්‍ර කලාව කෙරෙහි බලපෑබව විද්වතුන් පෙන්වාදෙයි.

             
   භාරතයේ භාග් චිත්‍ර හා ක්‍රි .ව 5 වන සියවසට අයිති සිගිරි චිත්‍ර අජන්තා චිත්‍ර වලට බොහෝසේ සමාන වේ.අජන්තාවේ අංක 16 17 දරන ලෙන් විහාරවල බිතුසිතුවම් සිගිරි සිතුවම් වලට සමකාලින වේ. ඒ තුල සමාන ලක්ෂණ ගැබ්බ ඇති බව පර්සි බ්‍රවුන් සදහන් කරයි. පර්වත අභ්‍යන්තරය හාරා නිර්මාණයකරන ලද ලෙන් තුල අජන්ත චිත්‍ර ඇද තිබේ. සිගිරි සිතුවම් පර්වතය බිත්තියක බදාම අතුරා නිම කර ඇත. සිගිරි ගල් බිත්තිය මත ආලේප කරන ලද බදාමේ ගනකම ½ ල පමණ වන අතර අජන්තා බාදහම විවිධ ප්‍රමාණයෙන් ගනකමින් යුක්ත්ත වේ. සිගිරි සිතුවම් අදිනු ලැබුවේ තෙත බදහම මත බව බොහෝ විචාරකයෝ පවසයි. එහෙත් ඇතැම් විද්වතුන් ඒ මතයට එකග නොවේ. එච්. සි. පි බෙල් ප්‍රකාශ කරන්නේ අජන්තාවේ මෙන්ම සිගිරියේත් චිත්‍ර ඇදීම සදහා වියළි බදහම මුල් කර ගත් බවය.නමුත් වර්තමානයේ පිළිගන්නේ අජන්තාවේ චිත්‍ර වියළි බදහම මත ටෙම්පරා ආදී බවත් සිගිරි සිතුවම් තෙත බදාම මත ප්‍රස්කෝ බුවනෝ මත ඇදී බවත්ය.
            අජන්තා චිත්‍ර ශිල්පින් සිතුවම් සදහා වස්තු විෂය කරගත්තේ බුදු සිරිත ජාතක කතා සහ එයිතිහාසික සිද්ධින්ය. ඔවුන් මෙවැනි බෞද්ධ චිත්‍ර වලින් බලාපොරොත්තු වන්නට ඇත්තේ අධ්‍යාත්මක ගුණ වගාවයි.බිත්ති පුරා විසිරි යන විශාල චිත්‍ර අජන්තාවේ දක්නට ලැබෙන අතර බොහෝ මානව රුප ජීව ප්‍රමාණයෙන් යුක්තය. එදා සමාජ තත්වය ඇදුම් පැළදුම් හා රජ සමයේ තොරතුරු අජන්තා චිත්‍ර වලින් පිලිබුලු වේ. 
               
    සිගිරි සිතුවම් එවනි කතා පුවතක් නිරුපනය නොවන බව ශේෂව තිබෙන චිත්‍ර වලින් පැහැදිලි වේ. මල්වට්ටියක් හෝ මල් අතින් ගත් කාන්තා රුප යුගල වශයෙන් හෝ තනිත තනිව ඇද තිබීම මෙහි ඇති විශේෂයි.එහෙත් චිත්‍ර රචනා මනහරය අජන්තා හා භාග් චිත්‍ර වල කාන්තා රුපය කතාවකට හෝ යම් කිසි සිධියකට ඇතුලත් කර තිබෙන අතර සීගිරියේ මෙන් වෙනම නිරුපනය නොවේ. කාන්තා රුපයක් ඇදීමේ දී අජන්තා ශිල්පියා මෙන් සිගිරි ශිල්පියාත් ඇයගේ රුප සෝභාවත් නාරි ලාලිත්‍යයත් නො අඩුව ම තෙලි තුඩට නැගුහ සිගිරි සිතුවම් ශිල්පියා ලලනාවන් ගේ පියයුරු, සිහිනිග විකසිත දෙනුවන් හා නාසය තෙලි තුඩට නගා ඇත්තේ කාව්‍යමය ආකාරයෙනි. 
       
                 අජන්තා හා සිගිරි යන නිර්මාන පොදු ලක්ෂණයක් නම් රේඛාකරණය හා වර්නාලේපනයයි. එසේම චිත්‍ර තලය සැකසීමද බොහෝදුරට සමාන වේ. අජන්තා චිත්‍ර ඇදීම සදහා ගල්තලය පිළියෙළ කිරීමේ දී රළු ගල මත මැටි ගොම හා දහයිය මිශ්‍රනයක් අලේප කරන ලදී .මේ මත සුදු හුණු බදාම හා රතු පාට ට හුරු ගුරු පැහැයෙනි. චිත්‍ර සදහා ගත් සායම් වලින් නිල්හැර අන් සියල්ලම ප්‍රාදේශීව ලබාගත් අමුද්‍රව්‍ය යන්ගෙන් පිළියෙළ කෙරිණි. සිගිරි සිතුවම් ඇදීම සදහා ගල් තලය පිළියෙළ කරන ලද්දේ මැටි කිරි මැටි දහයියා කොහු යනාදියෙන් සාදාගත් මිශ්‍රනයක් අලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා හැන්දකින් පිරිමැද රතු පැහැයෙන් ආකෘති මාත්‍රය සටහන් කොට වර්ණ යෙදීමෙන් චිත්‍රය සම්පුර්ණ කරන ලදී. අජන්තා චිත්‍රයනහි මෙන් සිගිරි සිතුවම් ඇදීමේදී කහ,රතු,කොළ ආදී වර්ණ හා ඒවායේ ප්‍රභේද භාවිතා කළහ. සිගිරි වර්ණ යොදා තිබෙන්නේද ත්‍රිමාණ ලක්ෂණ මතුවන ආකාරයෙනි. අජන්තාවේ ද එය මෙසේමය.රේඛාවද දෙකෙහි ප්‍රමාණවත්ය. හැගීම් දනවන සුළුය. රේඛාවේ ඇති ප්‍රකාශන ශක්තිය හා උසස් ගුණය මැනවින් පිලිබුළුවේ එහෙත් සිගිරි චිත්‍ර ශිල්පියාගේ රේඛාවේ විශේෂත්වයක් ඇත. එය තැනින් තැනට ගලා ආ නිදහස් එකකි.
                 
            සිගිරි ශිල්පියා අජන්තා ශිල්පියාට වඩා වැඩි නිදහසකින් සිතුවම් කර ඇත්තේ යක්ෂණික රේඛා ඇදීමේ දී නොපකිලිම ස්වාදිනත්වය සිගිරි සිතුවම් වලින් දක්නට ලැබේ. අත්වල මුද්‍රා යෙදීමේ ඔස භාරතීය චිත්‍ර වල මෙන් මුර්ති වලත් බහුලය. හස්ත මුද්‍රා සහිත චිත්‍ර යනු එක්තරා භාෂාවකි. එමෙන්ම ගැබුරු අර්ථ ප්‍රකාශනයකි. මේ අභිණය නිරුපනය අජන්තා චිත්‍ර වල මෙන් සිගිරි සිතුවම් වලත් දක්නට ලැබේ භාරතීය චිත්‍ර ශිල්පියා චිත්‍ර යට උචිත පසුතලය සකස් කර ගත්තේ වෘක්ෂලතා  මාලිගා හා සතුන් ආදියෙනි වඩා තද නැති මිශ්‍ර වර්ණයක් පසුතලයට යොදා රුප මතු කර දැක්වීම සිගිරි චිත්‍ර වල පැහැදිලිව පෙනේ. මානව රුප සදහා යොදන ලද ව්ච්ත්‍ර හිස් පැළදුම් ශ්‍රීවාභරණ හා කර්ණාභරණ අදිය චිත්‍රයන් දෙකෙහිම දක්නට ඇත. මේ අනුව බලන කල වස්තු විෂය වශයෙන් යොදා ගත් සමාන ලක්ෂණ අජන්තා චිත්‍ර වලත් සිගිරි සිතුවමි වලත් තිබෙන බව පෙනෙයි .සිගිරි සිතුවම් හා අජන්තා චිත්‍ර ශිල්ප ක්‍රම වර්ණ හැඩතල මුද්‍රා ආදිය සමාන වේ. මෙසේ සමාන වන්නට ඇත්තේ භාරත  දේශීය කලා ශිල්පින් යොදා ගත් නිසා බව කලා විශාරදයෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා පෙන්වා දෙයි.
   

       

Monday, July 31, 2017

නිධානය සිනමා පටය පිළිබද විචාරයක්

                         නිධානය සිනමා කෘතිය හා එයට පාදක වන කෙටි කතාව හා සසදා බලන විට ඇති වන්නේ පුදුමයකි. එම කතාව පාදක කරගෙන කරන ලද මෙම සිනමා නිර්මාණය හා එම කෙටි කතාව අතර ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය හා අවිශිෂ්ටත්වය අතර වෙනසයි. එම සරල කතාව විශිෂ්ට සිනමා කෘතියක් බවට පත් වි ඇති සැටි වටහා ගැනිෙමි දි අපගේ සිත වහාම ඇදි යන්නේ එම කතාව සිනමාකරුවා විසින් සංදර්භගත කරන ආකාරය වෙතයි. එක් තනි පුද්ගලයෙකු වටා ගෙතුණු සරල කතාවක් එවැනි විශිෂ්ටත්වයක් ඇති කරගන්නා ලෙස අන්තර් සංඥාර්ථෙවිදිමය පරිවර්තනයකට ලක් වන්නේ කෙසේද? අන්තර් සංඥාර්ථෙවිද පරිවර්තනය යනු එක් සංඥා ක‍්‍රමයකින් රචිත පඨිතයන් වෙනත් සංඥා ක‍්‍රමයකින් රචිත පඨිතයක් බවට පෙරලිමට බව රෝමන් යාකොබිසන් කිවිවේය. කෙටිකතාව වාග් සංඥාවෙන් රචිත පඨිතයකි. සිනමාවේදින් කෙරෙන්නේ එය ශ‍්‍රව්‍ය දෘශ්‍ය සංඥාවෙන් කෙරුණු පඨිතයක් බවට පත් කිරිමයි.
                           කෙටි කතාවේ ප‍්‍රථම පුරුෂ කථකයා තමා ගැන කියන්නේ තමන් ණය ගැත්තෙකු වුවද අසු දහසක වත්කමක් ඇත්තෙකු බව පමණි. මෙම ඉතා කුඩා කරුණු දෙක දෘශ්‍ය මාධ්‍යට පරිවර්තන
ය වන්නේ ඉතා සවිත්තරව පමණක් නොව සමස්ත සිනමා කෘතියම අලූත් ආකාරයකට සංදර්භ ගත කරන ලෙසය. මෙය ඇරඹෙන්නේ නාමාවලියේ සිටමය. සිනමා කෘතියේ අධ්‍යක්ෂකගේ නම වැටෙන තැනම  වැටෙන්නේ කතා නායකයාගේ නිවසේ රූපසටහනකි. එය සිනමා ජායාරූපයක් නොවේ. රේඛා චිත‍්‍රයකි. ඒ නිසා එය වාග් සංඥාව හෙවත් කෙටිකතාව පරිවර්තනය වෙමින් පවතින අවස්ථාව බවයි. ඉන් අන්තුරුව අප ආඛ්‍යයාන අවකාශයට වෙත එන විට දකින්නට ලැබෙන්නේ කතා නායකයාගේ චායාවකි. කතා නායකයා නොහොත් නඵවා දකින්නට ලැබෙන්නේ ඉන් අනතුරුවයි. ඹහු අප මුලින්ම දකින විට ඹහු සිටින්නේ ඹහුගේ කතාව ලියමිනි. මෙය අපුරු සිනමාත්මක උපක‍්‍රමයකි. ඹහු වචනයෙන් ලියන කතාව ඒ මොහොතේම සිනමාකරුවා රූපයෙන් ලියයි. ඹහු තම කතාව ලියා තබා  සිය දිවි නසා ගන්නා බව කියා අවසන් වන විට කැමරාව නිවසින් ඉවතට විත් ඹහු සිටින නිවස අපට ඈත සිට දකින්නට ඉඩ සලස්වයි. තමා පැරණි දෙයට ආසා කරන බව කථකයා කියද්දි අපට දකින්නට ලැබෙන්නේ පැරණි නිවසකි. 
                      සිනමා පටය මුලින්ම නිර්මාණය වු 1972 වසරේ දැකිය හැකි පොදු ගෘහනිර්මාණ ලක්ෂණ වලින් මිණුවද පැරණි බව අගවන නිවසකි. කැමරාව හා නිවස අතරට එන දැවැන්ත ගසද ඒ පෞරාණිකත්වය තව දුරටත් තීව‍්‍රර කරයි. පැරණි බව නිසා සේම නිවස අවටද දවාලේද අන්ධකාර බව පවසන කතකයා ඒ නිවස තුල හා අවට ගුප්ත බවක් ඇතිකරයි නැවතත් නිවස ඇතුළට යන කැමරාව එහි ඇතුලත වන පාලූවද? පැරණි බවද ජනශුන්‍ය බවද අගවයි. කලෙක සාද කතාවෙන් යුතු ප‍්‍රභුවරුන් ස්ත‍්‍රින් දරා සිටින්නට ඇතැයි සිතිය හැකි සෙටි දැන් හිස්ය. අහුමුඵවල සිටි මළ ගිය සතුන් පුඵන් පුරවන ලද සතුන් මේ මගින් ගුප්ත බවක් ගෙන දෙයි. එසේම පුඵන් පුරවන ලද සතුන් මගින් පෞරාණිකත්වය පිළිබදව ඹහුගේ ඇල්මද සංකේතවත් කෙරේ. 
                      කථකයා කියන්නේ හොදටම ණය වි මිය ගිය තාත්තාගෙන් තමන්ට උරුම වු නිවස විකුණා ණය පියවීමට ඹහුට හිත හදා ගත නොහැකිය වුයේ මන්දැයි සිතා ගත නොහැකි බවයි. ඉන් පසුව වැදගත් තොරතුර ඉදිරිපත් කරයි. එනමි මේ ගෙයි නඩත්තුවත් තමන්ගේ පවුලේ නමිබුවත් සරිලන සේ ජිවත් විමට අවශ්‍ය මුදල් සෙවිමට ඹහු රජයේ කොන්ත‍්‍රාත් කරන බවයි. ඹහු එසේ කියන විට ඹහුගේ කාමරයේ පොත් අතර තබා ඇති පාලමක රූපයක් අපට දකින්නට ලැෙබින්නේ ඉන් අනතුරුව. කථකයාද කැමරාවට ඹහුගේ ළමා කාලයට යයි.එහිද ඹහු කතන්දරයක් අසමින් නින්දට වැටෙනු අපි දකිමු. මේ කතන්දරයේ ඇත්තේ ඉපැරණි ලෝකයක් ගැනය. ඹහු යළිත් තරුණ වියට එන විට පුස්කොළ පොතක් එනමි තවත් ඉපැරණි දෙයක් ගැන ඹහු අපට පළමු වරට කියයි. පැරණි නිවසක ජිවත් වන පැරණි බවට ආසා කරන ඹහු පැරණි කතන්දර අසමින් හැදුණු වැඩුණු ඹහු සිය උපදේශකයෙකු ලෙස තබා ගන්නේ පැරණි ජ්‍යෝතිෂ ඇදුරෙකිනි. 
               එහෙත් මෙම රූපාවලිය හසුවන ඹහුගේ ඇදුම, පැළදුම, පොත් පත් ආදියෙන් පෙන්වන්නේ යටත් බටහිර අධ්‍යාපනයේ ඵලයක් වන මිනිසෙකි. එහෙත් ඹහු ඒ ලෝක දෙකෙන් එකකවත් කිසිවකට සමිපුර්ණයෙන් අයිතියක් නැති බවද අපට පෙනෙයි. සිනමා කෘතියේ ඉතිරිය කොටස දිගහැරෙන්නේ මේ බිදුණු විඥාණය සහිත මිසාගේ ජිවිතයේ ඉතිරි කොටස අප හමුෙවි තැබිමටයි. මේ බිදුණු විඥාණය ඉතා සියුමි ලෙස එකිනෙක වෙලි පවතින බවද විටෙක ළංව, විටෙක ඈත් වන, විටෙක සුව වන, විටෙක යළි තුවාලවන වන පැල්ම සහිත මෙම විඥාණය ඇග ඵීමට සංගිතයද අපුරුවට යොදා ගෙන ඇත. සංගිතය මගින්ද නිර්මාණය කරන්නේත් වයලීනයත් බෙර හඩක් දෙකම මුසු වු විඥාණයකි. එය වීලි අෙබිනායකගේ විඥාණයේ අඩවි දෙකක් ශ‍්‍රව්‍ය සංඥා මාලාවක් බවට පත් කර ගන්ට සමත් වේ.  කෙටිකතාකරුවා විසින් සපයනු නොලබන මේ තොරතුරු සියල්ල සිනමාකරුවා විසින් ගොඩ නගන සංඥාර්වේදි පඨිතයට ඇතුල් වෙයි. මේ සංඥාර්වේදි පඨිතය ඉතා සරල කෙටිකතාවක් නිශ්චිත ඵෙතිහාසිකව ව්‍යුහයක් තුල ස්ථාන ගත කරන ලද ආඛ්‍යානයක් ගොඩ නැගිම සදහා යොදා ගනි. මෙම ව්‍යුහය අන් කිසිවක් නොව මෙරට යටත් විජිත වාදයේ ඉහළ අවස්ථාවයි.
           ඵෙතිහාසික වශයෙන් සිනමා කෘතියේ එන අධ්‍යක්ෂවරයා කැමරාව ඉදිරිපිට තබා සියල්ල ස්ථාන ගත කළ යුතු වන්නේ එක්කෝ 19 වැනි සියවසේ ඉතාම කෙලවරටය නැතිනමි 20 වන සිය වසේ ඉතාම මුලටය වු කලි වෙත දැකිය හැකි සංඥා ඇසුරෙන් මා බසින නිගමනයකි. තමාට මෝටර් රථයත් ඇති බව කෙටිකතාවේ කථකයා කියතත් සිනමා කෘතියේ දකින්නට ලැබෙන්නේ අශ්ව කරත්තයයි. එහෙත්  ගංගා දෙපස යා කර පාලම් හැදෙමින් තිබෙන නිසා යටත් මහා මාර්ග පද්ධති ඉදිවෙමින් තිබෙන අවස්ථාව අපට පෙනෙයි. ඉතා ව්‍යුක්ත සර්ව කාලින කතාවක් ලෙස කෙටි කතා කරුවා ඉදිරිපත් කරන කතාවක් ලංකා ඉතිහාසයේ යටත් විජිත සංදර්භය තුල පිහිටි විම මෙම කතාෙවි අර්ථමය විභව තාව ඉදිරිපත් කිරිම සිනමාකරුවා කරන වැදගත්ම කාර්යයි. යටත් විජිතවාදියා නිර්යුරෝපිය ලෝකයට එන්නේ ඒ ලෝකයට නුතනත්වයද ශිෂ්ටාචාරයද ගෙන විත් ඒ ලෝකය ඓතිහාසික සංවර්ධන ගමන් පථයේ ඉදිරියට තල්ලූ කිරිමටය. ලෝකය ශිෂ්ටාචාරකරණය පිළිබද වගකිම යුරෝපිය සුදු මිනිසාට පැවරි ඇතිබව යටත් විජිතවාදියා විශ්වාස කළේය. ඒ නිසා ඔහු සැලකුයේ නිර්යුරෝපිය ලෝකය ශිෂ්ටාචාරය වෙත රුගෙන යාම ඉරණමින්ම තමන්ට පැවරි ඇති බවයි.  යටත් විජිත වාදියා යුරෝපයේ සිට ශිෂ්ඨාචාර කරන ව්‍යාපෘතිය පිළිබද දෘෂ්ටි වාදය රුගෙන යුරෝපිය අගනගර වලින් පිටවන විට ඒ නගර සාෂේක්ෂ ඉහළ ධනේෂ්වර කර්මාන්ත ආර්ථිකයට එළබ තිබිණ. 
               නිධානය සිනමා පටයේ සංඥාර්ථෙවිදි පඨිතය තුලින් පෙනෙන හැටියට විලි අෙබිනායක මුඵමනින්ම පාහේ හැදි වැඩි තිබෙන්නේ යටත් විජිත ශිෂ්ඨාචාරකරණ ව්‍යාපෘතිය තුලය. ඹහුගේ සුදු යුරෝපිය ඇදුම විසින් ශික්ෂිත ගමන බිමන්හැසිරිමි, ආචාර සමාචාර සමහර තීරණාත්මක දර්ශන වල දි රූප රාමුෙවි හරි මැදට එන මැනවින් මදින ලද සපත්තුව, අපට අගවන්නේ යටත් විජිත නුතනත්වයේ දාශ්‍යමානය ඉතා පහසුවෙන්ද හුරුබුහුටි ලෙසද සිය ස්වදේශික ශරිරය මත දරා සිටින මිනිසෙකි. සමහර විට සිංහල සිනමාව තුළ බටහිර ඇදුම වඩාම ශෝබන ලෙස දරා සිටි නඵවා විය හැකි ගාමිණි ෆොන්සේකා විලි අබේනායකගේ මේ බාහිර පෙනුම අප හමුවේ මවන්නේ ඔහුගේ එනම් අබේනායකගේ යටත් විජිත පසුබිම මැනවින් ඒත්තු යන පරිදිය. දැවැන්ත වලව්වක් වැනි ඹහුගේ නිවස යටත්විජිත වලවිවක් හෙවත් එකකි. මෙම නිවසද සිනමා පටයේ එන අප‍්‍රාණික නඵවෙකි වැනිය. විලිගේ පියා, මිය ගිය මවගේ ජායාරුපය ආදිය මගින් මැවෙන්නේ යටත් විජිත නුතනත්වයේ පළමුවෙනි පරමිපරාෙවි විදේශිකයන්ය. නිවස,ඇදුම,පැළදුම,ගෙදරදොර පිළිබද නුතන සංඥා මාලාවකට පසු අපට දකින්නට ලැබෙන්නේ පුස්කොළ පොතකි. ඒ පුස් කොළ පොතද නිධන් වදුලකි. යක්ෂයන් බහිරවයන් පිළිබද අඩවියක් සිහි කරන පුස්කොළ පොතකි.
                ත‍්‍ර‍්‍රිපිටකය හෝ බුදු දහම හෝ සම්භාාව්‍ය සාහිත්‍ය අගවන පුස්කොළ පොතක් නොවේ. සිය පැරණි නිවස සිය විඥානයෙන් ඉවත් කර නිදහස් විය නොහැකි යැයි අෙබිනායකගේ කථනය ඹස්සේ කිමද ඹහුගේ සුපිරිසිදු හා ශෝභාසමිපන්න නුතන බටහිර ඇදුමද අතර අප මේ දක්වා දුටු නොගැලපිම උචිචස්ථානයකට එන්නේ මේ නිධන් වදුළ එළියට පැමිණිමත්ය. ඹහුගේ නිරන්තර උපදේශකයෙකු ලෙසු ජ්‍යොයාතිෂඥයෙකු මතු වි ඒමත් නිසාය විද්‍යාත්මක තර්කනය මිනිස් තර්ක බුද්ධිය ලෞකික ජිවිතය සහිත නුතනත්වය ගෙනවිත් නිර්යුරෝපිය ලෝකයේ ශිෂ්ටාචාර කරණය කරන්නේයැයි කියන යටත් විජිත වාදය මෙතන දි අසමත් වි ඇත.බාහිර පෙනුමෙන් ඒ ශිෂ්ටාචාරකරණයම සංඥාගත කරණ විලි අෙබිනායක තුලම හමුවන මේ දෙබිඩි බවෙන් පෙනෙයි. මේ මතුපිට හා ඇතුල අතර පරතරය යටත් විජිතකරණයේ ඵලයක් බව අපට දනි. ඔහුගේ කායික චර්යාවේදි විලි අබේනායක ඉතා නුතනය දැඩි සේ බටහිරකරණය වුවෙකි.
                      නිකෙටි සහ බෙල්ලේ ලප හතරක් ඇති තරුණියක් ඹහු බිල්ලට යොදා ගත හැකි නියම තරුණිය සොයමින් ස්ත‍්‍රින් සමග උයන්වල සැරිසරන්නේ ලන්ඩන් නගරයේ ස්ත‍්‍රි දඩයෙමි යෙදෙන කැසනෝවා කෙනෙකු ලෙසය. චිත‍්‍රපටයේ මණරමි දර්ශනයක් කාල්පනික ආලිංගන නැටුෙමි දි සිය ශරිරය හසුරුවන ශික්ෂිත ශෝභාව මගින් ඇග වන්නේ එවන් නැටුමි සිය ශරිරය වෙත ඉතා මැනවින් උරාගත් නියම යටත් විජිත මධ්‍යම ප‍්‍රාන්තිකයෙකි. එහෙත් ඒ බාහිර සංඥා මාලාවට යටින් ඇත්තේ ඉතා පුර්ව නුතන විඥාණයක ශේෂයන්ය මිත්‍යා දෘෂ්ටිය විද්‍යාත්මක දෘෂ්ටියෙන් විතැන් කරන්නට එන යටත් විජිත නුතනත්වය. ඉතාම ආකර්ෂණිය යටත් විජිත වැසියෙකු වන විලි අෙබිනායක තුලම අසාර්ථක වි තිබිම පෙන්වන ඉතා සිනමාත්මක අවස්ථා කිහිපයක්ම මෙහි දකින්නට පුඵවන. මේ සිනමා කෘතියේ අවසානයේ බිලි පුජාව තෙක්ම අබේනායකගේ නිරුවත් උඩුකයවත් අපට දකින්ට නොලැෙබි. ඹහුගේ රාත‍්‍රි ඇදුම පවා නිසිපිළිවෙලට ඇදි පිජාමාවකි. එහෙත් ඹහු උපන් ලප 3 ඇති කන්‍යාවක් සොයමින් කල් අරින කල දකින නපුරු සිහිනයකින් අවදි වන අවස්ථාෙවි ඹහුගේ පජාමාව විවර වි පපුෙවි ඇති රෝම කුප දකින්ට ලැෙබි. මෙය ශිෂ්ටාචාරයේ දවටනයෙන් වැසි ඇති අශිෂ්ටාරවත් බව හා තිරිසන් බව ඇගවිමක් වැන්න. ඔහු ඒ සිහිනය දැක  දැක දගලන විටත් පිටුපස බිත්තියේ ඇති ඔහුගේ මවගේ ජායාරූපය ඔහු හා අප දෙස බලා සිටියි. ඔහු ඒ සිහිනයෙන් අවදි වි ඇදෙහි හිද ගනියි. එවිට මවගේ රූප හා ඔහුගේ රුව එකිනෙක ගෑවෙන නොගෑවෙන තරම් ළංවෙයි. 
                  පෞරාණිකත්වය නුතනත්වය ඔහුගේ විඥානය තුළ ස්ථරගත වි ඇති බවත් බාහිර නුතනත්වය විසින් යටපත් කර තබන ලද විඥානයක් ලෙස ඇතැම් පුර්ව නුතන ලක්ෂණ ඔහු තුළ අඩංගු වන බවත් පෙනේ. යටපත් කිරිම හා එය යළි මතුපිටට ඒම මනෝ විශ්ලේෂණිය විචාරකයන්ගේ තේමාවක් නිසා මම එය මෙහිදි මගහැර යමි එහෙත් පුර්ව නුතන හා නුතන වශයෙන් මෙවැනි විඥානමය අංගය එකක් යට එක් වශයෙන් තිරස් මානයක පෙළ ගැස්විම සිදු වන්නේ යටත් විජිත සංදර්භයකදි යන ප‍්‍රශ්නය ඇසිය යුතුය. මිත්‍යා දෘෂ්ටිමය අදහස් හා නුතන අදහස් ධුරාවලි සම්බන්ධයකද හෙලන්නේ යටත් විජිත තත්ත්වයද? ඒ්වා තිරස් මානයක විඥානගත වන්නට බැරිද? මා නමි හිතන්නේ එසේ විය හැකි බවයි. පුර්ව නුතන ලක්ෂණ යැයි හදුන්වන මිත්‍යා දෘෂ්ටිමය දේ සමිපුර්ණයෙන් ම නැතිව ගිය පුර්ණ තාර්තිකත්වයක් ඇති මිනිස් සමාජ ඇතැයිද? ඇතිවිය හැකිද විශ්වාස නොකරන මා සිතන්නේ සාමාන්‍යයෙන් මිත්‍යා යැයිද විද්‍යාත්මක යැයිද හැදින්වෙන යථාර්ථයන් වර්ග දෙකම එකිනෙක ගැටුමකට නොයන ලෙස රදාවා ගත හැකි තරමි සුබ නමිය විඥාණයක් මිනිසාට ඇති බවයයි.
                යටත් විජිතවාදියා මිත්‍යා යැයි පුර්ව නුතන යැයිද කියන ලක්ෂණවලට එරෙහිව යටත් විජිත වැසියා තුළ විලි අෙබිනායක වැනි බිදුණු ආත්මීයත්වයක් නැත්තමි ඉරි තැලූණු විඥාණය ඇතිවන්නේය. වෛද්‍යවරයා අයිරින්ට කියන්නේ චෛතිසික සමිබන්ධ රෝගයක් විලිට කුඩා කල සිටම පැවැති බවයි ඹහුගේ මව කුඩා කාලයේ මිය යාම නිසා ඇතිවු හිඩැස ගැන ද අසන්නට ලැෙබි සංකේතමය වශයෙන් ගත් කළ ඹහු බිලි දෙන්නට තැත් කරන කන්‍යාව අහිමි වි ගිය මව පිළිබදව ආශාව ඝාතනය කරන්නට ඹහු දරණ උත්සාහයකි. එය පැරණි දෙය පිළිබද ඹහුගේ ආශාව ද දේශජ සංස්කෘතියෙන් තමා ලද සියලූ දේ නුතනයේ දඩයමි පිහියෙන් ඇන ඝාතනය කරන්නට දරන තැත්කිරිමකි. ඝාතනය සිදු කරන්නේද බටහිර භාවිතා වෙන දඩයමි පිහියක් හෙවත් හන්ටිං නයිෆ් එකකින් විමද සුවිශේෂ වේ. 
                        විලි අෙබිනායක රජයේ කොන්ත‍්‍රාත් කිරිමෙන් මුදල් උපයන බව අපට දැන ගන්නට ලැෙබි. ෙමි රජය යනු යටත් විජිත රාජ්‍යය බව ඉතා හොදින් පෙන්නුමි කෙරේ. ඹහු නුතනත්වයේ කොන්ත‍්‍රාක් කරමින් මුදල් උපයන්නේ ප‍්‍රධාන වශයෙන් පැරණි ගේ නඩත්තුවටය. රජයට අලූත් පාලමක් සාදන්නේ තමන්ගේ වාසයට අලූත් ගෙයක් සාදා ගැනිමට කල්පනා නොකරයි. පාලම සැදිමට මුල්ගල තබන අවස්ථාෙවි දි දෙවියන්ගේ පිහිට පැතිමද සදහා  මල් පහන් පුජා කරද්දි මේවා මහපොළව හා සමිබන්ධ දේවල් යැයි කිමෙන් විලි අෙබිනායකගේ පොළොෙවි ගතිය අවධාරණය කිරිමට සිනමාකරුවා තැත් කරයි.එය නුතනත්වය නොව ප‍්‍රාථමිකත්වය අගවන දෙයකි. බාහිර පෙනුමෙන් මුඵමනින්ම බටහිරකරණය වු ඹහුගේ මෙම කියමන ඹහු ඹහුගේ මිත‍්‍ර මුඩිලියර්වරයාද ඉක්මවන පුර්ව නුතනයේ විඥාණයක් සහිත කෙනෙකු බව අගවයි. මුඩියර්වරයා කියන්නේ පිරිතක් කිම මිට වඩා හොද බවයි. විලිගේ මේ විඥාණය ව්‍යාජ විඥාණයක් බව පෙන්වමින් පාලමේ ඉදිකිරිම නවතියි සමහර විට ඔහුගේ ඒ විඥානයට අවශ්‍ය වි ඇත්තේ පාලම ඉදි නොවිමම විය හැකිය.යටත් විජිත ආණ්ඩුව හෙවත් යටත් විජිත ක‍්‍රමය පවතින්නේ දෙවියන්ගේ කැමැත්ත නොව තාර්කික පාලන නිති ක‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රියාත්මක කරන්නටය. උඹේ විකාර දෙය්යන්ට පුදපුජා තිබ්බ මිසක් පාලමේ වැඩ කිසිවක් කෙරි නැතැයි ඒජන්තවරයා කියයි. යටත් විජිත ශිෂ්ටාරකාරකයා වන ඒජන්තවරයා හා අර්ධ ශිෂ්ටාචාරවත් විලි අබේනායක අතර ගැටුමේ දි විලි කියන්නේ මගේ දෙවියන් මේකට ගාවගන්නට එපා යනුවෙනි. මේ වු කලි ඉතා තිරණාත්මක කියුමකි. නිදන් වදුළ පිළිබද විශ්වාසය රුදිපවතින්නේ ෙමි ආරක්ෂිත කලාපය තුලය.      
                     
           එහෙත් යටත් විජිතවාදියාගේ නුතනත්වයේ කතිකාවට හසු නොවු එසේම විලි වැනි ඉරි තැලූණු විඥාණය නැති ස්වදේශික පවිත‍්‍රත්වය හා අහිංසකත්වය අගවන චරිතයකි. ඇවිදින විට, ගෙල හරවන විට මදසිනා නගන විට අයිරින් අගවන මේ දේශිය පවිත‍්‍රත්වය හා අහිංසකත්වය විලිගේ කුරිරු සැලැස්මට හසුෙවි. නිධාන හෙවත් ටෙ‍්‍රෂර් සෙවිම යටත් විජිිතකරණය ආරම්භ වු යුගය පිළිබද සංකේතයකි. යටත් විජිත නුතනත්වයේ නියම අනුකාරකයාට දේශිය සංස්කෘතියෙන් ලැබෙන අගතීන්ද එක් වු කළ සෑදෙන්නේ විකෘත ඝාතකයෙකිිිි. මෙය ෆැන්සිස් ෆෝඞ්, කොපාලා ජොස්ෆ්, කොන්රඞ්ගේ හාට්, ඔෆ් ඩාක්නස් කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ ඇපොකලිප්ස් නමි සිනමා කෘතියේ තේමාවට බෙහෙවින් සමාන වන්නකි. දෙවියන්ට පුජා තියා පාලම විවෘත කරන දාම එතනදිම හමු වන නියම නිධානය හා  දෛවයේ ළද අයිරින්ය දෙවියන් දුන් ඒ නිධානය බහිරවයන් වෙනුවෙන් බිලිදීම යටත් විජිත විකෘතියක්ද?
                          යටත් විජිතවාදියා මෙසේ වෙනස අධිඅවධාරණය කරමින් නුතනත්වය ගෙන ඒමට තැත් කිරිමෙන් ඇතැම් ස්වදේශික පුද්ගල මනස් වල ඇතිවිය හැකි අභ්‍යන්තරික පුපුරායාම විලි අබේනායක චරිතය ඔස්සේ පෙන්වන්නට සිනමාකරුවා සමත් ෙවි.මේ නිසා බාහිර වශයෙන් නියම ශිෂ්ටාචාරගත මිනිසා තුළ දැකිය හැක්කේ ඉතා අශිෂ්ටාචාරවත් මිනිසෙකි අයිරින් කෙරෙහි ඇති වන ආදරයටවත් වැලැක්කිය නොහැකි අශිෂ්ටාරවත් බවකි. ඒ දේශියත්වයේ අගතීන් පිළිබද විශ්වාසය එනම් නිධාන හා බහිරවයන් පිළිබද විශ්වාසය අතීතයෙන් එන උරුමයක් පිළිබද විශ්වාසය නිසා විලි අබේනායක විසින් ඝාතනය කෙරෙන්නේ වර්තමානයේ ඇති පිවිතුරුම නිධානයයි. විලිගේ අනාගතය වෙත යහපත් මාවත අයිරින් ඔස්සේ දැනටමත් විවෘත වි තිබෙද්දීත් ඔහු තැත් කරන්නේ.විලි මුලින්ම අයිරින් දැකිම ඇයව විවාහ කරගෙන නිවසට පැමිණිම අගවන්නේ අශ්වයා සමග තිරික්කළේ පැමිණිමෙන්ය.මෙහිදි දිගු කාලක් ගත විම සිනමා කරුවා සුඵ නිෙමිෂයෙකින් නිරුපණය කරනු ලැෙබි.මෙය සිනමා ආකෘතියේ සුවිශේෂ අවස්ථාවකි.         
         
              විලි නිධානයට සෘජු බිල්ලක් සොයනවා වෙනුවට අවිඥානික මතක මාත‍්‍රයේ ස්ත‍්‍රියක් සොයමින් සිටි.විලිගේ මිය ගිය අමිමා පිළිබද රූපකය ඹහු තුළ විටින් විට හොල්මන් කරන දර්ශන කිහිපයක් සිනමා පටය තුල නිරූපණය කරයි.කුඩා කල නිදියහනේදි ආයමිම විසින් ඹහුගේ හිස පිරිමදිමින් කතන්දරයක් කියනා දර්ශනයක් ද තිෙබි.දැවී යන කෘතිම ස්ත‍්‍ර රූපයක් දැක සිහිනයෙන් ඇහැරෙන විලි බියපත්ව යහනේ ඉද සිටින දර්ශයේදි ඹහු පසුබිමින් දර්ශනය වන්නේ සාමිප‍්‍රදායික කුලින සිංහල ඇදුමෙන් සැරසි සිටින මවගේ සිතුවමකි.විශේෂයෙන් අයිරින් විවාහ වි නිවසට පැමිණෙන දිනයේ මෙම චිත‍්‍රය ඇගේ අවධානයට යොමු ෙවි.ඇය හා විලිගේ මවගේ ඇදුමි එක සමාන ෙවි.බොහෝ විට අයිරින් තුලින් විලි සිය මවගේ රුව දකි.විවාහයෙන් පසු දිනයේදි ඇයගේ ගෙල මාලය විලි විසින් බෙල්ලේ වට ප‍්‍රමාණය මැන ගනි.එම අවස්ථාෙවිදි ඹහුගේ මුහුනේ ඉරියවි දර්ශනය කිරිමට කැමරාකරු ඹහුගේ මුහුණට සමිප කරයි. මුහුණ කඵ පැහැ ගැනිමත් දහඩිය පිටවිමත් ඔහු නිධානය කෙරෙහි ඇති ආශාව,අයිරින් ඝාතය පිළිබද දර්ශනය කරයි.අයිරින් මොණරාගේ කුඩුව අසල සිටිනි විට විලි මෙසේ පවසයි.
     " බලාගෙන අත දාන්න එපා ලස්සන සතා වුනාට හරිම නපුරුයි.අවුරුදු දෙකක් ඌත් එක්ක එකට හිටිය ගැහැණු සතා කිසි කාරණාවක් නැතුව මරල දැමිම.බැලූබැල්මට කොයි තරමි අලංකාර සතෙක්ද ෙමි වගේ කුරිරු සතෙක් කියල හිතා ගන්න බෑ.මොණරගේ ලස්සන තියෙන්නේ ඌගේ ලස්සන පිහාටුවල නොවෙයි.ඌගේ මුසල කට හෙඩි.ඒ නාදයෙන් නයින්ගේ බිත්තරත් පුපුරනනවලූ.”
       විලි විස්තර කරන්නේ මොණරාගේ ස්භාවය පිළිබදව වුවද විලිගේ සිතුවිලි හා ඹහුගේ චර්යාවන් පිළිබදව ඹහු විසින්ම පාපොචිචාරණයකි.ඹහුගේ සිතුවිලි වල ඇති දරදඩු බව ඹහු පවසයි.අයිරින් හා උදැසන ආහාරය ගන්නා අවස්ථාෙවි විලි බටර් ගැමට ඇති පිහිය මුවහත් කිරිම කෑම කන අවස්ථාෙවි හොරහින් අයිරින් දෙස බැලිම ඹහු නිධානය වෙනුවෙන් ඇයව මැරිම ඉක්මන් කල යුතුයි යන අදහස සිතේ දැඩි වශයෙන් තැන්පත් ෙවි.මොණරාගේ මුල්ම කෑගැසිම අයිරින් සිත තුල බිය උපවදයි.ඇගේ සියුමි මුහුණ ඉරිතැලි මෙන් හැකිලියයි. 
                    ඇයව විවාහ කරගෙන නිවසට පැමිණ තෙදිනකට පසු විලි අෙබිනායක නිවසින් පිට වි යන්නේ අයිරින්ගේ ඇවිටිලිද නොසලකමිනි.මෙහිදි සිනමාකරුවා විලිගේ පිට වි යාම හා නැවත නිවසට පැමිණිම එක් රූප රාමුවකින් ජේදනය කර ඉදිරිපත් කරයි.සිනමා ආඛයානය තුළ කාලය ගත විම නිරූපණය කිරිම ෙමි මගින් සිදුෙවි.ඒ මොහොතේ සිට අදුරු සුවිසල් ගුප්ත වලවිව වට පිටාව ගුඩ පැවැතුමි ඇති මෙහෙකරුවා සමග තනිව සාමාන්‍ය පවුලක කාන්තාවක් නිරුපණය වේ.ඇය නිවසේ මෙහෙකරුවා විසින් මරණ ලද කුකුළේකු දැකිමත්,ඇය බියපත්වු අවස්ථාෙවි දි රාජ අලියෙකුගේ රූපයකට බිය විමත්,මොණරාගේ දෙවන වර කෑ ගැසිමත් මොණර තටිට විසිකිරිමත් ඇයගේ සිතතුල බියක් උපදයි.එක් අවස්ථාවක දි මා සිතන්නේ අයිරින් සිය මරණය කරා ගමන්කරන බවයි.එමෙන්ම විලි පමණක් නොව ගාරා වැටුණු වලවිෙවි උපකරණ, මෙහෙකරුවන් වට පිටාවද ගුඪ බවකින් යුක්ත වේ. වලවිෙවි ගුප්ත බව හා පාලූව දාරා ගැනිමට නොහැකි අයිරින් විලි අෙබිනායක පැමිණිමට පෙර සිය මව කරා යාමට තිරණය කරයි.එහෙත් විලි නිවසට පැමිණි පසු ඇය නොමැති බව දැනගෙන ඇයගේ නිවසට ගොස් නැවත කැදවාගෙන එයි.
               විලි නැවත අයිරිනි කැදවාගෙන ඒමට යන අවස්ථාෙවි ඇයගේ මවගේ ඇදුම වු චිත්තය හා හැටිටය,ඇයගේ යටහත් පහත් බවද,නිවස ඉදිරිපිට පිදුරු ගොඩ බිත්තියට හේත්තු කර තිබෙන දර්ශනය මගින් සිනමාකරු අපට පවසන්නේ කෘෂිකර්මයෙන් ජිවත් වෙන පිරිසක් බවත් ධනපතියන්ගේ සේවකයන් ලෙස කටයුතු කරන බවත්ය.  අයිරින් සිය මවට පවසන්නේ තමන් තවමත් නිවසින් පිට වි ගිය අයුරින් නොඉදුල්ව සිටින බවයි.දෙවන වර අයිරින් නිවසට පැමිණි පසු පොළඹවා ගැනිෙමි හැසිරිමක් දැක්වුවද ගුප්ත හැසිරිමි පළකරමින් එය විලි ප‍්‍රතික්ෂේප කරයි.තම හැසිරිමි සාධාරණ ලෙස පෙන්විමට විලි හේතුව වශයෙන් ඉදිරිපත් කරන්නේ විවාහයට කලින් භාරයක් වු බවත් ඒ භාරය දෙන තුරු අඹු සැමියන් ලෙස එක්විය නොහැකි බවයි.මේ ඇගවුම මගින් විලි අරමුණු දෙකක් ඉටු කර ගනි.නිධානය ගැනිමට රුගෙන ආ බිල්ල මනාව සුරක්ෂිත කිරිමත් ඒ සදහා අයිරින් රවටා බිලි දෙන ස්ථානයට රුගෙන යාමත්ය.අයිරින් භාරය ඹප්පු කිරිමට යනුවෙන් කිහිප වතාවක් ඇවිටිලි කරයි.භාරය ඹප්පු කරන අවස්ථාෙවි තමාට භාරයක් විමට ඇතිබව අයිරින් පවසයි.මේ මගින් ඇගවෙන්නේ දරු සමිපතක් පිළිබදව ගැහැණියක් තුළ පවතින සිතුවිල්ලය.
            යටත් විජිතවාදියෙකු වශයෙන් සිටියද විලි පැරණි ජ්‍යෝතෂ්‍ය ඇදුරන් විශ්වාස කරනු ලබයි.අයිරින් නිවස ගෙන ආ පසු ඇය බිල්ලට දි නිධානය ලබා ගැනිම ඹහුගේ ඒකායන අරමුණ වේ.තේලිස් ගුරුන්නාසෙන්ගෙන් පළාපඵ නොයිවසා දුර බැහැරට නොයයි.ඹහුගේ පලාඵල ඉරහද වගේ විශ්වාසයි යනුවෙන් ඹහු අදහස් ඉදිරිපත් කරන්නේ ගමනක් යැමටද ඹහු සුභ අසුබ පිළිබද දැඩිවශයෙන් විශ්වාස කරන්නෙකු ලෙසය.ගුරුන්නාසේගේ අදහස අනුව ධාරණිපාත වර්ෂාව ඇදහැලිමත් නිසා විලි සිතන්නේ ජ්‍යෝතිෂය ඉතාම හාස්‍ය ජනක දෙයක් බවය.විලි නිවසට යන තුරු අශ්වයාගේ ගමන් ෙවිගය මන්දගාමි වේ ඌ විලි නිවසට ගෙන ආ පසු නිවස ඉදිරිපිට සිටගෙන හිස සැලිම එක්තරා ආකාරයකට සිය ස්වාමියාට ආචාර කිරිමක් වශයෙනි.නැවත ආපසු හැරි ඹහු ගමන් කරන්නේ සිය රාජකාරිය නිම වුවක් ලෙසය.මෙහි දි සත්වයාගේ චර්යාවද ගොඩනගා ඇත්තේ සිනමාකරු විලිට පවතින සමාජ තත්වය ගෙන ඒමටය.සිනමාකරුට කථානායකයාගේ රුව පමණක් ගෙන ඒමට අවස්ථාව තිබුණද එම දර්ශනයද විලිගේ චරිතය කියවිමක් ලෙස මා දකි.
                        විලි රෝගි වු පසු ඹහුට ඇති අසනිපය වෛද්‍යවරයා පේ‍්‍රක්ෂකයා හමුෙවි නොතබයි.පෙර දිනක අසනිපය ගැන සිහිපත් කරන වෛද්‍යවරයා සිනමාව තුල දර්ශනය වන්නේ මි මැස්මෝරය සැදුණු පුද්ගලයෙකුගේ ඉරියවිය.ජුවානිස් ලවා හැන්දක් ගෙනවිත් තැබිම මගින් අපට එය වටහා ගත හැකිය.එක්තරා අවස්ථාවක අයිරින් යනු විලිගේ රෝග ලක්ෂණයයි.විලිගේ අසනිප තත්ත්වය තීව‍්‍රර වු විට ප‍්‍රතිකාරයට පැමිණෙන පවුලේ වෛද්‍යවරයා විලීව සුවපත් කිරිම සදහා අයිරින්ගේ හෙදකම කෙරෙහි විශ්වාසය  පළකරන්නේ මෙසේය.
          " මේක වෙද නලාවට අහුවෙන ලෙෙඩි මට සනිප කරන්න පුඵවන්.නමුත් විලීගේ අසනිපය ෙමිකට අහුවෙන්නේ නැති පැත්තක් තියෙනවා.අන්න එතැනදී විලීට පිහිට වෙන්න පුඵවන් මිසිස් අෙබිනායකට විතරයි.”
              එසේම අයිරින්ගේ ආදරණිය ප‍්‍රතිකාරයෙන් සුව අතට හැරෙන විලී සිය ආත්මකථනයේදි අයිරින්ගේ ස්පර්ශනිය රුකවරණය සිහිපත් කරන්නේ මෙසේය.
           " එවන් ප‍්‍රීති ප‍්‍රමෝදයක් ඉන් පෙර හෝ පසුව හෝ කිසිදාක මා ස්පර්ෂ කර නැත.හැම දෙයක්ම නිවී සැනහි ගිහින්.හැම දුක් දොමිනසකින්ම නිරාවරණය වු ජිවීතයේ එකම සමිපතක් වගේ මට දැනී ගියා.බාලකාලයේ සිහින් සිනිදු ඇතිරිලි මත හොවා සුමුදු ඇගිලි තුඩු මා හිස කෙස් මත දැවටෙද්දි කෙමෙන් ගතත් සිතත් අඩ නින්දක් ගිලෙන විට මෙවන් සුවයක් දැනුනා මට මතකයි.” 
         
                     විලිගේ අසනිපයත් සමග අයිරින් කෙරෙහි ආදරයක් උපන් විලී ඇය සමග ප‍්‍රිතියෙන් වෙලි සිටි.දෙදෙනා ඉතාම කුඵපගු ලෙස හැසිරිමෙන් අඹුසැමියන් ලෙස සිටි බවට නිගමනයකට එළඹිය හැකිය.උයන් වල සැරි සරයි.යෞවන පෙමිවතුන් ලෙස කාලය ගත කරයි.ඹවුන් මුලින්ම දැකිමි පිළිබදව පිළිසදරේ යෙදෙයි.ඒ මොහොතේ අයිරින් පිළිබදව විලිගේ අදහස ගුරුන්නාන්සේ ඇයගේ නිවසට ගෙන එන යෝජනාෙවිද අවසානයේ ගුරුන්නාන්සේ මෙසේ පවසයි. රටක් රාජ්‍යයක් හමිබුනා වගේ තමා කොටින්ම කිවොත් නිධානයක් පහළ වුවා වැනිය යනුවෙන් ඹහු ප‍්‍රකාශ කරයි.යටි පෙල අරුත ලෙස මා දකින්නේ නිධානය ලබා ගැනිමට විලිට අවශ්‍ය වු ප‍්‍රධාන ප‍්‍රාණය අයිරින් විමයි.විලිගේ අසනිප තත්වය ගැන පැවසුවද වෛද්‍යවරයාද විලිට අයිරින් සිය අඹුව කර ගැනිමට සුදුසු නොවන බව කිසිම අවස්ථාවක හෙළි නොකරයි.මේ මගින් නිධානයට බිලි දිමට ගෙන ආ බිල්ල කන්‍යාවක් ලෙසම විලී රුක්කාද යන්න එක්තරා අවස්ථාවක ගැටලූවකි.එකිනෙකා දැත්වලින් ස්පර්ශ කිරිම,සෞම්‍යය වු අදහස් හුවමාරුව පරිසරය අදුරු බවින් මිදි සුදු පැහැය ගැනිම මගින්ද විලිගේ සිතතුල පවතින සැහැල්ලූ බව නිරූපණය වේ.   
විලිගේ සිතුවිලි වල අදුරු ස්භාවය පෙන්විම සිදුවන්නේ ඒජන්තවරයා ඉතිරිණය පියවිය යුතු යනුවෙන් කිව අවස්ථාෙවි සිට ඹහුද අයිරින්ද දර්ශනය කරන්නේ දැඩි අදුරක් යොදා ගනු ලැෙබි.රාත‍්‍රි නොනිද කල්පනා කරන විලි සොයා අයිරින් පැමිණි විට ඇය ඹහුගේ සිතේ අරක් ගත් ගැටලූව විසදිමට නමි බාරය දෙන ලෙස ඇවිටිලි කරයි. මං සැරයක් කිව නේද නිදාගන්න කියල යනව යන්න මෙතැනින් යනුවෙන් යක්ෂයෙකු ආරුඪ වුවා සේ විලි හැසිරෙයි.ඹහුට එසේ සිය යටපත් වු සිතුවිල්ල නැවත මෙනෙහි කිරිම මගින් ඹහු ආත්ම කථනයේ දි පවසනුයේ අලූයට ඇවිලෙන ගිනි පුපුරු මෙන් තම සිතුවිලි දෝලනය වන බවයි.ෙමි අවස්ථාෙවිදි දැඩි අදුරක් යොදා ගනු ලැෙබි.අයිරින් විලි යන චරිත දෙක පමණක් දර්ශනය ෙවි.එසේ සිනමාකරු වර්ණ යොදා ගන්නේ විලිගේ ගුඪ සිතුවිලි වල ඇති දැඩිබව පෙන්විමටය.සිය මිතුරා තව ඇත්තේ සති දෙකක් පමණි යනුවෙන් කියන අවස්ථාෙවිදි රාත‍්‍රියේ කාමරයේ දෙපසට ඇවිදින ඹහුගේ මුහුණේ ඉරියවි වල ස්භාව දැඩි ගුඪ බවකින් යුක්තය,ඹහුගේ මුහුණේ පවතින කඵ පැහැය,තෙල් පැහැති ස්භාවය ඹහුගේ සිතේ පවතින සිතුවිලිවල ස්භාවය කියා පාන්නකි.අයිරින් නිවසේ සිටින අන්තිම රුයේදි ජනේලය තුළින් පිරිපුන් සද දැකිම ඒ මොහොතේ අයිරින්ගේ මුහුණ දෙස බැලිම සංකේතාත්මක ස්වරූපයකි.එමෙන්ම විලිගේ ඇදුෙමි ඇති මකරරුවද එක්තරා ආකාරයක සංකේතයකි.
         
                        සිනමාකරු බොහෝ විට විලිගේ චරිතය කැමරාවට හසු කරනුයේ පහළ සිටය.විලිගේ සිතුවිලිවල පවතින ගුප්ත බව නිරුපණය කිරිමට එය සිනමාකරුගේ සුවිශේෂි උපක‍්‍රමයකි.  චිත‍්‍රපටයේ තීරණාත්මක අවස්ථාව වන්නේ අයිරින් කෙරෙහි බැදුණු පේ‍්‍රමයෙන් ඇයව බිලි දිෙමි අදහස අතහැර දමන විලි පසුව බ‍්‍රිතාන්‍ය ඒජන්ත වරයාට ගෙවිමට ඇති ණය මුදල වෙනුවෙන් සිය තිරණය වෙනස් වේ.තෙමසක් තුළ ණය මුදල පියවිමට ඒජන්තවරයා කරන නියෝගයත් විලීගේ ඥාති සගයා ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන විලීගේ වළවිව විකුණා දැමිමට කරන යෝජනාව ඹහු නැවත අයිරින් ඝාතනයටපෙළඹෙයි.මෙතෙක් දෙදෙනා අතර පැවති ආදරය විසිරි යයි.නැවත නිධානය හා බිලිදිම තෝරාගන්නා නිෙමිෂයේ දි යක්ෂයාගේ භුමිකාව බවට පත්ෙවි.අයිරින් සමග පුජාව දෙන අවස්ථාෙවි ඹහුගේ ක‍්‍රියාව,ඹහු තමා තුල පවතින රෝගි ලක්ෂණ නිරුපණය කරයි.මීමැස් මෝරය නැමති රෝගය ඹහුට ඇති බව මා සිතිමට පෙළඹෙයි.ඹහුගේ ඇස් භයන්කාරයෙන් කැමරාකරු දර්ශන තලයට ගෙන එනු ලබයි.ඇයව මැරිමට සිත තුල ඇති ශක්තිමත් බව ඹහු කිනිස්ස දැඩි ලෙස අල්ලා සිටින අයුරින් දිස්ෙවි.ඹහුගේ ආශාව ඉටුකර ගැනිෙමි අවසන් පියවර තබන්නෙකු ලෙස ක‍්‍රියාකරයි.පුජාවත් සමග ආරුඩ වු අයෙකු ලෙස ඹහු සිය බිරිද කුරිරු ලෙස ඝාතය කරයි.ඇය ඝාතනය කර ඹහු නිධන් වදුලේ දොරටුව ලගට දිව ගියද එය විවෘර්ත නොවිය.ඹහු සිය වැයමෙන් දොර විවෘර්ත කිරිමට උත්සාහ ගනි.ඹහුගේ ශ්වසන ෙවිගය හදවතේ ෙවිගවත් බව කියා පැමට සිනමාකරුවා එම ශබිදය යොදාගෙන ඇත.


            ඔහුගේ පසු තැවුණු සිතින් යුතුව අයිරින් වැළද ගන්නා ලදි.එහෙත් සියල්ල නිම වි හමාරය. නිධානය නොලැබිමත් සැබැ නිධානය යනු අයිරින් බව ඉගි කෙරෙන මොහොතේ ඹහු වැලපෙයි.ඹහුගේ  දුකෙන් පිරෙයි.සිතේ පවතින දුකෙන් මිදිමට ඹහු ආත්ම කථනයේ යෙදෙයි.ඹහුගේ මෙම පාපොචිචාරනය පේ‍්‍රක්ෂකයා වෙත යොමු ෙවි.අයිරින් කෙරෙහි වු ආදරය හිතතුල සිර කර ගන්නා විලි සිය දිවි නසා ගැනිෙමි ක‍්‍රියාව  තෝරා ගනුලබයි.
        ලෙස්ට ජේමිස් පිරිස් ගේ නිධානය එක් පුද්ගලයෙකුගේ ගුඪ වු සිතුවිලි පිළිබදව නිර්මාණත්මකව සිනමාවට නගා ඇති බව අවබෝධ කර ගත හැකිය.1941 ඇමෙරිකාෙවි නිර්මාණය වු සිටිසන් කෙන් සිනමා කෘතිය හා සමාන කමක් දක්වයි.සිටිසන් කෙන් හි එන කේන් හා නිධානයේ විලි අෙබිනායක තුල ඇත්තේ නැති වි ගිය යමක් පිළිබදව පසු තැවිමයි.ජර්මන් ප‍්‍රකාශන වාදයේ අදුරු සිනමාව ෙමි කෘති දෙකටම යොදාගෙන ඇත.තනි පුද්ගලයෙකුගේ ඇතුල් හදට එබි බැලිමක් ලෙස මෙම සිනමා කෘති දෙකම පෙන්වා දිය හැකිය.ජර්මන් ප‍්‍රකාශන වාදයේ එන කඵ සුදු බව, සෙවනැලි දැඩි අදුර සහිත ආලෝකය ආදිය මගින් ඇතුලූ හදට නැඹුරු වු ගුප්ත කතාන්දරයක් සංඥාර්ථ කරයි.සිනමා ඉතිහාසය තුල නිෂ්පාදනය කෙරුණු සිනමා කෘති සියල්ලටම වඩා නිධානය ඉදිරියෙන් සිටින්නේ මේ සියුමි වු ගැඹුරු අර්ථ කථනයන් නිසාය. 

Monday, June 19, 2017

මාතලේ කඩඉම් පොතේ ඇතුලත් ඓතිහාසික පුවත්


       
           ත්‍රි සිංහලේ ප්‍රදේශ සිමාවන් විස්තර කරලිම සදහා ලියවි ඇති පොත් කඩඉමි පොත් වේ. සදහා කඩහිමි” කඩ අයුරැ” යන නාමයන්ද යෙදූණු අතර කඩඉමි යන්න බහුල වශයෙන් ව්‍යහාරික වේ.රටක ප්‍රදේශයක සිමාවක් දැක්විමෙ දි කඩින් කඩ, තැනින් තැන පහසුවෙන් හදූනාගත හැකි ස්වභාවික පිහිටි ඇල, දොළ සහ ගස් කොළන්, ගල් පර්වත,කදූ බැවුමි වැනි සිමාවන් හෝ සිමා ලකුණු ලෙස ගිණිමට ලකුණු කරන ලද සංකේත යෙදූ ගල්තලා හෝ අලුතෙන් පිහිටුවන ලද ගල්ටැම්හෝ සම්මුතියෙන් ව්‍යවහාර කෙරෙන ලද සිමා කඩඉම් ලෙස සලකණු ලැබේ.  
             කඩඉමි පොත් අතර පැරණිම පොත ලෙස සැලකිය හැක්කේ ශ්‍රීලංකාද්විපයේ කඩඉමි පොත ගමිපොල යුගයට අයත් බව එහි ඇතුලත් කරැණු භාෂාව ආදි අභ්‍යන්තර සාධක අනුව පිළිගත හැකිය.ත්‍රිසිංහල කඩඉමි පොත, මාතලේ කඩඉමි පොත හා ලක්විදියද වෙනත් කඩඉමි ලක්ෂණ ඇතුලත් පොත් පත්ද යථෝක්ත ශ්‍රී ලංකාවිපයේ කඩඉමි පොතට පසුව රචිත බවට පිළි ගත හැකිය. කෙසේ හෝ මේ සියඵ පොත් කඩඉමිහෝවිත්ති පොත් යනුවෙන් සමහර තැන්වල යොදා තිබේ. දේශ සිමා විස්තර කරලිම කඩඉමි ලෙසත් සෙසු කෘති විත්ති ලෙසත් සලකුණු ලැබේ.
                    එමෙන්ම මාතලේ දිසාවේ කඩඉමි පොතේ ඇතැමි පුස්කොල පිටපත් වල අග දක්නට ලැබෙන මෙසේ රාජසිංහ දෙවියන්ගේ කරැණාපනතිං නියරේපොල අලහකොන් මොහොටිටාල මාතලේ දිසාවේ හතර කඩඉමි ඇතුඵව මාතලේ මහලේකමි මිටිය ලිවිවාය යන පුවතද වැදගත්වේ. කඩඉමි රාජකීය ලේඛන ගණයට අයත් වු බවත් ඒවා මුල් යුගයේ සිට ලේකමි ගෙයි ඇත්තන් විසින් පවත්වාගෙන එන්නට ඇතැයි සිතිය හැකි බවත් පාලනය සදහා අත්‍යවශය ලේඛනයක් හැටියටත් 16 වැනි සියවසේ සිට සලකන ලද ලේකමි මිටිය හාකඩඉමි පොත් එකිනෙකට සමිබන්ධව පැවති බවත් මගින් අනාවරණය වේ. පළාත් හා කඩඉම් පොත් එකිනෙකට සම්බන්ධව පැවති බවත් ඒ මගින් අනාවරණය වේ.ඒ ඒ පළාත් පිළිබදව කඩඉමි පොත් වෙන වෙනම තිබු බවට වැදගත් සාක්ෂිය නමි මාතලේ කඩඉමි පොතයි.1
             ශ්‍රී ලංකාවිපයේ කඩඉමි පොතෙන් පටන් ගත් කඩඉමි ලිවිමේ සමිප්‍රදාය මහනුවර යුගයෙත් පැවති බවට දැක්විය හැකි වැදගත් සාක්ෂයක් ලෙස මාතලේ කඩඉයි පොත පෙන්වා දිය හැකිය. ඇතිපොල දිසාව විසින් ත්‍රිකුණාමලයේ පෘතුශිසි බලකොටුව අල්ලා ගැනිමේ සිද්ධිය මාතලේ කඩඉමි පොතේ සවිස්තරව සදහන් වන අතර වෙන කිසිම ලේබන සදහන් නොවේ. ගොඩපොල විජයපාල රජතුමාගේ නියමය පරිදි ත්‍රිකුණාමල කොටුව අත්පත් කරගැනිම සදහා, සුදානමි විමත් අත්පත් කර ගැනිමත්, වික්‍රමයට ගරැකිරිමක් වශයෙන් මාතලේ දිසාසිමා පුඵල් කොට මාතලේ මහදිසාව පැවැත්විමත් පසුව කොටුව ශක්තිමත් කොට ප්‍රතිසංස්කරණය කිරිමත් මාතලේ කඩඉමි පොත ලිවිමේ අරමුණ වු බව පෙනෙයි.
                    ගොඩපොල විජයපාලරජු සතුරන් ජයගැනිම සදහා යෙදු යුධ සංවිධානය මාතලේ කඩඉමි පොතේ මුලින්ම විස්තර වේ. මුදලිවරැ දිසාවට අපක්ෂපාතිව ක්‍රියා කල නිසා දිසාව තනතුර පෙයියාගල දිසාව, බෙල්ලන්තුඩුව දිසාව, කිරිවවුලේ දිසාව, වඩුවේගෙදර දිසාව, පදිගෙදර දිසාව යන අයට අනුපිළිවලින් පවරා දෙන බව මාතලේ කඩඉමිපොතේ සදහන් වේ. අනතුරැව මොරහැල දිසාව මඩකලපුවේ අවුරැදුරැ 9ක් සටන් සිදු කරද මෙයින් ජයක් අත්පත් නොවිය. ඹහු මේ ධුරයෙන් පහ කල යුතුයයි රාජසිංහ මහා වාසලට දැනුමි දෙයි මුදලිවරැන්ගේ බලය වැඩි විම ඊට හේතු වු නිසා දිසාවට අපක්ෂපාති මුදලිවරැන් සේවයෙන් නෙරපා හේවාකමි කිරිමට අවසර ලැබුණි.ඒ අනුව කිරිඹරැවේරාල,අකුරන්බොඩ රාල, රැසිගමරාල, දඹරාවේරාල,බෝවත්තේරාල යන මුදලිවරැන් සේවයෙන් නෙරපා දමා අතපත්තු මුරපොලේ රාජකාරියේ යෙදි සිටි ඇතිපොල දුග්ගන්නාරාල කැදවා ත්‍රිමංගලා කොටුව ඹහුට ජයගැනිමට හැකිද යන්න විමසන ලදි.ඇතිපොල දුග්ගන්නාරාල පිළිතුරැ දුන් පසු හිදගල පල්ලේ ගමිපහේ මහා අධිකාරමිගෙනුත්, උඩගමිපහේ දාස්කොං අධිකාරන් ගෙනුත් විමසා දිසාව ධුරය ඹහුට පවරන ලදි.2
              1639-04-13  දින ත්‍රිකුණාමල කොටුව අල්ලා ගැනිමට ලන්දේසින් කොට්ටියාරමට ගොඩ බසින අවස්ථාවේ සමන්තුරේ සිටිය සිංහල නිලධාරියකු ඹවුන් හමු වි පසුව පළාතේ දිසාවන්ගේ සහය ඇතිව ත්‍රිකුණාමල කොටුව අල්ලා ගැනිමට පියවර ගත් බව පෝල්. ඊ. පිරිස් පෙන්වා දෙයි. ත්‍රිකුණාමල කොටුව අල්ලා ගැනිමට සහය වු දිසාවගේ නම සෙසු ලේඛනවල සදහන් නොමැති වුවද තැනැත්තා ඇතිපොළ දිසාවේ බව මාතලේ කඩඉමි පොතේ සදහන් වි තිබේ. අනුව කොටුව ඇල්ලිමේ සමිපුර්ණ ගෞරය හිමි වන්නේ ඇතිපොළ දිසාවට කොටුව නැවත ප්‍රතිසංස්කරණය කිරිමේ ඇතිපොල දිසාවේ ඇතුඵ පිරිසක් එකතු විය. අනුව මේ වන විට මහනුර රජකමිකල රාජසිංහ රජු මඩකලපුවේ ගල්ඹයේ නුවර වැඩ සිටි බව මාතලේ කඩඉමි පොතේ සදහන් වේ.එහෙත් මේ පිළිබදව ලන්දේසි ලේඛනවල සදහන් නොවේ. අනුව ත්‍රිකුණාමලයේ බදින ලද කොටුවේ රාජසිංහ රජුගේ බලය පෙන්වන බව මාතලේ කඩඉමි පොතේ මෙසේ කවියෙන් දැක් වේ.
       ඉක්බිති රාජසිංහ දෙවි රාජෝත්තමයාණන් වහන්සේ ආඥ චක්රයෙන් ගල්ටොඹුවේරාළත්, ජයසුන්දර මුදියන්සේත්,නාරංගමුවේ කඵඅඩප් පයාත්  ඹිලන්ද බතාවියට යවා ලන්සියා ගෙන්වා ත්‍රිමංගල කොටුව ඇතුඵ කොටු 18 භාර දි ආරක්ෂාව සලසන ලද බව තවදුරටත් කියා තිබේ       
              ඒ අනුව ඇතිපොල දිසාවේ සදහා සමිමාන පිරිනැමිමට සිදුවිය. මාතලේ දිසාවේ සිමාවන් පුඵල් කර ඇති කරන ලද මාතලේ මහදිසාධුරය පිරිනමන ලදි. මේ මහ දිසාව ඇති කරන ලද්දේ තමන්කඩුව රටෙන් දුමිබර රටෙන්, හාරිස්පත්තුවෙන්,හත්කොරලේ රටෙන් නුවර කලාවියේ රටෙන් අඵතින් කොටස් ගෙන මාතලේ දිසාවන් එකතු කර සිමාව පුඵල් කිරිමෙනි.3 අනුව උපහාරයන් වශයෙන් ඉර, හද, කොඩිය හා කොඩි තුවක්කු පහත් මාතලේ මහ දිසාවට ප්‍රධානය කරන ලදි.4 මාතලේ දිසාවේ සිමා විශාල කොට මාතලේ මහ දිසාව යයි නමි කර ඇතිපොලදිසාවෙට පවරා දෙන ලද්දේ ගොඩ පොල විජයපාල රජු විසිනි. මෙකි ප්‍රදේශ තුල ඹහුගේ පාලන තන්ත්‍රය පැවති බව පෙනෙයි ඇතිපොල දිසාවේ මුලින් පත්කරන ලද්දේ රාජසිංහ රජුවිසිනි. රාජසිංහ රජුත් ඹහුගේ සොහොයුරැ මාතලේ විජයපාල රජුත් භේදවිමට පෙර ත්‍රිකුණාමලය කොටුව අත්පත් කරගෙන සිටි පෘතුගීසි නෙරපා හැරිමත් මේ පුවතෙන් අනාවරණය වේ.                
     ඇතිපොලදිසාව ත්‍රිමංගලා කොටුව ඇරවිමෙන් දැක්වු වික්‍රමය ගොඩපොල විජයපාල රජතුමාට සැලකල විට මාතලේ දිසාවට එවකට අයත්ව තිබු ප්‍රදේශය ප්‍රමාණවත් නොවන බව දැනගත් රජතුමා උතුරැ දිසාවේ සිට පුර්ව දිසාවට රට මොකදැයි කියා විමසිය. ඹහුට ලැබුන පිළිතුර වුයේ වැදිරට යන්නයි. උතුරැ දිසාවේ සිට පුර්ව දිසාවට යන වචන නමි අපට බැසිය හැකි නිගමනය නමි වර්තමාන ලග්ගල ප්‍රදේශය එයින් අදහස් කරන ලද බවය.
                  මාතලේ පදිංචිව සිටි ජනකොටස් ගැන සදහන් කරන මාතලේ කඩඉමි පොතේ වැද්දන්ගෙන් පැවත එන්නොත් යනුවෙන් එක්තරා පිරිසක් හදුන්වා දි ඇත. ඊට පෙර ඹවුන් පදිංචිව සිටි ප්‍රදේශද දක්වා ඇත. වැද්දන්ගෙන් පැවත එන්නෝ යනුවෙන් දැක්වෙන පිරිස් පදිංචිව සිටි ස්ථාන පැහැදිලිව දක්වා තිබේ. එහෙත් වැද්දන්ගෙන් පැවත එන්නෝ යනුවෙන් සදහන් කරන ලද්දේ ඹවුන් සැබවින්ම වැදි පරපුරට අයත් වු නිසාද නැතහොත් දූනු, හි ඇතිව සටන් කල නිසාද? එසේ නැතහොත් දඩයමින් ජිවත් වු නිසාද? යනු පැහැදිලි නැත. මාතලේ වැදගත් ආරක්ෂක ස්ථාන හා සිමා මුර කිරිම වැනි රාජකාරි ඹවුන්ට පැවරි තිබුණි. කහවත්තේ අතපත්තු දිසාවට මාතලේ දිසාව ලැබුණු අවස්ථාවේ දි ඹහු හුලංගමුවේ මහගෙදර හමිපත් වැද්දා ගෙදර ඉඩම කරවා තුත්මාසයක් නතර වු බව කියාතිබේ. ඉඩම කරවිම නමි වාඩි ලැමය මේ වැදිගෙදර දිසාව කෙනෙකුට වාඩි ලැමට සුදුසු තැනක් හැටියට පිලිගැනිමෙන් පෙනි යන්නේ මෙය දඩයමි කරන වැද්දෙකුගේ නිවසක් බවය. වැද්දන් පදිංචිය සිටි නොහොත් මුර කර තැන් කිහිපයක් මාතලේකඩඉම් පොතේ සදහන්වේ. ඒවා නමි හුලංගමුව ,නිකකොටුව ,පළාපත්වල ,දොඹවෙලගම ,වල්ලිවෙල,කවුඩුපැලැල්ල,ගලේවෙල,කන්දපල්ල වේ.
                   ගජබා රජුන් කළ ගෙනෙන ලදැයි කියවෙන සොළින් ලක්දිව විවිධ පළාත්වල පදිංචි විම මුල් කරගෙන ප්‍රදේශ නාම විග්‍රහ කිරිම කඩඉමි පොත් කතුවරැන්ගේ සිරිත විය.  අනුව සොලි රටෙන් ගෙනා පිරිස කොපමණදැයි කඩඉමි පොත් වලත් ඒට සමාන කමක් ඇති කෘති වලත් සදහන් වන්නේ වෙත් අන්දමිනි. පැරකුමි සිරිතේ හා රාජාවලියේ සදහන් වන්නේ ගණනමය. මාතලේ කඩඉමි පොතේ එය විසිහාරදාස් පන්සියක් ලෙස සදහන් වේ. බලංගොඩ පොතේද එය එසේම දැක් වේ. තුන්පනේට තුන්පනහක් (150)යැවිම පිළිබද පුවත මාතලේ කඩඉමි පොතේ මෙන්ම නුවර විස්තරයේද සදහන් වේ. ඌවට යවන සංඛ්‍යාව එකසිය විසිසකැයි යථෝක්ත විස්තරයේ සදහන් වුවද මාතලේ කඩඉමි පොතේ එය 12 දහසක් යයි සදහන් වේ. හේවාහැටේ සොළින් හැට දෙනෙකු හා මුරකාවල් හැට දෙනෙකුපදිංචි කරවන ලදැයි යන පුවත තහවුරැ කරන ලේඛනයක් හමු වි නැතත් එහි හැට දෙදෙනකකු පදිංචි කරවු බව මාතලේ කඩඉමි පොතේ සදහන් වේ.  
       මාතලේ තුන්කෝරලේ පදිංචි කරවන ගණන තුන්සියකුත් මුදලිවරැ තුන්දෙනෙක් බව ඉහතින් සදහන් වුවද? මාතලේ කඩඉමි පොතේ සදහන් වන්නේ මහබල සෙනගක් යැවු බවය. මහතලයක් එනවා ටු නිසා” මාතලේ නමි විය.5 ගජබා රජු සොළි රට ආක්‍රමණය කළේ මාතලේ දොඩන්දෙනියේ සිදධියක් නිසා යැයි මාතලේ කඩඉමි පොතේ සදහන් වේ.6
                 මාතලේ කඩඉමි පොත රචනා කිරිමට පෙර ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබදව ලියන ලද කිසිම වාර්තාවක මෙහි දැක්වෙන පුද්ගලයන් ගැන සදහන් නොවේ. එහෙත් මාතලේ කඩඉමි පොතේ සදහන් වන ශ්‍රී මහා බෝධියට සමිබන්ධ පුද්ගලයන්ගේ නමි ගමි හා දැරැ තනතුරැ මෙසේ දැක්වේ. සෝමදත්ත බ්‍රාහ්මණරාල, ශ්‍රී විෂ්ණු බ්‍රාහ්මණරාල, ශ්‍රී  බ්‍රාහ්මණරාල,සොලංග්රිබ්‍රාහ්මණරාල,කොටුද්යෙ බ්‍රාහ්මණරාල,ශ්‍රී දන්තබ්‍රාහ්මණරාල,අකුරන්බොඩරාල,කොස්වත්තේරාල,වෑදන්ඩේ බ්‍රාහ්මණරාල යන බ්‍රාහ්මණයන් ගැන විස්තරයේ සදහන් වේ. මහාවංශයේ දැක් වෙන්නේ ශ්‍රී මහා බෝධිය රැකිමට ලංකාවට  බ්‍රාහ්මණ කුල 8 පැමිණි බවය මාතලේ කඩඉමි පොතේ සදහන් වේ .මේ අය පිළිවලි න් නාගපටිටලම,අලුවිහාරය,රත්වත්තේ,හුලංගමුව,කොටුවේගෙදර,මොණරැවෙල,අකුරන්බොඩ,කොස්වත්ත,වෑබොඩපොල යන ගමිවල පොරො ත්තුව සිටියහ.රාජ්‍ය ලේඛනාගාරයේ 5-63-63 අංක දරනපුස්කොළ පොතේ ශ්‍රී මහා බෝධින් වහන්සේට පුජාව්ධි පැවෙත්තු පරම් පරාවිස්තර මෙසේ දැක්වේ.
                         “මෙසේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට අභිෂේක පුදනනාවු බෝධිගුතත කුමාරයාට රන්රැවන් නොයෙක් පටපිළි ඇත් ඇස් ගව මහිසාදිය සහ නොයෙක්ගන්වර දෙවා වදාළේය. බෝධිගුපන කුමාරයාට දිවි ඇති තෙක් මහබෝ පෙලහැර කොට සවගීසථ විය. ඹහු පින් මහින්ද කුමාරයෝද බෝධිගුතත කුමාරයා මෙන්ම මහබෝ පෙහැර කොට සව ගීසථ විය. මේ ක්රමයෙන් මහින්ද කුමාරයාගේ පුත් අරිෂ්ට කුමාරයෝද ඹහු පිත් නන්ද කුමාරයෝද ඹහු පිත්කසුප් කුමාරයෝද ඹහු පිත් සංඝමිත්ත කුමාරයෝද  ඹහු පිත් බෝධි රාජ කුමාරයෝද  ඹහු පිත් අනුරදධ කුමාරයෝද යන මොහු මහබෝ පෙලහැර පවත්වමින් තමන් ගේ කුල පරමි පරාවට පැවත ආවාය ඹහුන් ඹනොවුන්ගේ දරැ මුණුපුරන්ගෙන් බෝ වු සෙනග මහත් වුයේය. මෙසේමබෝධිගුතක කුමාරයින්ගේ දරැමුණුපුරන් බෝවෙත් ගන්වල නැවැත්ම විය මේ සෙනග බෝ විමෙන්  ඹහුන් ඹනොවුන්ගේ මයාරාජය රැහුණු රාජයයේ පිහිටි රාජ් යන තුන් රටෙහිම නැවති කුල ප්‍රවේණි මුල් බැස පිහිටියේය අනුරැඪ කුමාරයාගේ පුත්රයෙක් සිය පිරිවර වු අටඨාරස කුලයෙහිවු මෙහෙකරැවන් සමග අනුරාධ පුරයෙන් නික්ම මායාරාජයෙහි කාලග්රාම කලුගමු කඩඉමි කපා කුල ප්රවේනි නවක කොට එහි නැවතුනේය මෙහි පැමිණියේ පළමු වෙනි වටිඨගාමිණි අභය රජ පැමිණි දෙමාස් පසළොස් දවසින්ය බවය 7                           





                    මාතලේ වැදගත් සිද්ධ් නම් ත්‍රිපිටක සංගායනා කොට පොත් පත් වල ලියා තැබීමයි එය අලුවිහාරයේ සිදු වූ බව සදහන් වේ .එහෙත් මාතලේ කඩඉම් පොතේ සදහන් නොවේ. කඩඉමි පොත්වල පරමාර්ථය වුයේ ප්‍රදේශවල සීමා දැක්විම බව පැහැදිලිය එහෙත් එම සිමා විස්තර ඉදිරිපත් කිරිමේදි ලක්දිව ආගමික සිද්ධස්ථාන කිහියක් ගැනද කරැණු ඉදිරිපත් කර ඇත. අනුව මෙහි සදහන් වන ආකාරයට මාතලේ කඩඉමි පොතේ සදහන් වු නමි අදටත් ප්‍රදේශවලට භාවිතා කරන ලද බව කිව හැකිය. ඵෙතිහාසික වශයෙන් මහාවංශයේ නොමැති තොරතුරැ අනාවරණය කර ගැනිමට කඩඉමි පොත් අතර මාතලේ කඩඉමි පොත සුවිශේෂ වේ.8



අනන්ත රාත්‍රීය සිනමා පටය

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන දෙවැනි සිනමා පටය වන්නේ අනන්ත රාත්‍රීයයි. මෙහි අර්ථය නම් අනන්තය යනු කෙළවරක් නමැති අප්‍රමාණය යන අරුතය ගෙන දෙ...